
ගුවන් යානා ධාවනයට පකිස්තානු ගුවන් නියමුවන් ව්‍යාජ බලපත්‍ර බාවිතා කරන බව හෙළිවීමත් සමග ලෝකයේ ගුවන් ගමන් ව්‍යාපාර අංශ කැළඹීමට පත්ව ඇත. මෙම හෙළිදරව්වත් සමග ලෝකයේ බොහෝ රටවල් විසින් තම ගුවන් සේවා ආයතන වල සේවය කරන පකිස්ථානු ගුවන් නියමුවන්ගේ සේවාවන් වහාම අත්හිටුවන ලදි.
පසු ගිය මැයි 22 වන දින පකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපලෙන් පිටත්වූ පකිස්ථානු ජාතික ගුවන් සේවයේ A 320 ගුවන් යානය මගීන් 99 දෙනෙකු සමග කරච්චියේ ජණාකීර්ණ පෙදෙසකදී කඩා වැටුණු අතර දිවි බේරුනේ දෙදනෙකුගේ පමණි. ගුවන් යානය කරච්චිය ආසන්නයේදී අසාමාන්‍ය ලෙස ගැස්සීමට පටන් ගෙන ඇත් අතර නියාමුවා දැනුම් දී මගීන්ට දැනුම් දී ඇත්තේ “ගොඩ බැස්සීම රළු” විය හැකි බවය. පසුව එය වැඩි වී ඇති අතර ගොඩ බැස්සීමට සූදානම් වන අතර කඩා වැටී ඇත. පසුව සොයා ගත් කළු පෙට්ටියෙන් හෙළි වූ තොරතුරු වලට අනුව පලවන වටයෙන් ගුවන් යානය ගුවන් තොටුපලවෙත බැස්සවීමට ගුවන් නියමුවා අසමත් වී ඇති අතර දෙවන වර සූදානම් වීමේදි එය කඩා වැටුණු බවත්ය. වැඩිදුර පරීක්ෂණවලදී හෙළිදරව් වූවේ ගුවන් නියමුවාගේ බලපත්‍රය ව්‍යාජ එකක් බවය.
පකිස්තානය රජය පසුගිය අඟහරුවාදා කියා සිටියේ “සැක සහිත” වාණිජ නියමු බලපත්‍ර පිළිබඳ අඛණ්ඩ පරීක්ෂණයක් මගින් දැනට ජාතික ගුවන් සේවය සඳහා සේවය කරන ගුවන් නියමුවන් 28 දෙනෙකු සේවයෙන් පහ කළ බවයි.
පාකිස්තාන අභ්‍යන්තර ගුවන් සේවය (PIA) සහ දේශීය මෙන්ම විදේශීය, වාණිජ සමාගම් සමඟ වැඩ කරන රටේ ක්‍රියාකාරී ගුවන් නියමුවන් 860 දෙනාගෙන් 262 දෙනෙකු එනම් %30ක් නුසුදුසු ලෙස බලපත්‍ර ලබාගෙන ඇති බවට සති දෙකකට පමණ පෙර රජය විසින් කරන ලද හෙළිදරව් කිරීම්වලින් පසුව මෙම පියවර ගෙන තිබේ.
ඉතිරි ගුවන් නියමුවන්ට එරෙහිව “විනය” සහ “අපරාධ” ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවෙමින් පවතී.
“ව්‍යාජ බලපත්‍ර යනු හුදෙක් පකිස්ථානු ජාතික ගුවන් සේවයේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත පාකිස්තාන ගුවන් සේවා කර්මාන්තය පුරා පැතිරී ඇති ගැටළුවක් බව ප්‍රකාශ වේ.
ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පීඅයිඒ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නිලධාරීන්ට එරෙහිව ද රජය විසින් නීතිමය පියවර ගෙන ඇත. පකිස්ථානු විමර්ශනවල ප්‍රථිපල සහ ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර හා දේශීය පාර්ශවකරුවන්ට දැනුම් දී ඇත.
