
අගෝස්තු 5 මහ මැතිවරණයෙන් පසු මැද පෙරදිග රැකියා අහිමි ශ්‍රමිකයන් ආපසු ලංකාවට ගෙන්වා ගන්නා බව රජය ප්‍රකාශ කරයි. කොවිඩ් 19 නිසා රැකියා අහිමිව විදේශයන්හි අසරණව සිටින ශ්‍රමිකයන්ගේ ගැටළුවේ තත්වය කොතරම් බරපතලදැයි පසුගිය දිනවල ජෝර්දානයේ ඇති වූ සිදුවීමෙන් පෙනේ.
එයට ප්‍රතිචාරය දක්වමින් ජුලි 31 සහ අගෝස්තු 1 යන දිනවල ශ්‍රී ලංකාව අබුඩාබි සහ ඩුබායි හි සිට සංක්‍රමණික සේවකයින් 600 ක් පමණ සිය නිවෙස් බලා පියාසර කරන නමුත් අගෝස්තු 9 වන දින පැවැත්වෙන මැතිවරණයෙන් පසු ඔවුන් සියළු දෙනා ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ආරම්භ කරන බව රජය පවසයි.
විදේශ ගත රැකියා අහිමි ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා මුල සිටම ශ්‍රී ලංකා රජය දැක්වූවේ මන්දගාමී ප්‍රතිචාරයක් වූ අතර ඉන්දියාව වහා ඔවුන් සතු නැව් සහ ගුවන් යානා භාවිතා කරමින් කරමින් කම්කරුවන් ආපසු ගෙන්වා ගැනීම කඩිනමින් සිදු කලේය.
පැහැදිලිවම ධන කුවේර මැදපෙරදිග රටවල් ලෝක වසංගතය මධ්‍යයේ තම විදේශීය කම්කරු ජනතාව අත්හැර දැමූ අතර ශ්‍රී ලංකාව තම විදේශීය ශ්‍රමිකයන් එළඹෙන මැතිවරණයේ දේශපාලන තුරුම්පුවක් ලෙස බාවිතා කල බව පෙනේ. මැතිවරණයෙන් පසු ඔවුන් ගෙන්වා ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් දැනට ඉදිරි මැතිවරණයේදී අහිමි වීමට නියමිත විදේශ ශ්‍රමිකයන්ගේ පවුල් වල සාමාජිකයන් චන්ද ලබා ගැනීම රජයේ අරමුණ වන්නට ඇත.
කෙසේ වෙතත් මේ කාලය තුල විවිධ රටවල අවම වශයෙන් ශ්‍රී ලාංකික කම්කරුවන් සියයක් මිය ගොස් ඇති බව ජාත්‍යන්තර ශ්‍රමිකයන් සඳහා වූ සංවිධාන පවසයි. මේ තත්වය වඩා උග්‍ර වූවේ බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වීම නිසා ඔවුන්ට ඒ රාජ්‍යන්හි වෛද්‍ය පහසුකම් ලබාගැනීමට තිබූ පහසුකම නැති වීම නිසා බව කියැවෙි.
Leave a Reply