
සෞඛ්‍ය සේවයේ වෟතිකයන් සහ ඔවුන්ගේ පවුලවල උදවිය සඳහා එක්සත් රාජධාණියේ සෞඛ්‍ය සේවයේ සේවය කිරීම සඳහා වීස ලබාදීමේ වේගවත් ක්‍රම වේදයක් සකස් කරන බව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
වැඩි දුරටත් සඳහන් කරමින් “සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ට වීසා ගාස්තු අඩු කිරීම සහ සංක්‍රමණ සෞඛ්‍ය අධිභාරය ගෙවීමට සිදු නොවනු ඇත” යනුවෙන් ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය සහ සාත්තු වීසා බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි මාස කිහිපය තුල ආරම්භ වෙන අතර ඒ අනුව එම අංශවල වෟතිකයන්ට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කිරීමට යාම සඳහා නව වේගවත් වීසා නිකුත් කිරීමේ මාර්ගයක් නිර්මාණය වනු ඇත.
එළඹෙන අධ්‍යයන වර්ෂයේදී අධ්‍යයන කටයුතු සඳහා අයදුම් කිරීමට එක්සත් රාජධානිය සිසුන් උනන්දු කරවන අතර සංචාරක ක්‍රියා පටිපාටිය තවමත් අවිනිශ්චිතය.
“ඉදිරි වසර සඳහා ශ්‍රී ලංකාවේ සිසුන් පිළිගැනීමට අපේ විශ්ව විද්‍යාල බොහෝ සෙයින් බලාපොරොත්තු වෙනවා” යැයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පැවසීය.
“සෑම සිසුවෙක්ම එක්සත් රාජධානියේ ඉගෙනුම් පරිසරයට තමන්ගේම ආකාරයෙන් දායක විය හැක. මෙම සංස්කෘතික හුවමාරුව ජීවිත කාලය පුරාම මිත්‍රත්වයන් ගොඩනඟා ගන්නා අතර අනාගත පෞද්ගලික හා වෘත්තීය සාර්ථකත්වයට අඩිතාලම දමයි.
වීසා රෙගුලාසි, ඉගෙනුම් ආකෘති සහ සිසුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් නව අධ්‍යයන වර්ෂය සඳහා එක්සත් රාජධානියට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට නම්‍යශීලී බව සහතික කිරීම සඳහා විශ්ව විද්‍යාල සමඟ සමීපව කටයුතු කරන බව එක්සත් රාජධානිය පවසයි.
“අධ්‍යයන වර්ෂය ආරම්භයේදී සිසුන්ට එක්සත් රාජධානියට යාමට නොහැකි අවස්ථාවන් ඇතුළුව හැකි අවස්ථාවන්හිද විශ්ව විද්‍යාලවල සිසුන්ට නම්‍යශීලී වනු ඇත.
2020/21 පාඨමාලා සඳහා තමන් තොරාගත් විශ්ව විද්‍යල වලින් තමන්ගේ විෂයන් පිළිබඳ විමසීම් කිරීමට සිසුන්ව උනන්දු කෙරේ.
Leave a Reply