
ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාව 1991 මැයි 29 වන දින ඝාතනය කල බවට වැරදිකාරිණිය වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින නලිනී ශ්‍රී හාරන් ඊයේ රාත්‍රියේ තවත් සිරකාරිණියකට හිංසා කිරීමේ චෝදනා ලැබූ පසු සිරගෙදරදී සියදිවි නසාගන්නා බවට තර්ජනය කළ බව තමිල්නාඩුවෙන් වාර්තාවේ.
“එය සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමකට වඩා බ්ලැක්මේල් හෝ තර්ජනයක් වැනි ය.” යනුවෙන් තමිල්නාඩු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සුනිල් කුමාර් සිං පවසයි. වෙල්ලෝරයේ කාන්තා සිරගෙදරක තබා ඇති 55 හැවිරිදි නලිනී දශක තුනකට ආසන්න කාලයක් සිරගතව සිටී.
තවත් රැඳිවියකට හිංසා කිරීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් බන්ධනාගාරය නිළධාරීන් විසින් විමර්ශනය කරන අතර දී තමන් සිය දිවි නසා ගන්නා බවට නලිනී ඔවුන්ට තර්ජණය කර තිබේ. තවත් ජීවිතාන්තය දක්වා සිරගෙදර සිටින සිරකාරිණියක්, නලිනී තමන්ට හිරිහැර කරන නිසා වෙනත් සිරකුටියකට යාමට අවශ්‍ය බව නිළධාරීන්ට දැනුම් දී ඇත. එම කාන්තාව වෙනත් කුටියකට මාරු කළහොත් තමන් සියදිවි නසා ගන්නා බවට නලිනී ඔවුනට තර්ජණය කර ඇත.

නමුත් නලිනීගේ නීතිඥ පී පුගලෙන්ති කියා සිටින්නේ බන්ධනාගාර නිලධාරියෙකු සමඟ ඇති වූ ගැටුමකින් පසු ඇය සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බවයි. බන්ධනාගාර නිලධාරීන් විසින් වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා කරමින් නීතීඥයා තමිල්නාඩු රජයෙන් ඉල්ලා සිටින්නේ නලිනීව වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට කටයුතු කරන ලෙසයි. නලිනීට එරෙහිව තවත් වැරදිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත ආරවුල ආරම්භ වූ බව ඇය තමාට පැවසූ බව නීතිඥයා ප්‍රකාශ කලේය. “රාත්‍රී 8: 30 ට සිරගෙදර මුරකරුවන් නලිනීගේ සිරකුටියට ගොස් පැමිණිල්ල ගැන පරීක්ෂා කර ඇත. පරීක්ෂණය අතරතුර මුරකරුවන් සහ නලිනී අතර ආරවුලක් ඇති වී එයින් කලබලයට පත් ඇය සියදිවි නසා ගැනීමට තැත් කළාය, යි මට දැන ගැනීමට ලැබුනා” නීතිඥ පුගලෙන්තිගේ පැවසීය.
“එහෙත් මෙය බලධාරීන්ගේ මතයයි. කෙසේ වෙතත්, අපි මෙය විශ්වාස නොකරමු. ඇය පසුගිය වසර 30 ක කාලය පුරා කිසි විටෙකත් එවැනි පියවර ගැනීමට උත්සාහ කළේ නැත. මෙය විශ්වාස කළ නොහැකිය. බන්ධනාගාර නිලධාරීන් ඇයට වධ හිංසා පමුණුවා ඇතැයි මම සිතමි” යි පවසන ඇගේ නීතිඥයා බළධාරීන්ගෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලයි. නලිනීගේ ජීවිතය අනතුරේ පවතින බව පවසන ඔහු කියා සිටින්නේ ඇයව චෙන්නායි බන්ධනාගාරයකට මාරු කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ගෙන් සහ මහ ඇමති ඊ පලනිසාමිගෙන් ඉල්ලා ඇති බවයි.
1991 දී තමිල්නාඩුවේ ශ්රීපෙරම්බුදූර් හි පැවති මැතිවරණ රැලියක් අතරතුරදී තමිල් ඊලම් විමුක්ති කොටින්ගේ (එල්ටීටීඊ) මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලිනීට මරණ දඬුවම නියම විය. රජීව් ගාන්ධිගේ බිරිඳ සෝනියා ගාන්ධිගේ මැදිහත්වීම මත ඇගේ දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් දක්වා අඩු කරන ලදී. වසර ගණනාවකට පසු ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩුවේ තවත් වැරදිකරුවන් හය දෙනෙකුට දඬුවම් නියම කළේය.
පසුගිය වසරේදී නලිනීට තම දියණිය හරිත්රාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් මාසයක් සඳහා පේරෝල් ප්රදානය කරන ලදී. ඇගේ දියණිය එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාව හදාරයි. එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සිටින තම පවුලේ අයට වට්ස්ඇප් ඇමතුම් ලබා ගැනීමට අවසර දෙන ලෙස නාලිනී මෑතකදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නමුත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට කියා සිටියේ වැරදිකරුවන් සඳහා විදේශීය ඇමතුම් සඳහා අවසර නොමැති බවත් එය තීරණය කළ හැක්කේ අදාල රැඳවුම් මධ්‍යස්ථානයට පමණක් බවත්ය.
Leave a Reply