
හිටපු මුදල් අමාත්‍ය – මංගල සමරවීර මහතා, නිවේදනයක් නිකුත් කරමින් මහජන උනන්දුව අන් සියල්ලටත් වඩා ඉහළින් තබන තීරණාත්මක, ධෛර්ය සම්පන්න නායකත්වයක් සමඟ පැහැදිලි සැලැස්මක අවශ්‍යතාවය අවධාරණය කරයි.
“ශ්‍රී ලංකාව සඳහා නව එකඟතාවයක්” යන මාතෘකාව යටතේ ඔහු නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට ප්රවිශ්ඨ වෙමින් තිබෙන බව පෙන්වා දුන් අතර දශක ගණනාවක් තිස්සේ “ණය, අපද්‍රව්‍ය හා දූෂණයේ වලාකුළු දිවයින පුරා එක්රැස් වෙමින් තිබේ. ”
සිය දහස් ගණනක් පුරවැසියන්ට රැකියා අහිමිවීමට ඉඩ ඇති බව ඔහු තවදුරටත් අවධාරණය කරයි, කුසගින්න අසංඛ්‍යාත පවුල් සංඛ්‍යවක් වෙත පැමිණෙනු ඇති අතර “ණය එකතු කරන්නාගේ භයානක සෙවනැල්ල සහ මුදල් අවබාවිතාවත් දූෂණ වංචාත් ලංකාව වසා පැතිරෙමින් තිබේ.”
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඳුරු වලාකුළකට සමාන කරමින් ඔහු “මහජන උනන්දුව අන් සියල්ලටත් වඩා ඉහළින් තබන තීරණාත්මක, ධෛර්ය සම්පන්න නායකත්වයක් සමඟ ඒකාබද්ධ වූ පැහැදිලි සැලැස්මක්” ඉල්ලා සිටී.
අර්බුදය සඳහා කරුණු 5 ක සැලැස්මක් ද අමාත්‍යවරයා නිර්දේශ කළේය.
1) මෙම අර්බුද කාලය සඳහා නිකුත් කල රු 5000 ක් සහනාදාරය අඛණ්ඩව දිය යුතු අතර එය වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා රු. 10,000 දක්වා වැඩි කල යුතුය..
2) විශේෂයෙන් ක්ෂුද්‍ර මූල්‍ය හා ලීසිං වලදී ණය ගෙවීම් පිළිබඳ තහනම පලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හා දීර්ග කිරීම සඳහා අවශ්‍ය අරමුදල් බැංකුවලට සැපයීම.
3) සේවකයින් සේවයෙන් ඉවත් නොකරන බවට කොන්දේසියකට යටත්ව සමාගම්වලට තවදුරටත් සහන ණය සහ වෙනත් සහන ලබා දීම.
4) කම්කරු ශ්‍රමය වඩා ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය දියුනු කිරීම වැනි යටිතල පහසුකම් වර්ධණය කිරීම.
5) රැකියා විරහිතයන් බවට පත්කර ඇති සේවකයින් නැවත පුහුණු කිරීම, ඔවුන් නව පරපුරේ සහ අපනයන කර්මාන්ත සඳහා රැකියා සඳහා සූදානම් කිරීම.
Leave a Reply