
සංරක්ෂිත ඡායාරූපය – චීන ගුවන් හමුදා එච් -6 කේ බෝම්බ ප්‍රහාරක යානාවක්
අද නිවේදනයක් නිකුත් චීන රජය දකුණු චීන මුහුදට ඉහළින් චීන බොම්බ ප්‍රහාරක යානා ඉහළ තීව්‍රතාවයකින් යුත් හමුදා අභ්‍යාසයක යෙදුන බව ප්‍රකාශ කළේය. මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) එච් -6 ජී සහ එච් -6 ජේ බෝම්බ හෙලන යානා වර්ග දෙකම මෙම අභ්‍යාස සඳහා සම්බන්ධ වී ඇති අතර, එය රාත්‍රී කාලයේ ගුවන් ගත කිරීම්, දිගු දුර වැටලීම් සහ මුහුදු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම පුහුණු කළ බව චීනආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක සඳහන් වේ.
මෙම අභ්‍යාසය සටන් සූදානම ඉහළ නැන්වීම සඳහා වන චීන හමුදාවේ නිත්‍ය මෙහෙයුම්වල කොටසක් බව චීන ආරක්ෂන අමාත්‍යංශයේ ප්‍රකාශක රෙන් ගුකියැං සඳහන් කලේය. එහෙත් නිශ්චිත ස්ථානයක් පිළිබඳ සඳහන් නොකලේය.
මේ අතර, පීඑල්ඒ දකුණු බල ප්‍රදේශයේ අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා කියා සිටියේ ලියුපන්ෂුයි, ක්විජිං සහ මීෂෝ යන නාවික යාත්‍රා තුනකින් යුත් නාවික බලඇණියක් මේ මස මුලදී දකුණු චීන මුහුදේ සරඹයකට සහභාගී වූ බවයි.
මිලිටරි අභ්‍යාස වැඩිවීම ජාත්‍යන්තර හමුදා උපාය මාර්ගයන්හි තීරණාත්මක චීන දකුණු මුහදු කලාපය අරභයා ඇමරිකාව සමග ඇති මතබේදය තීරණාත්මක තලයකට ගෙනවිත් ඇත.
“අපි එක්සත් ජනපද පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ වැරදි ප්‍රකාශ නිකුත් කිරීම නවත්වන්න, දකුණු චීන මුහුදේ ප්රකෝපකාරී මිලිටරි ක්‍රියා නතර කරන ලෙසත් කලාපයේ රටවල් අතර අසමගිය වැපිරීම නතර කරන ලෙසත් ය.” යනුවෙන් ඔහු පවසයි.
මේ මස මුලදී, වොෂින්ටනය දකුණු චීන මුහුදේ චීනයේ සමුද්‍රීය හිමිකම් බොහොමයක් නීති විරෝධී ලෙස ලේබල් කරන ලද බව චීනය කියන අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ බීජිං ජල මාර්ගය එහි “සමුද්‍ර අධිරාජ්‍යය” ලෙස සැලකීමට එක්සත් ජනපදය හා ලෝකය ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත්, දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයට “අවිවාදිත ස්වෛරීභාවයක්” ඇති බව පැවසූ රෙන්, යූඑස්එස් රොනල්ඩ් රේගන් සහ යූඑස්එස් නිමිට්ස් ගුවන් යානා නෞකා කණ්ඩායම් විසින් මෙහෙයවන යුධ ලද අභ්‍යාස කලාපයේ සාමය හා ස්ථාවරත්වයට බාධා කිරීමේ දී ඇමරිකාවේ “ආධිපත්‍ය ආකල්පයට” සාක්ෂි සපයන බවය.
ඔස්ට්‍රේලියාව දකුණු චීන මුහුදට යුධ නැව් යවයි.
තුන්වන ලෝක යුද්ධය ආසියාවේ දොරකඩට තට්ටු කරයි.
Leave a Reply