
ජූලි සහ අගෝස්තු මාසයන් බ්‍රිතාන්‍යයේ ගොල්ෆ් ක්‍රීඩාවේ වසන්ත සමයයි. ගොල්ෆ් ක්‍රීඩා ලෝලීන් තම ගිමිහාන නිවාඩුවෙන් කොටසක් සුප්‍රකට ගොල්ෆ් පිට්ටනි ආශ්රිත නගරවල නවාතැන් කල්තියා වෙන්කර ගනිති. විශේෂයෙන්ම ඔවුන් ඉලක්ක කරන්නේ බ්‍රිතාන්‍යයේ පවත්වන ඉහළම ගොල්ෆ් තරඟ දෙක වන වාර්ශික “British Masters” සහ “Europian Golf Tornament” .
ශ්‍රී ලංකාවෙන් පැමිණි පසු පසු ගිය වසර පහ පුරා මා අඛණ්ඩව මෙම තරඟාවලි දෙක ඡායාරූප ගත කළෙමි. එම කාලය පුරා බොහෝවිට මා බාවිතා කලේ කැනන් කැමරාවන්ය. සිග්මා මිමී 24-70 එෆ් 2.8 සිග්මා කාචයක් සහ සිග්මා මිමී 150-600 එෆ් 5-6.3 කාචයක්ය මා එයට යොදාගත්තේ මධ්‍යම ප්‍රමාණයේ කාවය තරඟාවලියේ නිල උත්සව සඳහාත් දෙවන කාචය තණපිටියේදී ඡායාරූප ගැනීමට අවශ්‍ය ක්ෂේත්රදූරයත් ලබාදෙන බැවිනි.
එහෙත් මෙවර තරඟාවලිය සඳහා මා වෙනත් කැමරාවක් යොදා ගැනීම පිළිඳව විමර්ශණයක යෙදුනෙමි. එයට හේතුවූ ප්‍රධාන කාරනා දෙකක් මා ඉදිරියේ විය.
පලවන එක මගේ සේවාදායකයා මෙවර නිශ්චල ඡායාරූප මෙන්ම වැඩිපුර වීඩියෝ ගත කිරීම් ඉල්ලා සිටීමය. දෙවැන්න මා සතු කැනන් කැමරාවලින් වීඩියෝ ගත කරමින් නිශ්චල චායාරූප ගැනීමේදී දර්පණ තලය විසින් දර්ශණ පථය සම්පූර්ණයෙන් වසනු ලබන හෙයින් ඒ මොහොතෙදි රූපගත වන්නේ අන්ධකාරය තුල වීමට මා අකමැති වීමය.
ඉහත කාරණා දෙක විසින් මාව වඩා සුදුසු තොරා ගැනීමක් පිළිබඳ සොයා බැලීමට යොමු කලේය. මගේ විමර්ෂණය ප්‍රධාන සාධක තුනක් ඔස්සේ පටු කෙරුවෙමි.
එනම්,
- නව කැමරා උපකරණ සඳහා මට වැය කල හැකි උපරිම පිරිවැය £ 1,500.00 යි
- කැමරාව සහ කාචය සැහැල්ලු සහ සංක්ෂිප්ත වීමත් අවම වශයෙන් මිමී 24 ක පුළුල් ක්ෂේත්‍ර දූරයක සිට මිමී 600 දක්වා වූ ක්ෂේත්‍ර දූරය දක්වා පරාසක් තුල එකම කාචයක් තුල වැඩ කිරීමේ හැකියාව.
- වීඩියෝ පටිගත කිරීම අතර තුර අපහසුතාවයකින් තොරව නිශ්චල ඡායාරූප ගැනීමේ හැකියාව.
