
සිග්මා ඇමෙරිකානු සමාගම අද කරන ලද නිවේදනය වන ජීවී සහ ක්‍රීඩා ඡායාරූප කරණයේ නියැලෙන ඡායාරූප ශිල්පීන්ගේ අමන්දානන්දයට හේතු වනු නොඅනුමාණය. එනම් ඔවුන්ගේ නවතම සිග්මා මි.මි.100-400 එෆ්5.6 ඩීජී ඩීඑන් ඕඑස් (Sigma 100-400mm F5-6.3DG DN OS) කැමරා කාචය වෙළඳ පලට පැමිණීමයි.
සිග්මා ඇමරිකානු සමාගමේ ප්‍රවෟත්ති නිවේදනයට අනුව එය ඔවුන්ගේ ” සම්පූර්ණ රූප රාමුව සහිත දර්පණයක් රහිත සංයුක්ත කැමරා (full fame mirrorless compact camera) සඳහා වන පළමු වන පළමු අල්ට්රා ටෙලි පොටෝ සූම් කාචයයි.

අයියා ඉවාසාකි විසින්
මෙයින් ගම්‍ය වන අතුරු අදහස නම් දර්පණයක් රහිත කැමරාවල ජනප්‍රියත්වය මා වැනි සම්ප්‍රදායික ඩී එස් එල් ආර් කැමරා බාවිතයට හුරු වූ අයෙකුට තවදුරටත් ප්‍රතික්ශේප නොකල හැකි බව නොවේද. කෙසේ වෙතත් මේ ප්රවෟත්තිය දුටු සැනෙන් මගේ මතකයට නැගුනේ 1991 දී මා රොයිටර් ප්‍රවෟත්ති සේවයේ සේවයට ඇතුළු වන විට මගේ ප්‍රධාන ඡායාරූප සංස්කාරකව සිට පසුව ඇසෝසියෙට් ප්‍රවෟත්ති සේවයට එක්වූ රොබ් ටැගට් මහතා වය. මගේ ෆේස් බුක් මිතුරකු වන ඔහු පසුගිය මාස කීපයකට පෙර සෝනි ඒ 73 ආර් ( Sony A73 R) මෙගා පික්සල් 42.4 ක සංයුක්ත කැමරාවක් මිලදී ගෙන ඇත. ඔහු එම කැමරාව මුලින්ම පරීක්ෂා කරන්නට ගත්තේ ලංඩනයේ ඔහුගේ නිවසේ උද්යාණයට එන ඉතා කුඩා බ්ලූ ටිට් නැමැති කුරුල්ලෙකු සමගය. මුලින්ම ඔහු ඒ සඳහා කැමරාවත් සමග ලැබුණ සෝනි මිමි24-105 එෆ්4 කාචය පාවිච්චි කල අතර රූපයේ තියුණු බාවය පිළිබඳව සතුටට පත් වූවේ නැත. දෙවනුව ඔහු, ඔහු ළඟ තිබූ වසර තිස්පහකි පැරණි නිකෝන් මිමි400 එෆ්3.5 ස්වයංක්‍රීය නොවන කාචයක් එම සෝනි කැමරාවට සවි කර එම බ්ලූ ටීට්වම ඡායාරූප ගත කලේය. එහි පුථිපල ඔහුව සතුටට පත් කලේ ඡායාරූපය වඩාත් තියණු බව දැකීමෙන්ය.
සිග්මා ප්‍රවෟත්ති නිවේදනයේ දැක්වෙන පරිදි දැනට සෝනි එල් වර්ගයේ හෝ ඊ වර්ගයේ ස්වයංක්‍රීය රඳවනයන් සහිත සංයුක්ත කැමරා සඳහා වන නව සිග්මා මිමි100-400 එෆ්5-6.3 ඩී ජී ඩීඑන් කාචයේ ඇති රූපයේ ගුණාත්මක බාවය නොවෙනස්ව ග්‍රහණය කර ගැනීමේ හැකියාව සහ එහි සැහැල්ලු මට සිළුටු සමීප ගත කිරීමේ හැකියාව රොබ් වැන්නන්ගේ සිත් ගනු නොඅනුමාණය.
රොයිටර් ප්‍රවෟත්ති සේවයේ මුල් අවධියේදී නිකෝන් කැමරා සහ කාචත් ඡායාරූපකරණය ඩිජිටල් වීමත් සමග කැනන් කැමරා සහ කාච වලටත් හුරු වූ මා ප්‍රථම වතාවට වෙනත් වර්ගයක එනම් සිග්මා දුරේක්ෂ කාචයක් භාවිතා කලේ මීට වසර දෙකකට පමණ පෙර ස්කොට්ලන්තයේදී යුරෝපීය ගොල්ෆ් තරඟාවළිය සඳහාය. තරුණ වයස ගෙවී කලක් ගත වී ඇති හෙයින් තව දුරටත් දැවැන්ත කැමරා සහ කාච කරේ දරා යාම වෙහෙසකර වීම මම එදා විකල්ප කාච සේවීමේ අරමුණ විය. මා ඒ සඳහා සිග්මා මිමී 159-600 එෆ්5-5.6 ඩීජී ඕ එස් එච්.එස්.එම්. ස්පොර්ට්ස් කාචය කැනන් සඳහා පාවිච්චි කෙරුවෙමි. එය එදා මට අළුත් අත් දැකීමක් එක් කල අතර ප්‍රථිපල නරක නොවීය. ඒ මගේ පලවන සිග්මා අත්දැකීම විය.

