
සාර්ථක ලෙස කොවිඩ් 19 ට මුහුණ දුන් ශ්‍රී ලංකාව අගෝස්තු පලවන දා සිට විදේශ සංචාරකයන් පිළිගැනීමට සූදානම් වේ. බරපතල ආර්ථික අර්බුධයක ගිලී සිටින ශ්‍රී ලංකාවට එය තරමක සහනයක් වනු නොඅනුමානය.
කොවිඩ් -19 යට සාපේක්ෂ ලෙස හඳුන්වා දෙනු ලබන නව රෙගුලාසි සංචාරකයින් සඳහා ඒ සමග ක්‍රියාත්මක කර වනු ඇත. එනම් ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශයේ තොරතුරු වලට අනුකූලව සංචාරකයින්ට පැය 72 කටත් අඩු කාලයකදී නිකුත් කරන ලද කොරෝනා රහිත බවට සහතිකයක් රැගෙන යා යුතු අතර රටට ඇතුළු වන විට ඔවුන් ශ්‍රී ලංකා රජයේ වියදමින් කරනු ලබන කොරෝනා වෛරස් පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. එම පරීක්ෂණය දවස් හතරත් පහත් කාලය තුල නැවත සිදු කරයි.
විදේශීය සංචාරකයින්ට පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට ද අවසර නොලැබේ. අතිරේක කොරෝනා වෛරස් පරීක්ෂාව ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සුපුරුදු සංචාරක වීසා ගාස්තුව ඩොලර් 31 සිට ඩොලර් 78 දක්වා ඉහළ දමා තිබේ.
සංචාරක කර්මාන්තය පූර්ව කොව්ඩ් මට්ටමට නොපැමිණෙන්නේ නම් 2021 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන ගණනක ගෝලීය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මේ වෙන විට සැළසුම් කර ඇත.
කොවිඩ් – 19 මගින් ඇති කරන ලද අර්බුදය නොතකා, 2025 වන විට සංචාරක ව්‍යාපාරයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 10 ක ආදායමක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක බලධාරීන්ගේ ඉලක්කය වේ.
ශ්‍රී ලංකාව යනු පසුගිය වසර කිහිපය තුළ ජනප්‍රිය වෙමින් පැවති සංචාරක ගමනාන්තයක් වන අතර සොයා නොගත් පාරාදීසයන් සොයන සංචාරකයින්ගේ සිත පිනවණ ගමනාන්තයකි.
2019 දී ගෝලීය වශයෙන් පිළිගැනීමක් ඇති සමාගමක් වන ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාව සංචාරක කර්මාණ්තයේ අංක එකේ ගමනාන්තය ලෙස නම් කිරීමෙන් පසුව ලෝක සංචාරක ව්‍යාපාරයේ අවධානය ලංකාවට යොමු විය. වව
මාර්තු මාසයේදී දේශසීමා වසා දැමීමෙන් පසු, දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% කට වඩා වැඩි ප්‍රමාණයකට සහාය දක්වන සංචාරක අංශය විනාශ වී ඇත. ශ්‍රී ලංකාව සංචාරක කටයුතු සඳහා දේශසීමා නැවත විවෘත කරන බවට කළ නිවේදනය මගින් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන බොහෝ පිරිස් වෙත ඔවුන්ගේ ව්‍යාපාර සඳහා නව බලාපොරොත්තුවක් ලබා දී තිබේ.
අසල්වැසි රටවල් වෙත නැවත විවෘත කිරීම පමණක් ප්‍රකාශයට පත් කර ඇති වෙනත් රටවල් මෙන් නොව, සියලු රටවල සහ සියලු ජාතිකයන්ගේ අමුත්තන් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීම පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සූදානම් වේ.
කෙසේ වෙතත්, ඔබ ශ්‍රී ලංකාවට යාමට අදහස් කරන සංචාරකයෙක් නම් දැනගත යුතු කරුණු කිහිපයක් තිබේ, වීසා බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද යන්න සහ රටට ඇතුළුවීම සඳහා වන රෙගුලාසි.
අගෝස්තු 1 න් පසු ශ්‍රී ලංකාවට ප්‍රවේශය ලබා දීම සඳහා, සියලුම සංචාරකයින්ට අවශ්‍ය වන තොරතුරු පහත දිගුවන් ඔස්සෙ ලබා ගත හැක:
වීස සඳහා තොරතුරු :
http://www.eta.gov.lk/slvisa/
ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම් මාර්ගෝපදේශ / SLTDA.gov.lk
ඡායාරූප සහ සටහන/අනුරුද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply