
ඡායාරූපය සමාජ මාද්යයන්හි පලවූවක් ඇසුරින් පරිගණකයේ සැකසුවකි.
ශ්‍රී ලංකා නිදහස් පෙරමුනේ අපේක්ෂකයින් විසින් තමාගේ ඡායාරූප එළඹෙන මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු වලට යොදා ගැනීම පිළිබඳ ජනාධිපති වරයාගේ කැමැත්තක් නැති බව වාර්තාවේ.
අගෝස්තු 5 මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරයා නියෝජණය කරන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා කම්කරු සම්මේලනය සහ අනෙකුත් සගයන් ඇතුලත් සන්ධානයේ සහයෝගයෙන් පසුගිය වසරේ විශිෂ්ඨ ජයග්රහණයෙන් ගෝඨාභය රාජපක්ෂ 52.25 ප්‍රතිශතයකින් ජයග්‍රහණය කලේය. මෙතෙක් සිටි සියළු ජනාධිපතිවරුන් මහමැතිවරණ වලදී තමා නයොජණය කරන පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්රචාඑක ව්‍යාපාර තුල පෙනී සිටියද මෙවර මහමැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට ජනාධිපතිවරයාගේ සහබාගිත්වය තවමත් පැහැදිලි නැත.
ඔහු ගේ සහොදරයා වන මතබේදාත්මක දේශපාලන චරිතයක් වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමේ අරමුණින් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දී තිබේ. අගමැතිවරයාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ පපුව හරහා බෑගයක් එල්ලාගෙන දුම්රිය ස්ථානයක ඇවිදයන දර්ශණයක් අඩංගු වීඩියෝවක් නිකුත් කරමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කල අතර ඔහුගේ මැතිවරණ ප්රචාරක ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා තුල මහා පරිමාණ උපහාසයට හා හාස්‍යයට ලක් වනු පෙනෙන්නට ඇත.
පසු ගිය සතියේ කුරුණෑගල පැවති මහජන රැළියකට සහබාගි වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චන්ද ව්‍යාපාරයේ අරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කර ගැනීමය. ඒ හරහා ජනාධිපති වරයාගේ අභිප්‍රාය පරිදි බලය හැසිරවීමට බාදාකරන ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඇතැම් වගන්ති ඉවත් කර ගැනීම තුල නාමල් රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් කරන තුරු තම පවුලේ බලය පවත්වාගෙන යාමත් තමන්ටත් පවුලේ සාමාජිකයන්ටත් එල්ලවී ඇති නොයෙකුත් දූෂණ වලින් සදහටම නිදහස්වීමට අවශ්‍ය නෛතික ආවරණයක් නිර්මාණය කර ගැනීමත් ඔහුගේ අභිලාශය වේ.
පසුගිය සතියේ තමා අපේක්ෂකයෙකු වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති මහජන රැලියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමා දේශපාලනය කරන බවයි.
ඔහු රැස්වීම අමතමින්, “ඔබ දන්නවා ජනාධිපතිතුමා උදේ පාන්දර සිට මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ කරන බව. “ඔහු මට කිව්වා, අයියා මම වැඩ කරන්නම්, ඔබ දේශපාලනය කරන්න, මම ඒ ගැන සතුටු වෙනවා,” යයි පැවසීය.
ඊයේ ජූලි 1 වන දින නිකුත් කළ නිවේදනයක ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටියේ ඕනෑම දේශපාලන කටයුත්තක යෙදෙන රාජ්‍ය නිලධාරීන්ට පනවා ඇති තහනම දැඩි ලෙස බලාත්මක කරන බවයි.
“ආරක්ෂක හමුදා, රාජ්‍ය සේවය, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවය කරන කිසිදු රාජ්‍ය නිලධාරියෙකු දේශපාලන කටයුතුවල නිරත නොවිය යුතුය” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් උපදෙස් දී තිබේ.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සියළුම ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් හා පළාත් ලේකම්වරුන්, සංස්ථා ප්‍රධානීන්, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් අංශ ප්‍රධානීන් වෙත ඊයේ යවන ලද ලිපියක සඳහන් කර ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ජනාධිපතිවරයාගේ පින්තූර ඔවුන්ගේ ඡායාරූපවල භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට සේවය සුරක්ෂිත කිරීම සහ ඡන්ද දායකයින් වෙනුවෙන් කරන්න වැඩ කොටසක් තියෙනව යනුවෙන් සඳහන් කල ජනාධිපති ලේකම් ජයසුන්දර මහතා සිය ලිපියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යවමින් සියලුම රජයේ නිලධාරීන් මෙම නියෝග දැඩි ලෙස පිළිපැදීමට වගබලා ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
- අනුරැද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply