
විලියම් කුමරු ඔක්තෝම්බර් මාසයේදී ලන්ඩනයේ බර්තොලමෙව් රෝහලට ගිය අවස්ථාවේදී ආරක්ෂිත වෙස්මුහුණක් පැළඳ සිටී. ඡායාරූපය: රොයිටර්
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සිය පියා වන චාල්ස් කුමරුට සමාන්තර කාල පරිච්ඡේදය තුල පසු ගිය අප්‍රේල් මාසයේ දී COVID-19 ආසාදනය වූ බව කෙන්සිංටන් මාළිගා ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය ඉරිදා රෑ වාර්තා කළේය.
එලිසබෙත් රැජිනගේ මුනුබුරා සහ බ්‍රිතාන්‍ය සිංහාසනයේ දෙවන පෙළේ උරුමක්කාරයා වන විලියම්, ඔහුගේ රෝග විනිශ්චය රහසක් ලෙස තබාගත්තේ රට බිය ගැන්වීමට අකමැති වූ නිසා බව සන් පුවත්පත වාර්තා කරයි.
“එයට වඩා වැදගත් දේවල් සිදුවෙමින් තිබුන අතර මට කිසිවෙකු කරදර කිරීමට අවශ්‍ය නොවීය” යනුවෙන් විලියම් විවාහ ගිවිස ගැනීමකදී නිරීක්ෂකයෙකුට පැවසූ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත් පත සඳහන් කරයි.
ඔහුට මාලිගාවේ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දී ඇති අතර රජයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් නොර්ෆොක්හි පිහිටි පවුලේ නිවස වන ඇන්මර් ශාලාවේදී හුදෙකලාව සිට ඇති බව පුවත්පත පවසයි.
“විලියම්ට වෛරසය තදින්ම වැළඳුනා. එක් අවස්ථාවකදී ඔහු හුස්ම ගැනීමට වෙහෙසෙමින් සිටියේය. එබැවින් ඔහු වටා සිටින සියල්ලන්ම භීතියට පත්ව සිටියහ”.
කෙන්සිංටන් මාළිගාව සහ විලියම් කුමරුගේ කාර්යාලය ප්රවෘත්ති පත්‍රයට නිල වශයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඉරිදා රාත්‍රියේ බීබීසී ආරංචි මාර්ග විසින් එම පුවත තහවුරු කළේය.
ඉරිදා රෑ අදහස් දැක්වීම සඳහා මාළිගාව සම්බන්ධ කර ගැනීමට බ්‍රිතාන්‍ය මාධ්‍ය වලට නොහැකි විය.
විලියම්ගේ පියා වන චාල්ස් කුමරුගේ නිවසින් ප්‍රකාශ කල පරිදි මාර්තු 25 වන දින චාල්ස් විසින් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂණයෙන් හෙළි වඋ බව බව පවසා තිබුණි. බ්‍රිතාන්‍ය සිංහාසනයේ මීළඟ උරුමක්කාරයා වන ඔහු ස්කොට්ලන්තයේ පිහිටි ඔහුගේ නිවසේ දින හතක් තිස්සේ මෘදු රෝග ලක්ෂණ සහිතව හුදෙකලා සිටියේය.
කොරෝනා වෛරසයෙන් බ්‍රිතාන්‍යයට දැඩි ලෙස පහර වැදී ඇති අතර COVID-19 මරණ 46,717 ක් වාර්තා වී ඇත – මෙය දින 28 ක් ඇතුළත වයිරසය ධනාත්මක බව තහවුරු වූ මිය ගිය අය ලෙස අර්ථ දක්වා ඇත. COVID-19 ඇති අයගේ මරණ පුළුල් ගණන් කිරීමකට අනුව නම් 58,925 ක් වේ. බ්‍රිතාන්‍ය රජය වයිරසය පාලනය සඳහා දැවැන්ත අරගලයක යෙදෙන අතර ඒ සඳහා පැනවූ නව නීති රෙගුලාසි ලබන 5 වන දින සිට ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කෙරේ.
Leave a Reply