
ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී යනු ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් හිමිකාරීත්වය දරන සහ දේශීයව ක්‍රියාත්මක වන බීර කර්මාන්ත ශාලාවකි. සමාගම කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති අතර එහි කොටස් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයේ කොටසකි. ලයන් බෘවරි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වැඩිම අලෙවියක් ඇති බියර් නිෂ්පාදනය කරයි.
කොරොන වයිරස් අගුලු දැමීම නිසා කඩා වැටුනු සංචාරක ව්‍යාපාරයේ පසුබෑම සමග ශ්‍රී ලංකාවේ ලයන් බියර් පීඑල්සී හි ලාභය 2020 ජුනි කාර්තුවේදී රුපියල් මිලියන 72.5 ක් දක්වා හෙවත් සියයට 91 කින් පහත වැටී ඇති බව අතුරු ගිණුම් පෙන්වා දෙයි.
කාර්තුවකට ලයන් බියර් ශත 91 ක ඉපැයුමක් කොටස් වෙළඳ පල තුල වාර්තා කළේය.
ජුනි කාර්තුවේදී ආදායම සියයට 45 කින් පහළ ගොස් රුපියල් බිලියන 6.4 ක් වූ අතර විකුණුම් පිරිවැය සියයට 41 කින් රුපියල් බිලියන 5.32 ක් වූ අතර දළ ලාභය සියයට 58 කින් පහළ ගොස් රුපියල් බිලියන 1.1 ක් විය.
සමාගමේ වාර්ශික මූල්‍ය ආදායම වාර්ථා වලට අනුව ආදායම රුපියල් මිලියන 236 ක් වන අතර වියදම් රුපියල් මිලියන 432 ක් සහ ශුද්ධ මූල්‍ය පිරිවැය රුපියල් මිලියන 195 ක් වන අතර එය පසුගිය වසරේ රුපියල් මිලියන 125 සිට වූ වැඩි වීමකි.
“කෝවිඩ් – 19 වසංගතය සහ එහි ප්‍රතිපලයක් රට වසා තැබීම විසින් ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම, මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ආධිපත්‍යය දැරීය” යනුවෙන් සමාගම කොටස් හිමියන්ට පැවසීය.
ලොව පුරා ව්‍යාකූලත්වයක් ඇති කළ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ශක්තිමත් ඵලදායී පියවර ගත්තේය. “ශ්‍රී ලංකාව සෞඛ්‍ය දෘෂ්ටිකෝණයට සාපේක්ෂව බේරී ඇත. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, වෙනත් බොහෝ රටවල් හා සසඳන විට ආසාදිතයන් සංඛ්‍යව ඉතා අඩුය.
“ජීවිත අහිමි වීම ඊටත් වඩා අඩුයි. ආර්ථික පසුබෑම තවමත් සම්පූර්ණයෙන් නිශ්චය කර නොමැත. සියලු ඇඟවුම් වන්නේ මූල්‍ය වර්ෂයේ ඉතිරි කාලය අභියෝගවලින් පිරුණු එකක් වනු ඇති බවයි. ” වසා දැමීමේ කාලය තුළ අඛණ්ඩව වැටුප් ගෙවීම සමාගම විසින් සිදු කළ අතර විකුණුම් පිරිවැය ආදායමට වඩා අඩු වේගයකින් පහත වැටීමට හේතුව මෙයයි.
“මේ වන විට අවසන් වූ කාර්තුව පෞද්ගලික අංශයට වඩාත්ම දුෂ්කර වූ බවට සැකයක් නැතිවාක් මෙන්ම වසරේ ඉතිරි කාලය ද අභියෝගාත්මක වනු නොඅනුමානය” යනුවෙන් ලයන් බියර් පැවසීය. “ආර්ථිකයට ඇති අවදානම් අවම කිරීම සඳහා රජය බොහෝ පියවර ගෙන තිබේ . එහෙත් ආයතනික මට්ටමේ වර්ධනයේ අපේක්ෂාවන් යටපත් වී ඇත.
“මෙම තත්වයන් යටතේ, සමාගමේ ශේෂ පත්‍රයේ යටි ශක්තිය රඳවා තබා ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කරමින් කළමනාකරණය වසරේ ඉතිරි කාලය තුළ ආරක්ෂාකාරී ප්‍රවේශයක් ගනු ඇත.”
සමාගම පවසන්නේ ශක්තිමත් ශේෂ පත්‍රයක් ඇති බවත් එහි ණය ෆිච් රේටින්ග්ස් විසින් AAA (lka) දක්වා ඉහළ නංවා ඇති බවත්ය.
Leave a Reply