
දීර්ඝ කාළීණ සැළසුමේ කූඨප්රාප්තිය ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල දකින්නට ලැබිනි
කුප්‍රකට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ශව පාර්ලිමේන්තු බහුතරය ලැබීමත් සමග ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිරිව තිබූ දූෂිත ප්රජාතන්ත්රවාදය නිලවශයෙන්ම ඒකාධිපති පාලනයකට පරිවර්තණය කරවීය. ගෝටාභය රාජපක්ෂගේ (ගෝරා) පවුල් දේශපාලන ශක්තිය ශක්තිමත් කළ හැකි ජනාධිපතිවරයා සමඟ බලය සංකේන්ද්‍රණය කරන ද්විත්ව පුරවැසියන්ට දේශපාලන ධුරය දැරීමට මෙයින් ඉඩ සලසයි. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා බහුතර ජනතාවක් විසින් චන්දය දී පාර්ලිමේන්තුව නියෝජණය කිරීමට පත් කර යවන ලද නියොජිතයන් විසින් එය අනුමත කරන ලදී. රාජපක්ෂ පවුලට මිස පොදු ජනතාවට කිසිසේත්ම අදාල කාරණයක් නොවන මුත් මෙම වෙනස්කම විසින් රාජපක්ෂ පවුල සමස්ථ ජනතාවම පිළිබඳ තීරණ ගන්න එකම ආයතනය බවට පත්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය බ්‍රහස්පතින්දා ඡන්ද 91 ක බහුතරයකින් සම්මත වූ අතර සාමාජිකයින් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 156 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ව්‍යවස්ථාදායකයන් හැට පහක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මෙහි ඇති හාස්‍යජනකම සිදුවීම නම් රාජපක්ෂ පවුල නිසා වඩාත්ම පීඩනයට පත් සුළු ජාතික කණ්ඩායම් වන මුස්ළිම් සහ දෙමළ ප්‍රජාව නියෝජණය කරන මන්ත්‍රී වරුන් අතරින් හත්දෙනෙකුත් සමගි බලවේගය නියෝජණය කරන මන්ත්‍රී ඩයනා ගමගේත් එම වව්යස්ථා සංශෝධනය සඳහා පක්ෂව චන්දය දීමයි.
ජනතාවගේ උපහාසාත්මක චරිතයක් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චන්දය දීම මග හැරිය අතර සංශෝධනය සඳහා ඔහුගේ විරුද්ධත්වය කල් තියා ප්‍රකාශ කෙරුවේය.
මෙම වෙනසත් සමඟ අවශ්‍ය පරිදි අමාත්‍යංශ තමා යටතේ තබා ගැනීමටත් ඒවාට අමාත්‍යවරුන් පත් කිරීමටත් තමන්ට අවශ්‍ය පරිදි ඒවා විසුරුවා හැරීමටත් මරාට බලය ලැබේ. එමෙන්ම මැතිවරණ, රාජ්‍ය සේවය, පොලීසිය, මානව හිමිකම් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පත් කිරීමේ අධිකාරිය ද ඔහු පමණක් වනු ඇත.
මෙතෙක් මෙම කොමිෂන් සභා විවිධ දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාදායකයින් සහ පත්කිරීම් සිදුකරන සිවිල් පුද්ගලයින්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවකින් ස්වාධීනව පවත්වාගෙන යන ලදී. මෙම සංශෝධනයත් සමඟ, ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව බැඳී සිටින අතර පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය අහෝසි වන අතර ව්‍යවස්ථාදායක සභාවද අහෝසි කරනු ලැබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තහනම් කළ පූර්ව නීතිය තේරී පත්වීමෙන් මාස හයත් වසර පහත් අතර කාලය තුල ජනාධිපතිවරයාගේ අභිප්‍රාය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය.
දේශපාලන පුරවැසිභාවය දරන ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ තහනම ඉවත් කළ වගන්තියකට රාජපක්ෂ අභ්‍යන්තර විරෝධය ද ජය ගත්තේය. මේ අනුව අනාගතයේ දිනෙක ගෝරා ගේ ජනාධිපති ධූරයට පත්වීම නීතියේ අභියෝගයට ලක් වූවහොත් ඒ සඳහා නීතිමය ආවරණයක්ද ඔහුට සැපයේ.
