
මගේ වෟත්තීය ඡායාරූප ජීවිතය තුල මෙතෙක් මා අත නොතැබූ ඡායාරූප ප්‍රභේදයකි තාරකා ඡායාරූපකරණය. දිනෙක අහම්බෙන් මෙන් ලංඩන්හි බ්‍රිතාන්‍ය ජාතික කෞතුකාගාරයේ තිබූ ජාතික තාරකා ඡායාරූපකරණ ප්‍රදර්ශණය නරඹන්නට ලැබීම මට ඒ විශයයෙහි අළුත් අත් දැකීමක් විය. ප්‍රදර්ශණය නරඹන අතර මට කුඩා කල දහම් පාසලේ දී ඉගෙන ගත් බුදුන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට කියා වදාලැයි කියන කියමනක් සිහිවිය, ඒ විශ්වය පිළිබඳ ආනන්ද හාමුදුරුවන් විසින් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරකි. ” ආනන්දය, විශ්වය අනන්තයි අපරිමාණයි, ඒ ගැන නොසොයන්න”.බුදුන් වදාල ඒ අනන්ත අපරිමිත විශ්වයේ රහස් සොයා විද්‍යඥයින් චන්ද්‍රිකා කක්ෂගත කරන අතර තව පුංචි පිරිසක් ප්රෟථුවියේ සිට කැමරා සහ කාච ආධාරයෙන් සොයන ඒ අපරමිත විශ්වයේ ඇති අපරමිත සෞන්දර්ය විශ්මය ජනකය. ඉන් පසු වසර ගනණාවක් පුරා මා එම ප්‍රදර්ශණය කුමන හෝ නගරයක නරඹමි. එසේම තාරකා ඡායාරූප කලාව පිළිබඳ අවධානයෙන් සිටිමි.
තාරකා ඡායාරූපකරණය, ඡායාරූපකරණයේ ඇති වඩාත් තාක්ෂණික හා දුෂ්කරම එසේම සෞන්දර්යාත්මක ප්‍රභේදය ලෙස හැදින්විය හැක. පසුබිම් වන අහස සහ ඉදිරියේ ඇති භූමිය අතර ආලෝකය අංගසම්පූර්ණ ලෙස සමතුලිත කිරීම ප්‍රගුණ කිරීම මෙම විශයෙහි යෙදෙන ශිල්පියෙකුට අත්‍යවශ්‍ය සාධකයකි. එය නිවැරදිව හැදෑරූ ශිල්පීන් දෙවියන්ගේ නිර්මාණයක් මෙන් වූ ඡායාරූප නිර්මාණය කරයි.
මෙම වසරේ වසරේ ‘ක්ෂීරපථ (මන්දාකිණි) ඡායාරූප ශිල්පියා’ තරඟය සඳහා එවන් නිර්මාණ ගනණාවක් ඇතුල් කර තිබුණි. සංචාරක හා චායාරූපකරණය පිළිබඳ බ්ලොග් අඩවියක් වන කැප්චර්ද ඇට්ලස් “Capture the Atlas” විසින් එවන් විශිෂ්ඨතම මන්දාකිණි ඡායාරූප විසි පහක් මේ වසරේ හඳුනාගෙන ඇත.ඇමරිකානු වයිල්ඩ් වෙස්ට් සිට ඇන්ටාටිකාව දක්වා වූ විශාල දර්ශන දක්වා විචිත්‍රවත් භූ දර්ශන සහිත මෙම තාරකා ඡායාරූප ක්ෂීරපථයේ හොඳම දර්ශන ග්‍රහණය කර ගෙන ඇත. කැප්චර්ද ඇට්ලස් “Capture the Atlas”
මෙම ග්‍රහණය කර ගැනීමි ගැන මෙසේ පවසයි: “ක්ෂීරපථය ඡායාරූප ගත කිරීම වඩාත්ම අභියෝගාත්මක නමුත් ප්‍රතිලාභදායක අත්දැකීමකි. එයට විශාල සැලසුමක් අවශ්‍ය වන අතර සෑම විටම සලකා බැලිය යුතු තාක්ෂණික කරුණු කිහිපයක් තිබේ. කෙසේ වෙතත්, ඔබගේ කැමරාවේ තිරය මත ග්‍රහණය වී ඇති මන්දාකිණිය දැකීම විස්තර කිරීමට අපහසු උද්දීපනයක් ඔබට ඇති කරනු නොඅනුමාණයි. එසේම, ඔබේ ක්ෂීරපථ ග්‍රහණය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පූර්වාදර්ශකයන් සොයා ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා, අපි සෑම වසරකම කරන ආකාරයටම ලොව පුරා ගත් හොඳම ක්ෂීරපථ රූප එක්රැස් කර ඇත්තෙමු.”
අභ්‍යවකාශය ඡායාරූප ගත කරන්න අවශ්‍ය උපකරණ පිළිබඳ මගේ නිගමණයන් මීලඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න.
- – අනුරුද්ධ ලොකුහපුආරච්චි
අභ්‍යවකාශ ඡායාරූප, ක්ෂීරපතය, මිල්කි වේ, මන්දාකිණිය
කියවීමි
ස්තූතියි බර්ටි