
පවුලේ සාමාජිකයන් තම කාර්ය මණ්ඩලට බඳවා නොගන්නයි ජනාධිපති ගෝරාගෙ ප්රකාශය කෙසේ වෙතත් ඔහුගේ අයියා අග්රාමාත්ය මරා විසින් තම දෙටුපුතු යෝෂිත රාජපක්ෂව අග්රාමාත්ය කාර්යාලයේ මාණ්ඩළික ප්රධානී ලෙස පත් කර ඇති බව එම කාය්යාලය විසින් සනාථ කරන ලද තොරතුර වල දැක්වේ.

ඔහුට මුලින්ම සුභ පැතු ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ටුවටර් බණිවිඩයක සඳහන් වූවේ ඔක්තොබර් 13වන දින චාජ් ඩි එෆෙයාර්ස් හූ වී ගරු නව මාණ්ඩලික ප්රධානී ලෙස වැඩ බාර ගැනීම පිළිබඳව සුබ පැතූ බවය.
තවදුරටත් සඳහන් කරන චීන තානාපති කාර්යාලය යෝෂිත රාජපක්ෂ සහ චීන රාජතාන්ත්රිකයා අතර පැවති හමුවේදී ද්විපාර්ශවික මිත්රත්වය සහ මෑත කාලයේ ඉහළ මට්ටමේ දූත කණ්ඩායමේ සංචාරය පිළිබඳ පසු විපරම් සාකච්ඡා කල බවයි.
ඔහුගේ නව පත් වීමෙන් පසුව දේශපාලන විමර්ශණ කොමිසම් සභාවේ පොලිස් ඒකකය ඉදිරියේ ප්රකාශයක් කරමින් ඔහු කියා සිටියේ සන්නදධ හමුදා නිළධාරියෙකු ලෙස රටට තමන් කල සේවය නොතකා හරිමින් පසු ගිය යහපාලන රජය යටතේ තමන් දේශපාලන හිංසනයට ලක් වූ බවය. එහෙත් තිඹිරිගස්යායේදී වාහනය තුල මිය ගොස් සිටි ඔහුගෙ මිත්රයා රගර් ක්රීඩක තාජුඩීන් පිළිබඳව ඔහු එහිදී කිසිවක් සඳහන් නොකලේය.
Leave a Reply