
එන්ගලන්ත සංචාරය ඉදිරියේ තිබියදී කොවිඩ් 19 සඳහා කළ පරීක්ෂණ වලදී ක්‍රීඩකයින් තිදෙනෙකු ධනාත්මක වූ බවට ඊයේ කළ නිවේදනයෙන් පසුව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය අඟහරුවාදා නැවත කළ නිවේදනයකින් තහවුරු කළේ තවත් හත් දෙනෙකු සහ ක්‍රීඩක සහායකයින් 35 දෙනෙකුගෙන් කොවිඩ් -19 සඳහා අත්හදා බැලීම් වලින් ධනාත්මන වූ බවයි. සඳුදා මෙම පරීක්ෂණ පකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.
එහිදී කොවිඩ් බලපෑම ලක් වූ ක්‍රීඩකයින් වන්නේ: ෆකාර් සමන්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භට්ටි, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන් සහ වහබ් රියාස් සහ සම්බාහක මලන්ග් අලි යන්නන්ය.
පරීක්ෂණයේ කොවිඩ් බලපා නැති ක්‍රීඩකයන් ලෙස: අබීඩ් අලි, අසාද් ෂෆික්, අසාර් අලි, බාබර් අසාම්, ෆහීම් අෂ්රෆ්, ෆවාඩ් අලාම්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාම් උල් හක්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් අබ්බාස්, නසීම් ෂා, සර්ෆරාස් අහමඩ්, ෂහීන් ෂා අෆ්රිඩි ෂාන් මසූඩ්, සොහෙයිල් ඛාන් සහ යසීර් ෂා යන කුීඩකයන් හඳුනා ගත්තේය.
මේ දක්වා පරීක්ෂා කර නොමැති ක්‍රීඩකයන් නම් ෂොයිබ් මලික්, ක්ලිෆ් ඩීකන් සහ වකාර් යුනිස්
සඳුදා ඉමාඩ් වසීම් සහ උස්මාන් ෂින්වාරි රිණ ප්‍රථිපල දැක්වූ අතර හයිඩර් අලි, හරිස් රවුෆ් සහ ෂඩාබ් ඛාන්ගේ ප්‍රති ප්‍රතිපල ධනාත්මක විය.
හයිඩර් මෙන්, හැරිස් සහ ෂඩාබ්, මැන්චෙස්ටර් බලා පිටත්ව යාමට පෙර සඳුදා පළමු වටයේ පරීක්ෂණයකට භාජනය වන තෙක් කොවිඩ් -19 හි පූර්ව රෝග ලක්ෂණ කිසිවක් වාර්තා කර නැත.
පකිස්තානු ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලය මේ වන විටත් මෙම ක්‍රීඩකයන් හා සම්බාහකයා සමඟ සම්බන්ධ වී සිටින අතර ඔවුන්ගේ නිවෙස්වල සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම උදෙසා දැඩි නිරෝධායනයක් නිරීක්ෂණය කරන ලෙස උපදෙස් දී තිබේ.
රිණ ප්‍රතිපල සහිත ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් ජුනි 24 වන දින ලාහෝර් හි ජෛව ආරක්ෂිත පරිසරයක එක්රැස් වන අතර ජුනි 25 වන දින දෙවන වටයේ පරීක්ෂණයකට භාජනය වේ.
ජුනි 25 වන දින රිණ ප්‍රතිපල සහිත ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයන් විශේෂ ගුවන් යානයකින් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් බලා පිටත්ව යනු ඇත. එක්සත් රාජධානියට පැමිණ පැය 24 කට පසු, ඔවුන්ව එන්ගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය මණ්ඩලය විසින් පරීක්ෂා කරනු ලැබේ
එක්සත් රාජධානියට පැමිණි පස රිණ ප්‍රතිපල සහිත ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩක සහායකයින්ව එක්සත් රාජධානියේ රජයේ රෙගුලාසි වලට අනුව නිශ්චිත නිරෝධායන කාල පරිච්ඡේදයක් තුල නිරීක්ෂණය කරනු ඇත, පහුණුවීම් ජෛව ආරක්ෂිත පහසුකම් සහිතව කරනු ඇත.
පිටත්වීමට පෙර පරීක්ෂණ වලදී ධනාත්මක බව පරීක්ෂා කළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් තම නිවෙස්වල ස්වයං හුදකලාව නිරීක්ෂණය කරන අතර පකිස්ථානු කිුකට් වෛද්‍ය මණ්ඩලයේ දැඩි අධීක්ෂණය යටතේ සිටිති.
