
තිලික්සන් තර්මපාලන් සහ අශ්වින් ගීර්තන් නම් තරුණ ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණයන් දෙදෙනා ලබා ගත් ඡායාරූප තරග ජයග්‍රහණ බ්‍රිතාන්‍ය පුවත් පත් වල පුවත් වල අවධානය යොමු වී ඇත. බ්‍රිතාන්‍ය රාජකීය ජීව විද්‍යා සංගමයේ වාර්ශික ඡායාරූප තරඟයෙන් “තරඟයේ තේමාව ආමන්ත්‍රණය කරන” ඡායාරූපය ලෙස තර්මපාලන් ගේ “අපේ වෙනස් වන ලෝකය” මැයෙන් වූ ඡායාරූපයට හිමිවිය. අම්පාර ප්‍රදේශයේ කුණු දැමීම තහනම් කර ඇති ආරක්ශිත වන ජීවී භූමි ප්‍රදේශයක කුණු කන්දක කෑම සොයමින් සිටින අලි රංචුවගේ මෙම කම්පා සහගත ඡායාරූපය සඳහා තර්මපාලන්ට පවුම් 1000 මුදල් ත්‍යාගයක් හිමි විය.
මෙම තරගයේ වසරේ තරුණ ඡායාරූප ශිල්පියා ලෙස ගීර්තන් තෝරා ගනු ලැබූ අතර එම ඡායාරූපය මාළු බාන්නන් විසින් අතහැර දැමූ රිටි මත සිටින දියකාවුන් රංචුවක් දැක්වේ.

Leave a Reply