
රුසියානු ඡායාරූප ශිල්පී සර්ජි ගොර්ෂ්කොව් මෙම ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූප ශිල්පී තරඟයේ ඉහළම ත්‍යාගය දිනා ගන්නා බව ලංඩනයේ ස්වාබාවික ඉතිහාස කෞතුකාගාරය නිවේදනය කලේය. අමූර් ව්යාග්රයන් ලෙස හඳුන්වන සයිබීරියා ව්‍යාඝ්‍රයකු කැලෑවේ ගසක් වැළඳ ගන්නා අවස්ථාවක් ජයග්රාහි ඡායාරූපය ලෙස නම් කෙරිනි.
“වැළඳ ගැනීම” යනුවෙන් නම් කෙරුනු ගෝර්ෂ්කොව්ගේ ජයග්‍රාහී ඡායාරූපය ලෝකයේ නන් දෙසින් ඉදිරිපත් කල 49,000 ක් වූ ඡායාරූප අතරින් ජයග්‍රහණය කල බව කේම්බ්‍රිජ්හි රාජකීය ආධිපාද වරිය විසින් ප්‍රකාශයට පත් කලේය. විනිශ්චය මණ්ඩලයේ සභාපති රොස් කිඩ්මන් කොක්ස් පවසන්නේ ” එය වෙනත් කිසිම ආකාරයක දර්ශණයක් නොවන අතර, ඉන්ද්‍රජාලික වනාන්තරයක ගැඹුරු සමීප මොහොතක අද්වතීය දසුනක්”.

ලොව විශාලතම කොටි උප විශේෂය සයිබීරියානු කොටි වන අතර ඔවුන් පෙරදිග රුසියාව, ඊසානදිග චීනය සහ උතුරු කොරියාව ආශ්‍රිතව ජීවත් වේ. කාලයක් පුරා ලොම් ලබා ගැනීම සඳහා දඩයමට ගොදුරු වීම නිසා වඳවීමේ තර්ජණයට ගොදුරුව සිටින මෙම ව්යඝ්රයන් ලෝකය පුරා ජීවත් වන්නේ 550ක් පමණක්ය. මෙම ව්යාඝුයන් සඳහා නීතිමය ආවරණයක් ලබා දුන් පලවන රට රුසියාව වේ.
ගොර්ෂ්කොව් සයිබීරියාවේ ප්‍රකට වන ජීවී ජායාරූප ශිල්පියෙකු වන අතර රුසියානු වන ජීවී ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ නිර්මාතෘවරයෙකි. කොටින්ගේ කෙඳි, ගංධය සහ නියපොතු සළකුණු අනුව රුසියානු ව්යාග්රයන් සඳහා වූ ජාතික වනෝද්‍යාණයේ තිබූ මෙම ඉපැරණි ගස සොයා ගත්තේ වන නිළධාරීන්ගේද සහායෙනි. ගස අසල චලන සංවේදක කැමරාව සවි කල ඔහු එහි සාර්ථක ක්‍රියාත්මක බව සඳහා මාස 11 ක කාලයක් බලා සිට ඇත.
මන්දාලෝක සීත සෘතු හිරු එළිය ඉපැරණි ගස සහ දැවන්ක ව්යාඝ්රයාගේ වර්ණවත් ලොම් පිරි සම උද්දීපණය කරයි. ව්‍යාඝ්‍රයා පැහැදිලිවම ගස බදාගෙන එහි සුවඳ ආශ්වාස කරමින් එය රස විඳී. ඡායාරූපය විසින් පාළු රුසියානු වන ජීවිතයන්ගේ තේජවන්ත බව සහ ස්වාබාව ධර්මය සහ වන ජීවීන් අතර ඇති සෞන්ධර්යාත්මක බැඳීම ප්‍රකට කරවයි.
තරඟයේ ජයග්‍රාහී ඡායාරූප නැරඹීම සඳහා මෙම දිගුව බාවිතා කරන්න.
Leave a Reply