
බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගර සාප්පු සංකීර්ණයේ සංගීතය සපයන බස්කර් කෙනෙක්. – ඡායාරූපය සහ සටහන/ අනුරුද්ධ ලොකුහපුආරච්චි
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොවිඩ් 19 ය වෙනුවෙන් අගුළු දැමීමේ පියවර නිවේදනය කිරීමෙන් පසුව නිහඬ බාවයට පත් බ්‍රිතාන්‍ය නගර වලින් නැවත වීදි සංගීතය ඇසෙන්නට පටන් ගෙන ඇත.
ඒ අගුළු දැමීමත් සමග වීදි වලින් අතුරුදහන් වුන වීදි කලාකරුවන් එසේත් නැතහොත් බස්කර්ස් වරුන් අගුළු දැමීම ළිහිල් කිරීමත් සමග නැවත නගර වල කඩ සාප්පු පුදේශ වලට ස්ථාන ගත වීම ඇරඹීය. ඔවුන්ගෙ සංගීත නාදයන් මාස කීපයක් පුරා සමාජශීලී ජීවිතයෙන් ඈත්ව සිටින්නට සිදු වූ බ්‍රිතාන්‍ය සාප්පු සවාරිකයන්ට ජීව වායුවක් මෙනි. ඔවුන් නාගරික සංස්කෟතියට හා පොදු අවකාශයට විචිත්‍ර වූ වර්ණයක් එක් කරන අතර සාප්පු කරුවන්ට සතුට හා විනෝදය සපයයි.
මාස තුනක කාළයක් බ්‍රිතාන්‍ය රජයේ ස්වයං රැකියාවේ නිරතවූවන් සඳහා වූ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ජීවත් වූ බස්කර් වරු නැවත තම වෟත්තිය සඳහා වීදියට පැමිණියේ ඉතා සතුටිනි. ” බස්කර් වරුන් හොඳ සිහි කල්පනාවෙන් සිටින තාක් කල් ජනතාව ඒක අගය කරාවි” යයි ෂෙරිකා ෂෙරාඩ් දවසේ තම අවසාන ප්‍රසාංගය ඉදිරිපත් කිරීමෙන් පසු ලංඩන් පාලම අසලදී බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත් පතට පසු ගිය දා පැවසීය.
මැන්චෙස්ටර් නගරයේ සාප්පු සංකීර්ණය විවෘත කරන තුරු බලා සිටි සාප්පු යන්නන් වෙනුවෙන් ප්‍රසාංගයේ යෙදුන ලෝරි රයිට් කියා සිටියේ ” මම එළියට ආවෙ කඩ සාප්පු නැවත විවෘත කල නිසා, මුදල් ඉපැයීමටයි”. ” එළිමහනෙ ඉන්න එක හොඳයි, ඒ කොහොම වුනත් නැවත සාමාන්‍ය තත්වයට පත් වීම ගැන සතුටුයි” ඔහු වැඩි දුරටත් පැවසීය.
කලාකරුවන් පවතින්නේ තමා අවට සමාජයත් එක්ක සහ ප්‍රාදේශීය පාලන අධිකාරීන් එක්ක ඇති සහ සම්බන්ධය මත බවත් විශේෂයෙන්ම සමාජ දුරස්ථ බාවය සිහියේ තබාගෙන කටයුතු කල යුතු බවත් බස්කර් වරු හොඳින් දනිති.
ගෝලීය වසංගතය සඳහා සීමා කිරීම් වලින් මිදීමට කරණු ලැබූ පූර්ණ සැළසුම් වලදී බොහෝ ප්‍රාදේශීය නගර සභා තම සැළසුමේ අත්‍යවශ්‍ය කොටසක් ලෙසට බස්කර්වරුන් නැවත වීදියට පැමිණීම සැළකීය. වේල්ස්හි කාඩිෆ් නගර සභාව විසින් අගුළු දැමීමෙන් නිදහස් වීමේ සැළසුමේදී බස්කර්වරුන් වැනි සමාජ ක්රියාකාරිකයන් වෙනුවෙන් නගරයේ මධ්‍යයයේ හිස් අවකාශ වැඩි කළේය.
චෙෂායර් වෙස්ට් සහ චෙෂ්ටර් නගර සභා විසින් බාස්කර්වරුන්ට නැවත පැමිනෙන ලෙස ආරාධණා කර ඇති අතර සමාජ දුරස්ථ බාවයට බාධා වන පරිදි ප්‍රේක්ෂකයන් ආකර්ශණය කර නොගන්නා ලෙස අවවාද කරයි.
බස්කින් ප්‍රථමයෙන් ඉංග්‍රීසි භාශාවේ සටහන් වන්නේ 1860 මැද කාලයේ බ්‍රිතාන්‍යයෙනි. ප්‍රවෟත්ති සපයන්නන්, පණිවිඩ දරන්නන් හෝ විනෝදය සපයන්නන් ලෙස මධ්යකාළීණ සම්ප්‍රදායන් විසින් බිහි කරන ලද බස්කින් වෟත්තිය නූතණ යුරෝපීය සංස්කෟතියේ තවත් නොනැසෙන අංගයකි.
” අපි බස්කින් සඳහා බලපත්‍ර ලබා දීමක් නොකරමු. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම මොහොතක වීදි ප්‍රසාංගයේ යෙදිය හැක. එහෙත් සමාජ බාදා කිරීම් අවම කිරීම සඳහා ස්වයං විනයක් සහ ආචාර ධර්ම පද්ධතියක් පවත්වා ගන්නා මෙන් ඉල්ලා සිටිමු. එසේ කිරීමෙන් අපගේ මැදිහත් වීමකින් තොරව බස්කින් පවත්වාගෙන යා හැක.” යනුවෙන් බස්කින් පිළිබඳ කේම්බ්‍රිජ් නගර කවුංසිලයේ අදහසයි.
සිය ගීත ඇල්බමය එළිදැක්වීම සඳහා මුදල් රැස් කිරීම සඳහා කාර්යබහුල වන ලෙවන්. සංගීත වෘත්තියක් ලුහුබැඳීමේදී සැඟවුණු නිවාස නැතිකමේ අභියෝගයන්ට මුහුණ දෙයි, කාඩිෆ්හි බස්කර් කලාකරුවන් පිළබඳ වූ මේ වීඩියෝව කාඩිෆ් විශ්ව විද්‍යාලයේ සිනමාව හදාරණ මදුෂ ගුණවරධන විසිනි.
Leave a Reply