
පසු ගිය අඟහරුවාදා රාත්‍රියේ සුනාමි අනතුරු ඇඟවීම් සහ ඉවත් කිරීම් වලට තුඩු දුන් ප්‍රබල භූමි කම්පාවකින් ඇලස්කාවේ අර්ධද්වීපය කැළඹිණි. මේ වන විට භූ විද්‍යඥයන් ඒ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයන්හි යෙදෙමින් සිටිති.
අඟහරුවාදා රාත්‍රී 10 ට ටික වේලාවකට පසු , ඇලස්කාවේ අර්ධද්වීපයේ පෙරිවිල් සිට සැතපුම් 65 ක් පමණ දකුණට වන්නට 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර ඒ සමගම සුනාමි අනතුරු ඇඟවීම් මාලාවක් ඇලුටියන් දූපත් වල සිට බටහිර කෙනයි අර්ධද්වීපය දක්වා විහිදී ගියේය. රාත්‍රියේ නැගුනු අණතුරු ඇගවීමේ සයිරන් හඬ කොඩියැක්, සැන්ඩ් පොයින්ට්, උනාලස්කා සහ හෝමර් වැනි පලාත්වල ඇලස්කන්වරුන්ව නින්දෙන් අවදි කරවී උස් භූමි කරා පලවා හැරීය.
44 හැවිරිදි ජෙනිෆර් කල්මාකොෆ් සිය දියණිය සමඟ පෙරීවිල් නගරයට නුදුරින් සිව් රෝද රථයක ගමන් කරමින් සිටියදී අඟහරුවාදා රාත්‍රියේ ජලය හරහා පාව යන ගල තලාවක් දැක ඇත. එවිටම සිව් සිවිරෝද රථයේ රෝද පාලනය කිරීමට අපහසු විය. වැළි කඳු හරහා යන නිසා එසේ වන්නට ඇතැයි ඔවුන් අනුමාණ කෙරීය. එහෙත් ඔවුන් ආපසු ගමට පැමිණෙන විට ගමේ මිනිසුන් උස් බිම් කරා පලා යමින් සිටියේය.

ඇය නිවසට ඇතුළුවන විට නිවසේ බඩු තිබෙන තැන් වලින් වෙනස් වෙමින් තිබූ අතර ඇය වහාම දියණිය සමග උස් බිමක් කරා පිටත් විය. ” අපිට කිසිවක් අල්ලා ගැනීමට වෙලාවක් නොතිබිනි, අප දොරින් එලියට ඇවිත් එක එල්ලේම කඳුකරයට ගියා”.
ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් සුනාමි අනතුරු ඇඟවීම් අවලංගු කළේ පැය දෙකකටත් අඩු කාලයකට පසුව ය. කල්මාකොෆ් සහ කලාපය පුරා වෙරළබඩ ප්‍රජාවන්හි අය ආපසු සිය රට බලා යාමට පටන් ගත්හ. මෙම භූමිකම්පාවෙන් සෑන්ඩ් පොයින්ට් හි අඟල් 10 ක පමණ දළ වශයෙන් රළ පහරක් පමණක් ඇති විය.
ඇන්කරේජ් හි සමහර පුද්ගලයින්ට සුනාමි අනතුරු ඇඟවීම් ලැබුණද, නැංගුරම් පෙදෙස අවදානමට ලක් නොවූ බව ජාතික කාලගුණ සේවය සමඟ සම්බන්ධීකරණ කාලගුණ විද්‍යාඥ ලුයිස් ෆෝඩ් පැවසීය.
