
බ්‍රිතාන්‍ය ජාතික ලැන්කෂෙයාර්හි පදිංචි ජේම්ස් කැසර්ලි විසින් ශ්‍රී ලංකාවේ කුප්‍රකට දේශපාලකයෙකු වන මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍ය පුවත් පත් වාර්තා කරයි.
48 හැවිරිදි ඉංජිනේරුවෙකු වන කැසර්ලි 2014 දී ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටියදී රාත්‍රී සමාජ ශාලාවකදී ඇති වූ ගැටුමකදී මාලක සිල්වා පහර දුන් බවට චෝදනා ලබා ඇත. පසු ගිය වසර කීපයම තුල ඒ සම්බන්ධ නඩුවාර සඳහා කැසර්ලි බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට බොහෝ වාරයක් ගමන් කළේය. අවසානයේ වසර හයකට පසුව පසුගිය දා ශ්‍රී ලංකා අධිකරණය ප්‍රමාණවත් චොදනා නොමැති බැවින් නඩුව ඉවත දැමීය. එහෙත් එම චෝදනාව වෙනුවෙන් කැසර්ලිට ඔහුගේ රැකියා අතහරින්නට සිදුවූ අතර නඩු වියදම සඳහා පවුම් 20,000.00 පමණ වැය විය. දැන් ඔහුට සිදුවූ අලාබ හානි ඉල්ලා නාලක සිල්වාට එරෙහිව නඩු පැවරීමට ඔහුගේ නීතිඥයින් සමග සූදානම් වේ.

ගැටුම සිදුවූ දින රාත්‍රී ඔහු තම පෙම්වතිය සමග කොළඹ රිදම් සහ බ්ලූ සමාජ ශාලාවේදී ඔහුගේ උපන් දිනය සමරමින් සිට ඇත. එහිදී එතනට පැමිණි මාලක සිල්වා ඔහුගේ පෙම්වතියට බලපෑම් කරන්නට පටන් ගත් බවත් එහිදී පෙම්වතිය වෙනුවෙන් තමා පෙනී සිටි බවත් ඔහු පවසයි. එහිදී මාලක සිල්වා සහ ඔහු අතර ගැටුමේදී දෙදෙනාම බිම වැටී ඇති අතර මාලක සිල්වාගේ සහායකයන් හයදෙනෙකු පමන ඔහුගේ හිසට පයින් පහර දී ඇත. පසුව පොලීසිය මාලක සිල්වා පහර දීමේ චෝදනාව මත ඔහුව අත් අඩංගුවට ගත්තේය.
ඒ වන විට මාලක සිල්වාට එරෙහිව ඊට පෙර තිබූ චෝදනා මත කොළඹ රාත්‍රී සමාජශාලා වලට ඇතුළු වීම තහනම් කර තිබූ අතර ඔහුගේ පියා මර්වින් සිල්වා එවකට කියා සිටියේ මේ සිදුවීම ඉදිරි මැතිවරණයේදී තමාව අපකීර්තියට පත්කිරීමට දේශපාලන සතුරන් සැළසුම් කල එකක් බවය.
Leave a Reply