ඔවුන්ගේ අවම නිරෝධායන කාලය සම්පූර්ණ වූ විගස, ඔවුන් වැඩිදුර පරීක්ෂණයකට භාජනය වන අතර, ඔවුන්ගේ පරීක්ෂණ දෙක රිණ වූ පසු, ඔවුන් වාණිජ ගුවන් යානයකින් එංගලන්තයට ගෙන යනු ලැබේ
එක්සත් රාජධානියට පැමිණි පසු, ඔවුන් ඊසීබී වෛද්‍ය මණ්ඩලය විසින් නැවත පරීක්ෂාවට ලක් කරනු ඇති අතර, ඔවුන්ගේ කොවිඩ් රහිත බව තහවුරු වුන පසු පාකිස්තාන ජාතික සංචිතය සමඟ එකතු වීමට ඉඩ දෙනු ලැබේ.
.
පකිස්තානු ක්‍රිකට් කමිටුවේ ප්‍රධාන විධායක වසීම් ඛාන් පවසන්නේ “කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෑත කාලීන පරීක්ෂණ විසින් ධනාත්මක පුථිපල පෙන්වීම මගින් මෙම වෛරසයේ ඇති අන්තරාය පැහැදිලිව පිළිබිඹු වේ. එනිසා, පකිස්ථානු ක්රිනට් කමිටුව වෙනුවෙන්, නැවත වරක් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ ආදරණීය සහ සමීපතමයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා ෆෙඩරල් සහ පළාත් රජයන් විසින් උපදෙස් හා නිර්දේශ කර ඇති පරිදි සියලු ආරක්ෂක පියවරයන් දැඩි ලෙස පිළිපැදිය යුතු බවයි.
“ධනාත්මක බව පරීක්ෂා කළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන්, ප්‍රතිදේහ පරීක්ෂණ පැවැත්වීම ඇතුළුව අපි ඔවුන්ව දිගටම අධීක්ෂණය කර සහාය දෙන්නෙමු. ඔවුන් වෛරස් රහික බව තහවුරු කරගත් වහාම ඔවුන් එංගලන්තයේ සංචිතයට එක්වනු ඇත. මේ මොහොතේදී, ඔවුන්ට ඉක්මනින් සුවය ලැබීමට පමණක් නොව, ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ට ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ස්වයං-හුදකලාවකට යාමට උපදෙස් දී ඇත.”
පකිස්තානයේ සත්කාරක එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාළ සටහනට අනුව ජූලි 30 වන දින සිට ටෙසටි ක්‍රිකට් තරඟ තුනකට හා විස්සයි විස්ස තරඟ තුනකට එන්ගලන්තය සහ පකිස්තානය මුහුණ දෙනු ඇත. එංගලන්තයට එදිරිව පාකිස්තානය විස්සයි විස්ස ද්විපාර්ශ්වික තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 2 වන දින එන්ගලන්තයේ සවුත්හැම්ටන් හිදී පැවැත්වේ.
එංගලන්ත සංචාරය, ජාත්‍යන්තර ද්විපාර්ශ්වික මාලාවක් වන අතර එය 2009 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අනාගත සංචාරක වැඩසටහන් සැළසුමෙි කොටසකි. එංගලන්තයේ එංගලන්තයේ ද්විපාර්ශ්වික පාකිස්තාන සංචාරයේ සත්කාරකත්වය 2020, ජුලි 30 සිට ඇරඹේ. 2020.
පකිස්තාන එන්ගලන්ත සංචාරයේ තරඟ
- ජූලි 30 බදාදා සිට අගොස්තු 3 සඳුදා දක්වා පලවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලංඩන්, ලොඩ්ස් පිටියේ.
- අගොස්තු 7 සිකුරාදා සිට අගොස්තු 11 අඟහරුවාදා දක්වා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆෝඩ් පිටියේ.
- අගෝස්තු 20 බ්‍රහස්පතින්දා සිට අගෝස්තු 24 සඳුදා දක්වා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය නොර්ත්හැම්ටම්, ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ. –
- අගෝස්තු 29 වන සෙනසුරාද පලවන දිවා රාත්‍රී 20/20 ක්‍රිකට් තරඟය ලීඩ්ස් හි හෙඩින්ග්ලේ පිටියේ.
- අගෝස්තු 31 සඳුදා දෙවන 20/20 ක්‍රිකට් තරඟය කාඩිෆ් හි සොෆියා උද්‍යාණය.
- සැප්තැම්බර් 2 බදාදා තුන්වන 20/20 තරඟය දිවා රාත්‍රී, සවුත්හැම්ටන් හි ද රෝස් බෝල් හිදී.
Leave a Reply