මෙය රාජපක්ශ පවුලේ සහෝදර සහෝදරියනට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට මග පෑදෙන අතර, එසේම බලය අහිමි වුවහොත් රටෙන් පලාගොස් නීත්‍යානුකූලව ඇමරිකාවේ ජීවත්වීමේ අයිතියද ආරක්ශා කෙරේ. මෙම සංශොධනය විසින් ජනතාවට හෝ රටට අංශු මාත්‍රයක්වත් වාසියක් නොමැති අතර දේශපාලන බලය පිළිබඳ රාජපක්ෂ පවුල සතු අධිකාරය තවදුරටත් ශක්තිමත් කරයි. මේ වන විට ගෝරා ගේ වැඩිමහල් සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (මරා) අගමැති ය. තවත් වැඩිමහල් සහෝදරයෙක් සහ ඥාති පුත්‍රයන් තිදෙනෙක් ද ව්‍යවස්ථාදායකයෝ ය. ඔවුන්ගෙන් තිදෙනෙක් ඇමතිවරු ය. තවත් ඥාති පුත්‍රයෙක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානීය. රටේ අනෙකුක් සියළු රාජ්‍ය මර්මස්ථානවල බලය ඇත්තේ රාජපක්ෂ පවුලේ සෙසූ නෑදෑ හිත මිත්රයින්ටය.
ගොරා ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා පසුගිය වසරේ සිය එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරියේය.
මුල් යෝජනා වල ඇතැම් වගන්ති ජනතාවගේ ස්වෛරීභාවයට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කලින් තීරණය කළ නිසාත්, නීතියක් බවට පත්වීම සඳහා මහජන ජනමත විචාරණයකින් ලැබෙන අනුමැතිය අවශ්‍ය වූ නිසාත්, වෙනස්කම් කිහිපයක් සමඟ මෙම සංශෝධනය සම්මත විය.
1978 සිට ශ්‍රී ලංකාව බලගතු විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ පාලනය කර ඇති නමුත් 2015 දී ප්රතිසංස්කරණවාදී රජයක් විසින් ජනාධිපතිවරයාගේ බලතල බොහොමයක් බෙදා පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිෂන් සභාවලට භාර දුන්නේය. එම කාල පරිච්ඡේදය දේශපාලන අඩුපාඩුකම් මධ්‍යයේ වුවද රට තුල ප්රජාතන්ත්රවාදී සමාජ පරිසරයක් නිර්මාණය විය. එම වකවානුව තුල සුළු ජාතික මුස්ලිම් ප්‍රජාවට එරෙහි මතවාදයන් සමාජගත වූ අතර කෘතීමව නිර්මාණය කල අන්තවාදී සිංහල බෞද්ධ හා මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් ඇති වීම දීර්ඝ කාළිණ දේශපාළන සැළසුමක පලවන පියවර විය. මෙම පසු බිම යටතේ 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවිය. දේශපාලන සැළසුමේ දෙවන පියවර වන එහිදී 265කට අධික ජනතාවක් සිය ජීවිත පූජා කලේය. තුතුන්වන පියවර එයට සමගාමීව ක්‍රියාත්මක වූ අතර ඒ අනුව සැළසුම් කර තිබූ පරිදි ජාතික ආරක්ෂාවේ අණාරක්ෂිත බව පිළිබඳ ජනමතයක් රට තුල ඇති කරවීම තුලින් රජය කෙරෙහි අප්‍රසාදය ජනතාව අතර තහවරු කෙරීය. ඒ සමග රටේ එකම ගැලවුම් කරුවා වන්නේ දෙමළ ඊලාම් යුද්ධය දිනූ ගෝරා බවට ජන මනස තුල තැන්පත් කරවීය. ඒ අනුව 2019 නොවැම්බර් 17 පැවති ජනාධිපතිවරණයෙන් 52.25% වන 6,924,255 චන්ද ප්‍රමාණයක් දිනා ගනිමින් ගෝරා ජයග්‍රහණය කලේය. එම දීර්ඝ කාළීණ සැළසුමේ කූඨප්රාප්තිය ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල දකින්නට ලැබිනි.
Leave a Reply