
ලෙබනන් අගනුවර වන බේරූට් හි සිදුවූ විශාල පිපිරීමකින් නොගැනිය හැකි තරම් පුළුල් හානියක් සිදුවී ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇතැයි ලෙබනන් රතු කුරුස සංවිධානය පවසයි.
නගරයේ වරාය ප්‍රදේශයේ පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝවන්හි එකක් පසු පස එකක් පිපිරීම් දෙකක් දැක්වේ. පලවන පිපිරීම වීඩියෝ කරමින් සිටියදී දෙවන විශාලතම පිපිරීම සිදුවන අතර වීඩියෝ කරුවන්ද වීසිවී යන අයරු දර්ශණ වලින් දැනේ. දෙවන පිපිරීමෙන් පසු විශාල හත්තක් මෙන් වලාකුළක් සහ ගොඩනැගිලි විනාශ වන අයුරු පෙනේ.






රෝගීන්ගෙන් ලෙබනන් රෝහල් පිරී ඉතිරෙමින් ඇති අතර තවමත් පැහැදිලී සංඛ්‍යා ලේකණ නොමැත.
ලෙබනනයේ අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානියා පැවසුවේ පිපිරීම සිදුව ඇත්තේ අධික ලෙස පුපුරන ද්‍රව්‍ය ගබඩා සහිත ප්‍රදේශයක බවයි.
මෙම පිපිරීම ලෙබනනයට ඉතා සංවේදී කාල පරිච්චේදයක සිදුවූ බව පෙනෙන්නේ දැවන්ත අරේථික අර්බුධයක සහ 2005 දී හිටපු අගමැති රෆික් හරිරි ඝාතනය පිළිබඳ වූ නඩු විභාගයක තීන්දුව ලබන සිකුරාදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබීමත් සමගය.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් බොහෝ තුවාල හා විශාල හානි පිළිබඳව කථා කර ඇති අතර ලෙබනන් රතු කුරුස සංවිධානය පවසන්නේ සිය ගණනක් ජනතාව රෝහල් ගත කර ඇති බවයි.
එම ස්ථානයේ සිටි බීබීසී මාධ්‍යවේදියෙකු විසින් මළ සිරුරු සහ දැඩි හානි සිදුවී ඇති බව වාර්තා විය.
සුන්බුන් අතර සිරුරු 10 ක් ඉවත් කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
පිපිරීමට හේතුව තවමත් අනාවරණය වී නැත, නමුත් සමහර වාර්තා පවසන්නේ එය හදිසි අනතුරක් විය හැකි බවයි. ලෙබනනයේ ජාතික ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ පිපිරීමට පෙර වරායේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් ලෙස හැඳින්වෙන ස්ථානයට ගින්නක් හටගෙන ඇති බවයි.


[…] […]