“සැක සහිත” පකිස්ථාන ගුවන් නියමු බලපත්‍ර පිළිබඳව ජාත්‍යණ්තර ගුවන් සේවා ආරක්ෂණ සමාගම් හදිසි පියවරයන් ගත් අතර යුරෝපීය සංගමයෙන් පකිස්ථාණු ගුවන් නියමුවන් තහනම් කර ඇත
පසුගිය සතියේ යුරෝපීය සංගමයේ ගුවන් සේවා සුරක්ෂිතතා ඒජන්සිය (EASA) නිවේදනය කළේ ඉදිරි මාස හය සඳහා PIA යුරෝපයේ බොහෝ ප්‍රදේශවලට පියාසර කිරීම තහනම් කරන බවයි. “පකිස්ථාන නියමු බලපත්‍රවල වලංගු භාවය සහ මෙහෙයුම් රාජ්‍යය ලෙස පාකිස්තානයට දැනට එහි මෙහෙයුම්කරුවන් සහ ගුවන් යානා අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහතික කිරීමට හා අධීක්ෂණය කිරීමට හැකියාවක් නැත” යන කරුණු එහි සඳහන් කර ඇත.
පාකිස්තාන ගුවන් නියමුවන් සේවයේ යොදවා ඇති මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල් ද ව්‍යාජ බලපත්‍ර සම්බන්ධව ගුවන් නියමුවන්ට කරුණු ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, විචාරකයින් ඛාන්ගේ රජයට ප්‍රශංසා කර ඇති අතර, පෙර නොවූ විරූ පියවරක් ලෙස වසර ගණනාවක් තිස්සේ සිදු වූ දූෂණ, ඥාති සංග්‍රහය සහ දේශපාලන මැදිහත්වීම් අවසන් කිරීම සඳහා සීඒඒ සහ පීඅයිඒ හි පීඩා විඳිමින් දිගුකාලීනව ප්‍රතිසංස්කරණ සිදුකිරීමට මග පෑදූ බව කියැවේ.
රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙක වන පාකිස්තාන මහජන පක්ෂය සහ පාකිස්තාන මුස්ලිම් ලීග්-එන් පිළිවෙලින් බලයේ සිටියදී 2010 සහ 2018 අතර කාලය තුළ සියලු “සැක සහිත බලපත්‍ර” නිකුත් කළ බව ෆරාස් පැවසීය.
“ඔවුන් එසේ කිරීම සඳහා පද්ධතිය දූෂිත කර ඇති බව පැහැදිලිය,” ෆරාස් පැවසීය.
මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන කොටසක් වන පක්ෂ දෙකම චෝදනා ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට රජය මෙම ප්රශ්නය වැරදි ලෙස හසුරුවා ගැනීම සහ දැනටමත් අර්බුදයෙන් පීඩා විඳි පීඅයිඒ යටපත් කිරීම පිළිබඳව රජය විවේචනය කර තිබේ.
ඛාන් සිය ක්‍රියාකලාපය ආරක්ෂා කරමින් කියා සිටියේ ගුවන් සේවය සහ පාකිස්තානය යන දෙකම විශාල ජාත්‍යන්තර අපහසුතාවලින් ගලවා ගැනීම සඳහා තොරතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස තම කැබිනට් සාමාජිකයින් පවා තමන්ට බලපෑම් කර ඇති බවයි.
“ව්‍යාජ බලපත්‍ර සහිත ගුවන් නියමුවන් පකිස්ථානු ගුවන් සේවය තුල සිටින බව දැන දැන, ඒ පිළිබඳ මා ක්‍රියා නොකර සිට බොහෝ දෙනෙක් ගුවන් අනතුරකින් මිය ගියහොත්, පැහැදිලිවම ඔවුන්ගේ ලේ මගේ අතේ පවතිනු ඇත්තේ මා පකිස්ථානයේ අගමැති නිසා” යැයි ඉම්රාන් ඛාන් පවසයි.
ඡායාරූපය / ඒතන් මැක්ආතර්
– අනුරුද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply