
නියෝමාල් රංගජීව විසින් ඡායාරූප ශිල්පී අකිල ජයවර්ධනව ගෙන ගිය අයුරු.
අද උදෑසණ කොළඹ අළුත් කඩේ උසාවි භූමියේදී පුවත් පත් ඡායාරූප ශිල්පියෙකු තර්ජණයට සහ හිරිහැරයට පත්ව ඇති අතර ඔහුගේ කැමරාවේ මෙමරි කාඩ් පත් බලයෙන් ගලවාගෙන ඇත. මේ සිදුවීම සිදුව ඇත්තේ මව්බිම පුවත් පතේ ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පී අකිල ජයවර්ධණයටය.

“අද උදේ මම උසාවියට ගියේ මම සේවය කරන පුවත් පතේ හිමිකරු ටිරාන් අලස්ගේ නඩුවක් සම්බන්ධ ඡායාරූප ගැනීමට. එහිදී නියෝමාල් රංගජීව එහි පැමිණියා. ඔහු උසාවියට පැමිණියේ මොනවටද මම දන්නෙ නැහැ, ඒත් ඔහු උසාවි බිමට ඇතුළු වන විට මම ඔහුගේ ඡායාරූප කීපයක් ගත්ත. එක එල්ලේ මා වෙත පැමිණි ඔහු උසාවි භූමියේ හිටිය අනිත් අය ඉදිරියේදිම මගේ කමිසයෙන් ඇදගෙන පොලිසියට ගියා. මම පුවත් ඡායාරූප ශිල්පියෙක් කියල කිව්වත් රංගජීව මගේ කැමරාව උදුරගෙන එහි කාඩ් පත් ගලව ගත්ත.” යයි අකිල ජයවර්ධණ සුළඟේ දිසාව සමග පැවසුවේ අළුත් කඩේ උසාවි පොලීසියට ඒ පිළිබඳ පැමිණිලි කිරීමට සිටින අතරය.
අකිලට හිරිහැර සහ තර්ජණය කල නියෝමාල් රංගජීව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ සේවය කරන අතර 2012 දී වැළිකඩ හිරගෙදරදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ නඩුවක ප්‍රධාන විත්තිකරු වන අතර ගෝඨාබය රාජපක්ෂ බලයට ඒමෙන් පසුව නඩුව නිමවීමට පෙර නැවත සේවයේ පිහිටුවන ලදි. එම ඝාතන ඉහළම දේශපාලන අවශ්‍යතා මත සිදු කල බව ජනතාව අතර ඇති ප්‍රසිද්ධ රහසකි.
Leave a Reply