
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය සහ සුරංගනා කතා අතර ඇත්තේ නොබෙදුනු දීර්ඝකාළිණ සබඳතාවයකි. මෙම සබඳතාවය රාජ්‍යයේ පැවැත්මේ පුධාන සාධකයක් බව දශක කීපයක් පුරා අප අත්දැකීමෙන් දනිමු. දීන ජනමාධ්‍ය විසින් මෙම කතන්දර ඉතා රසවත් අයුරෙන් ජනතාවට ඉදිරිපත් කරන අතර ජනතාවද එම කතන්දර වලින් අමන්දානන්දයට පත්වෙති. ඔවූහු ඒ පිටුපස ඇති රාජ්‍ය තස්ත්‍රවාදය අමතක කර දමන අතර කතන්දරයේ ත්‍රාසය වමාරමින් තළුමරයි.
මෙවන් කන්දර නිර්මාණයේ අතීතයේදී ආර් ප්‍රේමදාස සහ සිරිසේන කුරේ දෙපල අති ප්‍රසිද්ධව සිටි අතර පසුව ඒ ස්ථානය ගනු ලැබුවේ මරා සහ ගෝරා අයියයි මල්ලියි දෙපලය.
ඔවුන්ගේ ලෝක ප්‍රසිද්ධම සුරංගනා කතන්දරය නම් යුද්ධය අවසාන කිරීම නොහොත් “මානුශික මෙහෙයුම” වේ. දෙමළ ත්‍රස්වාදී යුද්ධය අවසාන කිරීම සඳහා අතට අසු වූ සියළු මිනිසුන් සමූළ ඝාතනය කිරීම ඒ මානුශික මෙහෙයුම නම් විය. ඒ සුරංගනා කතන්දරය සිංහල බෞද්ධයන්ට මහත් වූ ආශ්වාදයක් ගෙන දුන් අතර මාරා සහ ගෝරා දේවත්වයට පත් කිරීමට තරම් ඒ ජනතාව කාරුණික විය.
එයින් අණතුරුව ඔවුන්ගේ රාජ්‍ය ත්‍රස්තවාදය සහ සුරංගනා කතා රටක හැට නව ලක්ෂයකට ආසන්න ජනතාවක් මුග්ධයින් බවට පත් කල ආකාරය එකින් එක මෙහි සඳහන් කරනවා නම් මේ සටහන නිම කිරීමට සෑහෙන කාලයක් ගත වනු ඇත.
මරා සහ ගෝරාගේ රාජ්‍ය ත්රස්තවාදයේ ආසන්නතම සුරංගනා කතන්දරය වන්නේ “මාකඳුරේ මදුෂ්ය”. මෙම සුරංගනා කතන්දරය ගැන කලකට පෙර සිටම ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන් පල කරනු ලැබූ පූර්ව සටහන් උවමනාවටත් වඩා අද අපට දකින්නට ලැබේ. ඔවුන් “මාකඳුරේ මදුෂ්” සුරංගනා කතාව පිළිබඳ කලකට පෙර සිටම පල කර ඇති ඒ අනාවැකි සියයට සියයක්ම නිවැරදි වීම ඒත්තු ගන්වන්නේ හැට නව ලක්ෂයට අයක් නොවන ඇස් කණ් සහිත මිනිසුන් පිරිසක් තවමත් ලංකාව තුල සිටින බවය.
මිනිසුන් මරා දැමිය හැකි වුවත් මැරුනු මිනිසුන් කතා කරන බව මේ සුරංගනා කතාව අපට නැවත මතක් කරයි. මැරුණු මාකඳුරේ මදුෂ් අපට කියන්නේ කුමක්ද ?
ඕජස් ගලන ලාංකීය දේශපාල සමාජ ධාරාවෙන් බිහිවූ ඉහඳ පණුවෙකු මෙන් වූ ඔහු ඒ ඕජස් ධාරාව තුලම මිය යන්නේ එහි දුර්ඝංධය මොහොතකට මුදා හරිමිනි. මෙම ඕජස තුල වූ එකම ඉහඳ පනුවා ඔහු නොවන අතර ඔහු අවසාන ඉහඳ පනුවාද නොවනු ඇත. එහෙත් මොහොතකට නිරාවරණය වූ සුදු පිරුවට අතරින් පේන යථාර්තය අපව හිරිවට්ටයි.
එනම් මේ අප ඉදිරියේ ඇති රාජ්‍ය යනු කුමක් ද යන්නයි.
Leave a Reply