ඉහත සඳහන් අවශ්‍යතා සහ සීමාවන්ට අනුකූලව කරන කැමරා වර්ග ගණනාවක් අතර කරන ලද විමර්ශණයේ අවසාන නිගමණය වූවේ බ්‍රිජ් කැමරාවක් වන සෝනි RX10 IV විය. එය R10 පරම්පරාවේ හතරවැන්න වන මුත් RX 10 II හි ආදේශකයක් නොවන මුත් RX 10 III ට බොහෝ දුරට ආසන්නය. එකිනෙකට වෙනස් පැහැදිලි වෙනස්කම් සහිත මෙම මාදිළි දෙකම කැමර වෙළඳ පොලේදී ඔබට හමුවෙනු ඇති අතර තෝරා ගැනීම ඔබ සතුය.

අනෙක් RX10 මාදිලි මෙන් අඟල් 1 ක සංවේදකයක් මෙහි අන්තර්ගත වන නමුත් මට වඩාත්ම සිත්ගන්නා කරුණ වන්නේ 25x ඔප්ටිකල් සූම් එකක් එකතු කිරීමයි, එය මට මිලිමීටර් 24-600 ට සමාන අගයක් ලබා දෙයි. RX10 II හි 8.3x විශාලනය (24-200mm සමාන) සමඟ සංසන්දනය කළ විට ගොල්ෆ් තණ පිටිය සඳහා වූ මගේ අවශ්‍යතාවයට එය හොඳ විකල්පයකි.
එහෙත් අවසාන තෝරා ගැනීමට මා විසින් අවධානය යොමුකල යුතු වැදගත් කරුණක් විය එනම් මිමී.24 සිට මිමී. 600 දක්වා සූම් කිරීමේ පරාසය මෙගා පික්සල් 20.1 ක් රූපය මත ඇති කරන බලපෑමයි. අපේ සාමාන්‍ය දැනුමට අනුවනම් ඩිජිටල් සූම් කිරීම අනුව ඡායාරූපයේ පික්සෙල් මතුවීමත් එය ඡායාරූපයේ ගුණාත්මන ස්වරූපයට බලපාන බවත්ය. එහෙත් එය තීරණය වන්නේ ඡායාරූප ශිල්පියාගේ අවශ්‍යතාවයට සාපේක්ෂවය. උදාහරණයක් ලෙස ගත හොත් මගේ සේවාදායකයා. ඔහුගේ අවශ්‍යතාවයන් නම් ගොල්ෆ් තරඟාවළියේ වෙළඳ අනුග්‍රාහක ආයතනය වෙනුවෙන් තරඟාලියේ අවස්ථා ඇතුලත් පොතක් නිකුත් කිරීම සහ ඉන්දියානු ගොල්ෆ් සඟරාවකට ඡායාරූප සැපයීම සහ අනුග්‍රාහක ආයතනයේ හිමිකරුට ඡායාරූප ඇල්බමයක් සකස් කිරීම වේ. ඔහුගේ මෙම අවශ්‍යතා අතර විශාල ප්‍රමාණයේ වෙළඳ දැන්වීම් පුවරු අයත් නොවේ. එසේම අප අතර ගිවිසුමට එය අතුලත්ද නොවේ. ඒ අනුව විශාල ප්‍රමාණයේ මුද්‍රණයන් මගේ අවධානයට අයත් නොවේ. එසේනම් මා විසින් සොයා බැලිය යුතුව තිබුනේ මගේ අනෙකුත් අවශ්‍යතාවයන්හි ගුණාත්මක බවට හානියක් කැමරාවේ සූම් කිරීමේ පරාසය හේතුවේද යන්න පමනි. එහෙත් මෙගා පික්සල් 20.1 සිට මිමී. 600 දුරස්ථ අන්තයේ ඡායාරූපය මගේ අවශ්‍යතාවය අඩුවක් නැතිව ඉටු කරන්න පුළුවන් තාක්ෂණයක් කැමරාව තුල අණ්තර්ගතව ඇත.