පාමර් හි ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජේම්ස් ග්රිඩ්ලි බදාදා පැවසුවේ “මේ වගේ අවස්ථාවක අපගේ ක්‍රියා පටිපාටිය නම් පලමුව සුනාමියක් ඇති විය හැකි බවටල උපකල්පණය කර එය තහවුරු කර ගන්නා තෙක් අණතුරු ඇඟවීමය”. මිනිසුන් 110 ක් පමණ සිටින පෙරිවිල් ගමෙි සියළු දෙනා ආරක්ෂිත ස්ථාන කරා ගොස් රැඳී සිටිය අතර නැවත නිවෙස් කරා පැමිණියේ රාත්‍රී 12.30 පමණ බව කලමකොෆ් පැවසුවාය. භූමිකම්පාවේදී පොලොව මත සිටීම ජෙලි මත සිටගෙන ඉන්නවාක් මෙන් හැඟීමක් ඇති කරවූ බවත් සිටගෙන සිටීම අපහසු වූ බවත් මිනිසුන් පැවසූ බව කියූ කල්මකොෆ් , ඔවුන් රික්ටමාපක 5.0 ක භූමිකම්පා සඳහා හුරු නමුත් මෙය වෙනම අත්දැකීමක් බව සඳහන් කරයි. “හැමෝම කළබල වුනා, සන්සුන් වීමට අපට හොඳ විනාඩි 45 ක් පමණ ගතවිය.” හිටපු සෞඛ්‍ය සහායිකාවක වන කල්මාකොෆ් කියා සිටියේ, දුවන විට බිඳුනු වීදුරුවක් මත ලිස්සා යාමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකුට ඇය උදව් කළ බවයි. ඒ හැරුණු විට, පින්තූර වැටීම හා පැන්ට්‍රි භාණ්ඩ පෙරළීම් ගැන ඇය සඳහන් කරයි.
ඇලස්කාවේ අර්ධද්වීපයේ කෙළවරේ පිහිටි තුඩුවේ “සීතල බොක්ක” හි වාසය කරන 28 හැවිරිදි කැන්ඩස් නීල්සන්ට අඟහරුවාදා රාත්‍රියේ ඇඳේ සෙලවීමක් දැනුනි. ඇය භූමිකම්පා සඳහා හුරු පුරුදු නමත්, මෙය දිගු වෙලාවක් බවත් “එය හරියට මුළු නිවසම අතිශය රළු මුහුදු රැල්ලක පැටලී තිබුණාක් මෙනි” පවසයි. නීල්සන්, ඇගේ සැමියා සහ ඇගේ දරුවන් තිදෙනා – මාස 5 ක්, අවුරුදු 2 ක් සහ අවුරුදු 7 ක් වයසැති – සෙලවීම නතර වන තෙක් බලා සිටියහ. ඇගේ 7 හැවිරිදි දියණිය බිය වූවාය. එවිට ඔවුන්ට සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා ලැබුණි.
මීට වසර දෙකකට පෙරද නීල්සන් එවැනිම තත්වයකට මුහුණ දුන් නමුත් මෙවර භූමිකම්පාව ප්‍රබල සහ බියකරු බව ඇය පැවසුවාය. නීල්සන් ළමයින්ට ඇඳුම් කීපයක්, බ්ලැන්කට් සහ ඩයපර් රැගෙන ඇගේ මව සොයා නිවසින් පිටව ගියේය. ඔවුන් සහ ඔවුන්ගේ බල්ලන් දෙදෙනා සමඟ සියල්ලන්ම නීල්සන්ගේ ට්‍රක් රථයට ගොඩ වී “සීතල බොක්ක” අඩවියෙන් ඉවත්ව ගියහ. අණතුරු ඇඟවීමට පළමු ප්‍රතිචාර දැක්වූ ඇගේ සැමියා ඔවුන්ගේ අනෙක් ට්‍රක් රථයෙන් ජනතාව ඉවත් කිරීම සම්බන්ධීකරණය කිරීමට උදව් කරමින් සිටියේය.
ඉවත් කිරීමේ ස්ථානයේ ඇය COVID-19 පූර්වාරක්ෂාවක් ලෙස සිය පවුලේ අය සමඟ ට්‍රක් රථයේම රැඳී සිටියාය. අළුයම 12:50 පමණ වන විට නෙල්සන් කලපුවේ සිටින ඇගේ පියා ඇයට සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කළ බවට පණිවිඩයක් යැවීය. ඇය සිතුවේ ඇගේ නිවසේ අත්තිවාරමේ ඉරිතැලී බරපතල හානි සුදුව ඇති බවය, එහෙත් සීතල බොක්කේ මාර්ගයක ඉරිතැලීම් සහ ගස් කඩා වැටීම් වලට වඩා වැඩි දෙයක් සිදුවී තිබී නැත. “මට අවශ්‍ය වූයේ නැවත පැමිණ සෑම කෙනෙකුටම කියන්න අපි හොඳින් කියා” සහ “අපේ නගරය හොඳින් පවතින බවත් එය රැල්ලට යට නොවී ඇති බවත් දැන ගැනීමටය” යි ඇය පැවසීය.
මූලාශ්‍ර – Anchorage Daily News, IRIS Earthquake Science වෙතිනි.
Leave a Reply