
ඉන්සටර්ග්රෑම් සමාජ වෙබ් අඩවිය තුල නිර්මාණාත්මක ඡායාරූප විපරම් කරමින් යන විට මගේ ඇස එහි තිබූ එක් පිටුවක් මත නතර විය. එම පිටුව අයත් වූවේ එලන් ෂීඩ්ලින් නම් නිර්මාණ ශිල්පිණියකටය. රුසියාවේ සරතොව් ගම්මානයේ ජීවත් වන ඇගේ ඉන්සටර්ග්රෑම් පිටුව සඳහා මිලියන පහක අනූගාමිකයන් පිරිසක් ඇය සතුව ඇත.
ඇයගේ කලා නිර්මාණ තෙල් සිතුවම් පමණක් නොව ඒ ඔස්සේ යන ඡායාරූප කලාවේත් අපූරු සංකළණයක් විය. ඇගේ සිතිවිළි, මහඟු කළා කෟතීන් ලෙස ඇය විසින් ඡායාරූපයට නගන්නේ සමිප්රධායික චිත්රකලාවේත් ඡායාරූප කලාවේත් සියළු රීතීන් බිඳ හෙලමිනි. ඇය රූප රාමුව තුල සිටිමින් එහි හතර මායිම් වඩා පලල් වූ සංකල්පයක් පිළිබඳ රූප හැසිරවීමක් සඳහා එය නොතකා හරිනු ලබයි. ලොව පුරා මිලියන පහක ජනතාවක් ඇගේ රසිකයන් වී ඇත්තේ නිර්මාණ තුලින් අපට ආරධනා කරන ඒ කල්පිත ලෝකය නිසා බව නම් නිසැකය. ඒ සඳහා ඇය ජායාරූපකරණය, ඩිජිටල් සංස්කරණය, විලාසිතා සහ වේශ නිරූපණය ආදී සියළු දේ උපයෝගී කර ගනී. පලමු බැල්මේදී ඇගේ මනක්කල්පිත නිර්මාණයන්හි සංයුතිය අසාමන්ය වුවද බරපතල අර්ථ නිරූපණයක් අපේ මනස තුල ජනිත කරවයි. මේ නිසා ඒවා ඒකාකාරී නොවන්නාක් මෙන්ම අප තුල අඳුරු හැඟීම් ඇති නොකරයි. ඇගේ සියුම් රූප, හැඩතල සහ විචිත්ර වර්ණ පිටිපස තියුණු සමාජ විවරණයක් පිළිවිඹු වන අරුතක් ඇත.
විසිපස් වන වියේ පසුවන ෂීඩ්ලින් ඡායාරූපකරණය උනන්දුව ඇති කර ගත්තේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු පැවත්වූ සමඟ ඡායාරූප වැඩ මුළුවකට සහබාගි වීමෙනි. නමුත් ඇය පවසන්නේ විද්යලයේදී ඇයට මුණගැසුනු ඇගේ අනාගත ස්වාමිපුරුෂයා නිසා ඇය වෙනස් වූ බවයි. “ඔහු මට පෙන්නුවා ඡායාරූපකරණය වඩා දුෂ්කර විය හැකි බවත්, එය කලාවක් බවත්” ඇය පවසන්නීය.
දැන්, ඇය ඇගේ පරිකල්පනයට මනක්කල්පිත රූප රාමු ඔස්සේ පාව යාමට ඉඩ දෙයි. එම නිසා ඇගේ නිර්මාණාත්ම අරමුණු කරා යාම සඳහා ඉතා සරළ වර්ණවත් නූල් හෝ සංකීර්ණ වේශ නිරූපණය වැනි දේ භාවිතා කළත් ඇගේ අදහස් වලට සීමාවන් නොමැත. තමාගේ මනසේ බිහිවන නිර්මාණාත්මක අදහස් පිළිබඳ ස්වයං ගවේෂණයක යෙදී කලා කෟතියක් ලෙස එය බිහිවන තුරු ඇය එය අතහැර නොදමයි.
තමාගේ ඉන්ස්ටර්ග්රැම් අනුගාමිකයන් පිළිබඳ සඳහන් කරන ඇය පවසන්නේ, “වෙනස් වීමට බිය වීම නැවැත්වීමට සහ ඔවුන්ගේ මනෝභාවය වැඩි දියුණු කිරීමට” තම අනුගාමිකයන්ට ඉඩ දීමෙන් ඇගේ වැඩවලට ශක්තිය හා ආශ්වාදයක් ලබා දිය හැකි බවයි.
සම්පූර්ණ රූප රාමුව නැරඹීම සඳහා අදාල ඡායාරූපය මත ක්ලික් කරන්න.
ඔබ ෂීඩ්ලින්ගේ කලා කෘති ගැන ද උනන්දුවක් දක්වන්නේ නම්, ඇගේ සිතුවම් සඳහා කැප වූ ඇගේ ඉන්ස්ටග්රෑම් බලන්න.
Leave a Reply