RX10 IV හි කාච විශාලනය නැතහොත් සූම් කිරීම විනෝදජනක ය. කාචය සම්පූර්ණ විශාලන පරාසය හරහා ගමන් කිරීමට තත්පර තුනක් සහ හතරක් ගත වේ. මා විමර්ශණය කල අනෙක් ඒ මට්ටමේ කැමරා වන පැනසොනික් FZ1000, සහ Canon G3 X යන දෙකටම වඩා එම කාචය සූම් කිරීම සඳහා කාලයක් ගත වේ. ගොල්ෆ් වැනි මන්දගාමී ක්‍රිඩාවකදී මටඑය ගැටළුවක් නොවීය.
කාචය කැමරාව වේගය තරමක් මන්දගාමී කරන නමුත් භාවිතයේ දී එය ඔබේ විෂයයට ඇති දුර ප්‍රමාණය නොසලකා සූම් වන පරාසය පුරා රූපවල ඉතා යහපත් තියණු බවක් තබා ගනී. RX10 III පෙර පැමිණි RX 10 II පරීක්ෂාකල මෙම වර්ගයේ කැමරා කාච වලින් මෙතරම් තියුණු ඡායාරූප ගත හැකියයි මම නොසිතුවෙමි.
RX 10 IV හි කාචයට වැයවන අමතර විදුලි පුමාණය හා බැටරි ආයු කාලය යන දෙකෙහිම සුළු වැඩිවීම RX10 III ට සමාන වේ. පැරණි, අඩු වියදම් පැනසොනික් FZ1000 බැටරිවල නොතිබූ ආයු කාලය සහ කාලගුණ මුද්‍රා තැබීම වැනි අංශ කීපයකින් වැඩි දියුණු කරන ලද මෙය ඔබට මිමී 600 පරාසය පමනක් නොව මෙය බොහෝ අංශවලින් ප්‍රායෝගික කැමරාවකි.
බ්ලේඩ් 9ක කාච ද්වාරයක් සහිත සෝනි ආර්එක්ස් 10 IV තුල මීට පෙර ඒවායේ තිබූ පරිදි එන්ඩී ෆිල්ටරයක් නොමැත. එය නොතකා හැරියහොත්, RX10 IV විසින් RX10 IV එවැනි ප්‍රබල කැමරාවක් බවට පත් කළ සියල්ල ඉදිරිපත් කරයි. සංවේදකය විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දෙයි, 4K සහ ඉහළ රාමු අනුපාත වීඩියෝව සවිස්තරාත්මක හා හොඳ තත්ත්වයේ ඇති අතර කැමරාවේ බාහිර ව්‍යූහය කාළගුණයට ඔරොත්තු දේ.
සෑම විටම ක්‍රීඩා ඡායාරූප නොගන්නෙක්නම් නම්, RX10 IV පවුලේ නිවාඩුවට ගෙන යා හැකි කැමරාවක් මෙන්ම ආරක්ෂිත දුරක සිට චායාරූප සහ වීඩියෝ ගත කිරීමේ යෙදෙන මාධ්‍යවේදියෙකුට ඉතාමත් හොඳ කැමරාවක් බව මගේ විශ්වාසයයි.
එය වෙළඳපොලේ වඩාත්ම මිල අධිකම බ්‍රිජ් කැමරාව වන අතර එය බ්‍රිතාන්‍ය වෙළඳපලේ £1,598 කට පමණ ලබා ගත හැකිය. එය අති විශාල මුදලක් අවිවාදයි, එහෙත් එය වෟත්තීය මට්ටමේ DSLR කැමරාවක සහ ඒ සඳහා වන මිමී 600 අන්තයක් සහිත කාචයක මිල ගණන් තරම් නොවන බව ඔබ මා සමග එකඟ වනු ඇත.
නව මාදිලිය සඳහා සෝනි එකම පෙනුම හා හැඟීම පවත්වා ගෙන ගියද, කාචයේ අතිරේක නාභීය දිග නිසා එය මධ්‍යම ප්‍රමාණයේ ඩීඑස්එල්ආර් කැමරාවක හැඩයට සමාන හැඩයක් හා ප්‍රමාණයක් ගන්නා අතර ඔබට කුඩා බෑගයක තබා අමතක කළ හැකි දෙයක් නොවේ.