අංග සම්පූර්ණ යාන්ත්‍රික ක්‍රියාවළියක සම්පිණ්ඩනය සහිත සැහැල්ලුවටත් කුඩාවටත් සෑදූ සංයුක්ත කැමරා ( Compact Camera) සඳහා සම්පූර්ණ දර්පණ රාමුව සහිත ක්ෂුද්‍ර ටෙලි පොටෝ කාචයක අවශ්‍යතාවය දිගු කලක සිට තිබූවකි. සිග්මා නිවේදනයට අනුව සැහැල්ලු ගමනකදි තමා රැගෙන යන ලෙස ඔබට ආරාධනා කලහැකි ලක්ෂණ මේ කාචයට ඇත. එම සැහැල්ලු බව ඡායාරූපකරණයේදී වැදගත් සාධකයකි. එළිමහන් ඡායාරූප කරණයේදී ගෙන යා යුතු අත්‍යවශ්‍ය උපකරණ වල සැහැල්ලු බව ශිල්පියාගේ කාර්යක්ම බාවය වැඩිකරයි. එහි ඇති නවීණ දෘෂ්‍ය නිර්මාණ තාක්ෂණය විසින් දුරස්ථම රූප රාමුවේ සිටි සමීපතම රූප රාමුව දක්වා වන පරාසය පුරා රූපයේ ගුණාත්මක බව සහතික කරයි. දිනපතා දකිනු ලබන දර්ශණ සුමුදු බොඳ කිරීමේ පසුබිමක් සහිතව ඡායාරූප ගත කිරීමෙන් ලැබෙන නැවුම් බව මෙවන් දුරස්ථ කාචයකින් ඡායාරූප ගත කිරීමෙනි.
සම්ප්‍රදායික ඩී එස් එල් ආර් කැමරා වලින් මිදී පූර්ණ රූප රාමුව සහිත සංයුක්ත කැමරා භාවිතයට අනුගතවීම පිළිබඳ සිතමින් සිටි මට එයට බාධකයක්ව පැවති කාචයක අඩුව මේ සිග්මා මි.මි.100-400 එෆ්5.6 ඩීජී ඩීඑන් ඕඑස් (Sigma 100-400mm F5-6.3DG DN OS) නවතම කාචය විසින් ඉවත් නරන බව නම් මෙහි සඳහන් නොකර බැරිය.
සිග්මා වෙබ් අඩවියට අනුව නව කාචයේ විශේෂංග මේවාය.
- එල් වර්ගයේ කාච රඳවනය ස්වයංක්‍රීය නාභි ගත කිරීම වඩාත් ඵලදායී වීම සඳහා වෙනස් කිරීමෙි හැකියාව (Optimized). මේ අනුව ස්වයංක්‍රීය නාභිගත කිරීම පාලන වැඩ සටහන එක් එක් කාච සඳහා සුසර ගත කර ඇති හෙයින් ස්වයං නාභිගත කිරීම වඩා නිවැරදි කරයි. එය AF-C වර්ගයටද අදාල වේ.
- කැමරාවේ රූප ස්ථායිකරණය සමග සමගාමී වේ (Stabilization).
- කැමරාවේ රූප ස්ථායිකරණය සමග අනුකූල වන අතර සෑම කාචයකම නාභි දූරය ස්වයංක්‍රීයව හඳුනාගෙන රූපයේ ස්ථායිකරණ කාර්ය ප්‍රශස්ථ කරයි.
- පූර්ව දත්ත විසින් කැමරාවේ විකෟති කිරීම් නිවැරිදි කිරීම සමග අනුකූල වේ.(Aberration Correction)
- වතුර විසිවීමෙන් සහ දුහුවිල්ලට ප්රථිවිරෝධී සවි කිරීමේ අන්තය (Dust and Splash- Proof). විවිද පරිසර තත්වයන් ඔරොත්තු දෙන විශේෂ මුද්‍රාවක් සහිතයි.
- ලබා ගක හැකි සිග්මා සවි කිරීමේ සේවාව ( Monut Conversion Service) . මෙම සේවාව විසින් කාචයේ සවිකිරීමේ අන්තය වෙනත් වර්ගයක කැමරාවකට ගැලපෙන පරිදි පරිවර්ථනය කරයි. මේ නිසා කාචය මිළදී ගන්නාට පසුව කැමරා වර්ගය වෙනස් කලත් කාචය මාරු කරන්න අවශ්‍ය නොවේ.

සඳ, කන්ද සහ ගොවිබිම් ආයා ඉවාසාකි විසින් සෝනි ඒ 7 ආර් මිලිමීටර් 250 දී 06 තත්පර F9 ISO 100 අයියා ඉවාසාකි විසින්
සටහන: අනුරුද්ධ ලොකුහපුආරච්චි
මූලශ්‍රය: සිග්මා ඇමරිකා
Leave a Reply