ඡායාරූප ශිල්පී රොබ් වුඩ්කොක්ස් ගතික හා අතිරික්ත සංයුති තැනීම සඳහා මිනිස් රූපය භාවිතා කරයි.
“මම ඡායාරූපකරණය ගවේශණය කිරීම පටන් ගන්නා විට ජීවත් වූවේ ඉතාම ගතානු ගතික මානසිකත්වයකය. මම හැදී වැඩුනේ දැඩි ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තුළයි. ඒ තියා ශරීරය නිර්මාණය කර ඇත්තේ වන්දනාමාන කිරීමටත් සැමරීමටත් අදහන නූතන ආගම තුළ, බොහෝ විට, සිරුරු සැඟවී හා මග හැරී ඇත. මිනිසුන් සිරුරු වලට බොහෝ දුරට බියවී ඇති බව පෙනේ, කිසිවෙකු සිරුරු හෝ හෝ ඒවායේ අනන්‍යතාවයන් ගැන කතා නොකරයි හෝ විවිධ පුද්ගලයන්ගේ ශරීරයන්ට ගරු නොකරන අතර ඒ වටා බැඳුනු ලැජ්ජාවක් පවතී. මම ඡායාරූපකරණයේදී මගේ ජීවිතයෙන් එම කොටස අතහැර දැමූ පසු මම මගේ ශරීරය ගැන දැන ගැනීමට පටන් ගත්තෙමි. මට…
බහු වර්ණ ලෝකයේ කළු සුදු ඡායාරූප කලාව
ලෝකය මට තෑගි කළ ලස්සනම දේ ඡායාරූපකරණයයි. එසේම මගේ කැමැත්ත පරිදි, මානව සංහතිය කල විශිෂ්ටතම තාක්ෂණික සොයාගැනීම කැමරාව වේ. එය ඩිජිටල්ද නැතිනම් සේයාපට කැමරාවක්දයි වැදගත් නොවේ. ඉතා කුඩා වුනත්, එහි ඇති රාමුව මට ජීවිතය වඩා පුළුල් ලෙස දැකීමට ඉගැන්වීය. මම දකින දේවල් මා දකින ආකාරය ඒ හරහා සමාජයට එළි දක්වමි. එය මගේ වෘත්තිය බව සැබවකි. එහෙත් මගේ ඒ වෘත්තීය භාවිතාව මගේ ඡායාරූප නරඹන්නන්ට විඥ්ඥාණය සහ ආලෝකයක් වන පරිදි බාවිතා කිරීම මගේ යුතුකමයි. ආලෝකය සහ අන්ධකාරය අතර චිත්‍රයක් ලෙස, ඡායාරූපකරණය ලොවට උපත ලබා වසර දෙසීයකට ආසන්න කාලයක් ගත වී ඇත. අපේ…
වසරේ ලෝක වන ජීවි ඡායාරූප සම්මානය සයිබීරියානු ව්‍යාඝ්‍රයකුගේ වැළඳගැනීමකට හිමිවේ.
රුසියානු ඡායාරූප ශිල්පී සර්ජි ගොර්ෂ්කොව් මෙම ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූප ශිල්පී තරඟයේ ඉහළම ත්‍යාගය දිනා ගන්නා බව ලංඩනයේ ස්වාබාවික ඉතිහාස කෞතුකාගාරය නිවේදනය කලේය. අමූර් ව්යාග්රයන් ලෙස හඳුන්වන සයිබීරියා ව්‍යාඝ්‍රයකු කැලෑවේ ගසක් වැළඳ ගන්නා අවස්ථාවක් ජයග්රාහි ඡායාරූපය ලෙස නම් කෙරිනි. “වැළඳ ගැනීම” යනුවෙන් නම් කෙරුනු ගෝර්ෂ්කොව්ගේ ජයග්‍රාහී ඡායාරූපය ලෝකයේ නන් දෙසින් ඉදිරිපත් කල 49,000 ක් වූ ඡායාරූප අතරින් ජයග්‍රහණය කල බව කේම්බ්‍රිජ්හි රාජකීය ආධිපාද වරිය විසින් ප්‍රකාශයට පත් කලේය. විනිශ්චය මණ්ඩලයේ සභාපති රොස් කිඩ්මන් කොක්ස් පවසන්නේ ” එය වෙනත් කිසිම ආකාරයක දර්ශණයක් නොවන අතර, ඉන්ද්‍රජාලික වනාන්තරයක ගැඹුරු සමීප මොහොතක අද්වතීය දසුනක්”. …
Continue Reading වසරේ ලෝක වන ජීවි ඡායාරූප සම්මානය සයිබීරියානු ව්‍යාඝ්‍රයකුගේ වැළඳගැනීමකට හිමිවේ.
ජාත්‍යන්තර සමීප ඡායාරූපකරණයේ ඉහළම ත්‍යාගය මැක්‍රො ඡායාරූප දිනා ගනී
කෟමී අංශයේ ජයග්රාහි ඡායාරූපය Peter Sabol / Orange Damselfly විශ්ම ජනක මැක්‍රො ඡායාරූපක් ලබා ගත් ඡායාරූප ශිල්පියෙකු 2020 වසරේ ලෝකයේ සමීප ඡායාරූප ශිල්පියා ලෙස නම් කෙරුනු අතර ලොව පුරා ඇදහිය නොහැකි මැක්රෝ ඡායාරූප තරඟයට ඉදිරිපත් කර තිබුනි. බ්ලැක් වෝටර් කිමිදීමකදී ඉන්දුනීසියාවේ ලෙම්බේ දූපතෙන් ලබාගත් ඊල් කීටයකුගේ අපූරු රූපයක් 2020 වසරේ සමීප ඡායාරූප ශිල්පියා අතර ප්‍රමුඛස්ථානයට පත්ව ඇත. එය ප්‍රංශ ඡායාරූප ශිල්පී ගැලිස් හොරාවෝ විසින් ගන්නා ලද අතර එය ගෝලීය ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය කෙරේ තරඟයේ හොඳම ඡායාරූප 100 සංවිධායක නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශණය කෙරේ. ඇෆිනිටි ෆොටෝ සමඟ එක්ව මෙම සම්මාන උළෙල දැන්…
Continue Reading ජාත්‍යන්තර සමීප ඡායාරූපකරණයේ ඉහළම ත්‍යාගය මැක්‍රො ඡායාරූප දිනා ගනී
සතියේ මාධ්‍ය ඡායාරූපකලාව
37 වන සතියේ ලෝකය පුරා පලවු ප්රවෘත්ති ඡායාරූප අතරින් සුළඟේ දිසාව අවධානය යොමු කල ඡායාරූප මෙසේ පලකරමු.
ඡායාරූප කතාව – ” සාගර දූෂණය”
මෙම වසරේම ජූලි 25 වන දින ජපාන නැවක් වන එම්.වී. වකාෂියෝ ඉන්දියානු සාගර දූපත්හි කොරල් පරයක වැදුනු අතර එයින නිකුත් වූ තෙල් මොරිෂස් දූපත් අවට සාගරයට පරපතල තර්ජනයක් විය. ඉන්ධන ටොන් 1180ක් පමණ මුහුදට කාන්දු වූ අතර තවත් නැවේ තිබූ ඉන්ධන ටොන් 1800 මුහුදට කාන්දු වීම වළක්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. මේ එහි ජපාන වකාෂියෝ තෙල් නැව මොර්ෂස් හිදී සිදුවූ අනතුර පිළිබඳ චායාරූප කතාවයි.