ඩීඑස්එල්ආර් කමරා කට්ටලයට විශාල බෑගයක් අවශ්‍ය වේ (අවම වශයෙන්), එබැවින් එය තවමත් එවැනි දෙයකට වඩා සංචාරක හිතකාමී ය. සමහරුන් විශාල චන්කී මෝස්තරයකින් ආකර්ෂණය වනු ඇත, මන්ද එය “නිසි කැමරාවක්” පිළිබඳ හැඟීමක් ලබා දෙයි. ග්‍රහණය රඳවා තබා ගැනීමට ඉතා පහසු වේ.
RX10 IV කැමරා භාවිතා කරන ආකාරය අභිරුචිකරණය කිරීමට කැමති අයට සිහිනයකි. ඔබට වැඩ කිරීමට අවශ්‍ය ආකාරය මත පදනම්ව විවිධ කාර්යයන් පැවරිය හැකි බොත්තම් සමූහයක් ඇත. තිරයේ පිටුපස ඇති තමන්ගේම බොත්තමක් හරහා ප්රවේශිත මෙනුව සඳහා වුවත්, මෙනුව මාරු කර නැවත සකස් කළ හැකිය. එමඟින් ඔබ කුමන කාර්යයන් ඉවත් කිරීමට (හෝ එකතු කිරීමට) විකල්පයක් ලබා දේ. මෙන්.
සාම්ප්‍රදායික ඡායාරූප ශිල්පීන්ට කාචය ආකර්ෂණය කරනු ඇත, විවිධ සැකසුම් පාලනය කිරීම සඳහා එය වටා වළලු තුනක් ඇත. කාචය විශාලනය කිරීමට සහ පිටතට විශාලනය කිරීමට ඔබට භාවිතා කළ හැකි විවරයක්ද, නාභිගත කිරීමේ වළල්ලක් සහ මුද්දක් ඇත, නමුත් ඔබ කැමති නම්, ඔබට විශාලනය සක්‍රිය කිරීම සඳහා ෂටර් මුදා හැරීමේ බොත්තම වටා ඇති ස්විචයක් භාවිතා කළ හැකිය. ඔබ එය සකසන විට විවරය මුද්ද ක්ලික් කරයි. එය සාම්ප්‍රදායික ඡායාරූප ශිල්පීන් විසින් භුක්ති විඳිය හැකි දෙයක් වන නමුත් වීඩියෝ පටිගත කිරීමේදී එය නිහඬ ව සිටිය යුතු නම් එය ක්‍රියා විරහිත කළ හැකිය.
RX10 IV සඳහා අන්තර්ජාලය තුල ඇති අනෙකුන්ගේ විවේචන සහ විමර්ශණ මම සොයා බැලුවෙමි. එහි කාචයේ නාභි දුර පිළිබඳ හා කාච විවරයේ පරාසය පිළිබඳ හෝ කැමරාවේ සංවේදකය පිළිබඳ සුබදායී ප්‍රතිචාර මිස අසුබවාදී ප්‍රතිචාර මට සොයා ගත නොහැකි විය. එහෙත් අවාසනාවකට ස්වයං නාභිගත කිරීම පිළිබඳ සතුටු විය හැකි සුබවාදී ප්‍රතිචාර ප්රමිණවත් තරම් නොමැත.
කාචයේ දිගු දුර අන්තයේදී අඩු ආලෝක තත්වය යටතේ ස්වයං නාභිගත කිරීම පිළිබඳ ගැටළු සහ ස්වයංනාභිගත කිරීම වඩා වේගවත් නොවන වස්තුවක් සමග සමගාමී වන නමුත් වේගවත් වස්තුවක් සමග ස්වයං නාභිගතවීම සමපාත නොවීම පිළිබඳ ගැටළු සෝනි RX10 IV බාවිතා කරන්නන් කීපදෙනෙකු වාර්තා කර තිබුණි.
