
දුර්වල විපක්ෂ දේශපාලනය අභියෝගයක් නොවූ රාජපක්ෂ පවුලේ අයියා මහින්ද මෙවර මැතිවරණයේ තම ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ බහුතරය විසින් තමන්ට වඩා යහපත් නීති ගරුක සාධාරණ සමාජයක් උදාකර දෙනු ඇත්තේ රාජපක්ෂ පවුල විසින් පමණක් බව විශ්වාස කරන බව මෙයින් පෙනේ. ඉන් ඔබ්බට වන කිසිම සමාජ හෝ මානව ධර්මතාවයක් ලාංකීය දේශපාලනය තුල වලංගු නොවන බවට මෙය සරළ උදාහරණයකි. එසේම පාදඩකරණය වූ ‘සිංහල බෞද්ධ’ යයි කියාගන්නා සමාජයද ඉල්ලා සිටින දේශපාලනය මෙයයි.
ජනාධිපති මල්ලී සහ අගමැති අයියා බලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විශමතාවයන්ට මරා ගනීවියයි න්යායාචාර්යවරු පලකරන මතයන් කෙසේ වෙතත් මහින්ද අයියා කෙසේ හෝ අවම වශයෙන් මීළඟ අගමැති වන්නට තම වැඩිමල් පුතන්ඩිය නාමල් ඇමතිකමක් දී මීළඟ මැතිවරණයෙන් අගමැති වන්නට මොලේ පෑදෙන තුරු බලය පවත්වාගෙන යනු ඇත. බහුතර සිංහල බෞද්ධයාගේද ප්‍රාර්ථනාව එයම බව නොඅණුමානය. පසු ගිය ජනාධිපතිවරණයේදී 6,924,255 ක ගේ චන්දයෙන් පත්කරගත් ජනාධිපති මල්ලීගේ බලය සීමාසහිත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන හුටපටය නිසා පුටිං වගේ වැඩකරයි කියල හිතුව ජනාධිපති මල්ලිට අඩුම ගානෙ පූසෙක්වත් අල්ලගන්න බැරි බව දැනගන්න ගතවුනේ මාස කීපයක් පමණකි. මේ නොහැකියාව ඇත්තේ 2015 දී හිටංව පත් කර ගැනීමෙන් පසු දේශද්‍රෝහීන් විසින් කරනු ලැබූ දේශපාලන වෙනස්කම් නිසා බව මැතිවරණ ව්‍යාපාරය පුරාම පුණරුච්චාරණය විය.
මැතිවරණයේ ප්‍රතිපල පිළිබඳව මහින්ද අයියාට සුබ පැතූ පළමු ලෝක නායකයා වූවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය. ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ සෑම අංශයක්ම තවදුරටත් ඉදිරියට ගෙනයාමට සහ ඔවුන්ගේ විශේෂ සබඳතා නව මට්ටමකට ගෙන යාමට දෙපාර්ශ්වයම එක්ව කටයුතු කරන බව සුබපතමින් ඔහු පැවසීය .
“ඔබගේ සුබ පැතුම් දුරකථන ඇමතුමට ස්තූතියි නරේන්ද්‍ර මොදි අගමැති තුමනි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැඩි සහයෝගය ඇතිව, අපේ රටවල් දෙක අතර දිගුකාලීන සබඳතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මිතුරන් හා සබඳතා ”යැයි මහින්ද අයියා නිකුත් කල ටුවිටර් පණිවිඩයක සඳහන් විය.
ජනාධිපති මල්ලී ගොඨාබයද ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රතිපල පාලක පක්ෂයට “විශාල ජයග්‍රහණයක්” ලෙස විස්තර කළේය.
චීන මුදල් ලංකාව දෙසට විසිකරමින් තෙරක් නැති ණය තුල කොටු කරමින් ලංකාව ඉන්දියාවෙන් වෙන් කර තබමින් සිටින චීනයටද රාජපක්ෂ පවුලේ මේ ජයග්‍රණය ආශිර්වාදයකි. මහින්ද අයියාට ටෙලිෆෝන් කරන්නට පෙර මෝදිට චීනය මතක් වන්නට ඇති බව නිසැකය.
විශ්ලේෂකයින් පවසන පරිදි රාජපක්ෂ පවුල විසින් 225 දෙනෙකුගෙන් ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තු සංයුතිය පහසුවෙන් තමන්ට උවමනා පරිදි පාලනය කරනු ඇති බවයි.
මැතිවරණ ප්‍රතිපල වලට අනුව පාර්ලිමේන්තුව තුල රාජපක්ෂ පවුලේ ප්‍රතිවාදියා බවට පත්වූ ආසන්නතම ප්‍රතිවාදියා වන්නේ නව දේශපාලන පක්ශයේ කුප්‍රකට හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා වන සජිත්ය. ඔහුගේ මව් පක්ෂය සහ ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) ජේවීපී ය ප්‍රධාන කොට ගත් ජාතික ජන බලවේගයටත් වඩා පහළින් වන සිව්වන ස්ථානයට පත්ව ඇත. වයෝවෟද්ධ මහින්ද අයියාට පාර්ලිමේන්තුව තුලදී අභියෝග කරන්න පුළුවන් තරම් පෞරුෂයක් නැති සජිත්ට වඩා මහින්ද අයියාට ගැටළුවක් වන්නේ තුන්වන බලවේගය වන මාලිමාවේ දේශපාලනයයි.
අවසානයේ මහින්ද අයියා ප්රමුඛ රාජපක්ශ පවුල විසින් රාජ්‍යය යන්නෙහි සංයුතිය ජනතාවට අමතක කරවන බව රහස් පොලිස් පරීක්ෂක ෂානි අබේසේකර සිදුවීමෙන් මැතිවරණයට පෙර සිටම ප්‍රකට විය. සමාජ මාධ්‍යජාලාවල වල පලවන ප්‍රතිචාර දෙස බලන විට විධායකය, ව්‍යවස්ථාදායක සහ නීතිය පමනක් නොව ජනතාව නියෝජනය කරන ජනමාධ්‍ය යන සමස්ථ රාජ්‍යයම යනු මහින්ද අයියා ප්රමුඛ පවුල බව විශ්වාස කරන සෙයැකි.
Leave a Reply