
ලිපිය සඳහා සංස්කරණය කර සැකසූ රූපයක් බව සළකන්න.
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි ඔබේසේකර මහතාව කොළඹ අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අද දින අත් අඩංගුවට ගැනීමත් සමග, මැතිවරණය ආසන්න වනවිට රාජපක්ෂ පවුලේ අභිප්රායන්ට තර්ජණයක් වන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමක් පිළිබඳ තිබූ සැකය තහවුරු වී ඇත.
ගිනි අවි සම්බන්ධ විමර්ශණයක සාක්ෂි සැඟවීයයි චෝදනා කරමින් අද අත් අඩංගුවට පත් ශානි ඔබේසේකර ගෝඨාබය රාජපක්ෂ බලයට පත්වීමට පෙර රාජපක්ෂ පවුල සම්බන්ධ වූ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශණ මෙහෙයවීම් බාරව සිටියේය. ගෝඨාභය බලයට පැමිණීමෙන් පසුව ඔහුව සේවයෙන් පහතට දමමින් ස්ථාන මාරු කල අතර ඉන් පසු වැඩ තහනමට ලක්ව අද දින අත් අඩංගුවට පත් විය. රාජපක්ෂ පවුලේ වැඩිම වෛරයට ගොදුරු වූ රාජ්‍ය සේවකයා ඔහුය.
එය එසේ සිදුවන අතර පසු ගිය දිනවල ලමා අපචාර සිදුවීමක් පිළිබඳ චෝදනාවට ලක් වූ අතිරේක පන්ති ගුරුවරයෙක් සහ පසුතල නිර්මාකයෙකුද වන පුද්ගලයෙකු සම්බන්ධ පොලිස් පරීක්ෂණ වලට සිදුවන දේශපාලන බලපෑම් පිළිබඳව කොළඹින් වාර්තා විය. බාල වයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන එම පුද්ගලයා සමිබන්ධ විමර්ශණ මෙහෙයවමින් සිටි කොල්ලුපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය වරුණි බෝගහවත්ත මහත්මියට ස්ථාන මාරුවක් ලබාදෙමින් ඇයව ගාල්ලට මාරු කර යවා ඇත.
බාල වයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් එම පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව වාර්තාවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩකර ඇති මෙම පුද්ගලයා පන්නිපිටිය දෙපානම ප්රදේශයේද් ජනතාව දැනුවත් කිරීම සදහා මැදිහත්වී ඇත. මහින්ද රාජපක්ෂ , උදය ගම්මන්පිල වැනි පොහොට්ටුවේ නායකයින්ද ඇසුරු කර ඇති මෙම කාමාතුර උපකාරක පංති ගුරුවරයා වසර ගණනාවක සිටි වයස අවුරුදු 10-15 අතර ළමුන් රවටාගෙන මෙලෙස ලිංගික කටයුතු සදහා යොදාගෙන ඇත. පසු ගිය මාස නවයක කාලය පුරා ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ ගැටළුකාරී තත්වයන් ගනණාවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය වාර්තා නොකල සිදුවීම් රාශියක් ලංකාවේ සිට තොරතුරු සපයන වෙබ් අඩවි ගනණාවකින්ම වර්තා කර තිබුනි. පහත දැක්වෙන්නේ එම සිදුවීම්ය.
2015 මැතිවරණ සමයේ සිල් රෙදි බෙදා හැරීමක් හරහා මිලියන 625 ක මුදල් අවබාවිතා කිරීම සහ රජයට පාඩු කිරීම සම්බන්ධ නඩුව. එයින් වැරදි කරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමක කොමිසමේ හිටපු අධ්‍යක්ෂක අනූෂ පැල්පිට යන අයට බරපතල වැඩ ඇතිව වසර තුනක සිර දඬුවම් සහ මුදලින් මිලියන 2 ක් සහ මිලියන 5 ක් වන වන්දි මදලක් 2017 පැවති නඩු විභාගයකදී තීන්දු විය. එම දඬුවම හා දඩය නීති විරෝධීයයි ප්‍රකාශ කර අහොසිකරන ලෙස ඉල්ලමින් කර ඇති අභියාචනය.
වසර 14ක් පුරා ඇදී යන රත්තරං හෙවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව ඇති ලක්ෂ 413ක අයථා ඉපයීම් පිළිබඳ චෝදනා.
මිලියන 20ක සාවද්‍ය මුදල් පරිහරණය පිළිබඳ මන්ත්‍රී උදය ගම්මන් පිලට එරෙහි නඩුව.
2015 මැතිවරණ සමයේ කැරම් බෝඩ් සැපයීමක් හරහා මිලියන 53 ක පාඩුවකි රජයට කිරීම සම්බන්ධව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද ගමගේට එරෙහිව ඇති නඩුව.
2015 මැතිවරණය ප්රචාරක කටයුතු සඳහා දිවි නැගුම අරමුදලේ මිලියන 36 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පිළිබඳව ජනාධිපති වරයාගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂට එරෙහිව ඇති නඩුව.
ව්‍යවසාය සංවර්ධන කටයුතු ඇමතිව සිටියදී ලක්ෂ 15ක රජයේ මුදලක් දූෂිත ලෙස පරිහරණය කිරීම සම්බන්ධව රෝහිත බෝගොල්ලාගමට එරෙහිව ඇති නඩුව.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ සිරිලිය නමින් වූ ගිණුමක් හරහා විශාල ධනස්කන්ධයක් අයථා ලෙස ඉපයීම පිළිබඳව හිටපු ජනාධිපති ආර්යාව සහ වර්තමාන ජනාධිතිගේ නෑනන්ඩිය ශිරන්ති රාජපක්ෂට එරෙහිව තිබූ නඩුව.
මේ දීර්ඝ ලැයිස්තුවකින් උපුටා ගත් කිහිපයක් පමණකි. එම සියළු සිදුවීම් වලට වලට සම්බන්ධ වූවන් රාජපක්ෂ පවුලේ සහ හෝ එම පවුල් කවයට අයත් පුද්ගලයන් බව නොරහසකි. ඒවාට නීතිය ක්‍රියාත්මක වන ස්වරූපය සහ මෙම සිදුවීම් සඳහා ලංකාවේ නීතියේ ක්‍රියාත්මක බාවය දෙස බලන විට ශානි අබේසකරගේ ජීවිතය සිරමැදිරියෙන් නිමවීම පුදුමයට කරුණක් නොවේ. දූශිත ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල නීතිය යනු පාලකයාගේ කැමැත්ත වන අතර පාලකයා පත්කරගනු ලබන්නේ ජනතාව විසින්මය.
මැතිවරණයෙන් පසු ප්‍රධාන අපේක්ෂක සජිත් ප්‍රේමදාසව අත් අඩංගුවට ගැනීමට ඇති සැළසුමක් ගැන දැනටමත් තොරතුරු සංසරණය වේ. තව දින කීපයකින් එළඹෙන මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් කිරීම අතර සජිත් ප්‍රේමදාසව අත්අඩංගුවට ගැනීමේ පසුබිම තුල ඇතිවන ව්‍යකූලත්වය තමන්ගේ වාසියට යොදා ගැනීම රාජපක්ෂ පවුලේ අරමුණ විය හැක. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිපල මගින් තුනෙන් දෙකක බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් සජිත් පෙු්මදාසව සිරගත කිරීම හරහා ජයග්රාහි ඔහුගේ මන්ත්‍රීවරු බය කර හෝ මුදලට ලබා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අත්පත් කර ගැනීම රාජපක්ෂවරුන්ගේ උපක්‍රමය විය හැක. එම තත්වයට මුහුණ දීමට මුහුණ දීමට සජිත් ප්‍රේදාස සූදානම්දැයි සැක සහිතය.
එම තත්වය තුල රාජපක්ෂලාට අභියෝග කිරීම සඳහා තම චන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය මධ්‍යස්ථ මතධාරීන්ට ඇත්තේ එකම විකල්පයක් පමණි, එය නම් රාජපක්ෂලාට මුදලට ගන්නට බැරි අපේක්ෂකයකුට තම චන්දය භාවිතා කිරීමයි.
Leave a Reply