“එය ඉතා හොඳ සංවේදකයක් ඇති අතර සෑම වාර්තාවකින්ම විශිෂ්ට කාචයක් ඇත. නමුත් අඛණ්ඩ AF ක්‍රියාකාරිත්වය සහ කාර්යක්ෂමව අවුල් සහගත පාලක පිරිසැලසුම නිසා පරිශීලක අත්දැකීම් හීන වී යයි.”
“ආර්එක්ස් 10 IVහි ඇති ස්වයංක්‍රීය කේන්ද්‍රීය පද්ධතිය නාභිගත වන ස්ථාන 25 ක් සහිත වෙනසකි. එහි ක්‍රියාකාරිත්වය පුළුල් කෝණයකින් හා කෙටි නාභීය දුරකින් ඉතා හොඳය, නමුත් ඔබ ටෙලිෆොටෝ පරාසය කරා ළඟා වන විට එය තරමක් අපහසුතාවයන්ට මුහුණදෙන බව පෙනෙන්නට ඇත.
තනි ලක්ෂ්‍යයක් මක ස්වයං නාභිගත වීම ගැටළු සහගත නොවන අතර අඛණ්ඩ AF තරමක් මිශ්‍ර ප්‍රතිපල ලබා දෙයි. ගැටළුව පවතින්නේ ප්‍රතිවිරුද්ධ අනාවරණ ඔටෝෆොකස් තුළ වන අතර, ඒ වෙනුවට අදියර හඳුනාගැනීම තෝරා ගැනීමට සෝනි තීරණය කළහොත් එය වෙනස් කතාවකි. එබැවින් RX10 IV ක්‍රීඩාව ඡායාරූපකරණයට හෝ වේගවත් වස්තූන් ඡායාරූප ගත කිරීමට නොගැලපෙන බව නම් නොකියාම බැරිය. නමුත් වනජීවී ඡායාරූප සඳහා එය වඩාත් ගැලපෙන බව මගේ අදහසයි.
අවසාන වශයෙන් සෝනි RX 10 IV හොඳ පැත්ත සහ නරක පැත්ත මගේ අවබෝධයේ හැටියට මෙසේය.
හොඳ පැත්ත
- මිමී. 24-600 F2.4-4 නව සූම් කාචය දෘෂ්‍යමය වශයෙන් විශිෂ්ටය.
- අඟල් එකක ස්ටක් වර්ගයේ සංවේදකය විශිෂ්ට ගතික පරාසයකින් සහ අයි.එස්.ඕ පරාසයකින් යුක්තයි.
- වීඩියො විශේෂංග කට්ටලය විශිෂටයි.
- Tweaked ergonomics මගින් වඩා සුවපහසු ග්‍රහණයක් සහ වඩා හොඳ තෝරාගැනීම් ලබාදෙයි.
- 4K / 30ක ඉහළ රූප රාමු අනුපාතයක් සහිත වීඩියෝ ග්‍රහණ ක්‍රම පුළුල් විස්තරාතමක සහ ප්‍රබල වේ, විශේෂයෙන්ම 1080 රාමු.
- පිටස්තර හෙඩ්ෆෝන් සහ මයික්‍රොෆෝන් සඳහා පහසුකම්.
- වැඩි දියුණු කල බැටරි ආයු කාලය.
- විශ්ෂ්ට විද්‍යුත් දර්පණ තිරය.
- බාහිර කාළගුණයට ඔරොත්තුදෙන කැමරාවේ බාහිර ව්‍යූහය.
නරක පැත්ත.
- නව කාචය ND පෙරණය රහිතය
- කාච ගණනාවක් ස්ථානගත කිරීමට සඳහා යන කැමරාව ගත කරන කාලය.
- ස්වයංනාභගත කිරීම මංදගාමී.
- මෙනු සඳහා නව පද්ධතියක් අවශ්‍යය.
- මිළ අධිකය
.- අනුරුද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply