
සෝනි ආර් එක්ස් 10 මාර්ක් 2 කැමරාවෙන් ගත් “තවත් ජීවිතයක්” පරීක්ෂණ ඡායරූපයක්. ඡායාරූපය – අනුරුද්ධ ලොකුහපුආරච්චි
“ඡායාරූපකරණය යනු බලන දෙය නොව, මට දැනෙන දෙයයි. ඔබ බලන දේ ඔබට දැනෙන්නේ නැත්නම්, ඔබේ පින්තූර දෙස බලන විට අන් අයට කිසිවක් දැනෙන්නේ නැත.” – දොන් මැකලින්.
උත්පත්තිය යනු විශ්වයේ වඩාත්ම සුවිශේෂී හා ඓතිහාසික ක්‍රියාවලිය වන අතර අතීතයේ සිටම කලා කෘතිවලට මාතෘකා වී ඇත. මෙහි දැක්වෙන “තවත් ජීවිතයක්” ඡායාරූපයේ මගේ ප්රකාශණය වන්නේ උපත් ක්‍රියාවලියේ පළමු අදියරෙහි මිනිත්තු 8-10 අතර අර්ථ නිරූපණයයි.

උපත් ක්‍රියාවලියේ එම අවස්ථාවෙහිදී, මවගේ ශරීරයේ දරුවාගේ ආහාර සැපයුම තවදුරටත් ළඟා විය නොහැකි අතර, මව තුළ සංකෝචන ඇති වන අතර, ඔක්සිටොසින් හෝමෝනය මුදා හැරීමෙන් දරුවාගේ ගැබ්ගෙල පටක මෘදු කරයි. එම සංකෝචනවල පීඩනය කලලරූපය වටා ඇම්නියොටික් තරලය නිකුත් කරයි. සරල පාරිභාෂිතය තුළ මෙය “වෝටර් බෑග් එක කැඩෙනව” ලෙස ව්‍යවහාර වේ. මවකට දරුවෙකු බිහි කිරීම වේදනාකාරී මොහොතක් නමුත් අවසානයේදී ඇය තවත් ජීවියෙකු බිහි කිරීමේ සුන්දරත්වය අත්විඳියි. එය ඇගේ ජීවිතයට නව බලාපොරොත්තු ගෙන දෙන ධනාත්මක වෙනසකි.
බටහිර ලෝකයේ ඇතැම් විශ්වාසයන්ට අනුව බෙල් පෙපරයක් සිහිනෙන් දැකීම ජීවිතයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමේ සළකුණකි. මෙම සමාජ විශ්වාසයත් එම එළවළුවේ හැඩතලයත් සළකා මගේ සංකල්පයට ජීවය දීමට එළවළු වෙළඳ සැල් පීරා මෙම බෙල් පෙපරය තෝරා ගත්තෙමි මිත්‍යා විශ්වාසයට අනුව පිරිමි බෙල් පෙපර් වල නෙරා ගිය පැති තුනක් පමණක් ඇති අතර ගැහැණු බෙල් පෙපර් සඳහා එවන් පැති හතරක් හෝ වැඩි සංඛ්‍යාවක් ඇත. ඒ විශ්වාසයන්ට අනුව නමි මා යොදා ගත් බෙල් පෙපරය ගැහැණු නොව පිරිමි එකකි.

පින්තූරවල අප දකින කතන්දර දෙකක් තිබේ. ඡායාරූපයේ ඉදිරිපස සිට අපට දැකිය හැකි එක් කතාවක්, දෙවන කතාව අපට ඇසට නොපෙනෙන පෙනුමක් මතුපිටින් පෙනේ. නමුත් අපට එය සොයාගත හැකිය. එම නොපෙනෙන කථාව පිළිබඳ කුතුහලයක් හෝ උනන්දුවක් ඇති කිරීම සඳහා, ඡායාරූප ශිල්පියා තම විෂයයන් රාමුව තුළ හසුරුවමින් එම නොපෙනෙන කතාව පිළිබඳ කුතුහලය හෝ උනන්දුව නරඹන්නා වෙත සම්ප්‍රේෂණය කරයි. මේ නිසා ඡායාරූපකරණය යනු විශ්ලේෂණ කලාවකි. මෙම ක්‍රියාවලිය ඡායාරූපයේ සාරයයි. එහි විශ්ලේෂණාත්මක කොටස වන්නේ අප දකින දේ අවශෝෂණය කර ගැනීමට සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් රාමුවක් ඉලක්ක කිරීමට ඇති හැකියාවයි. මගේ ඡායාරූපයේ සංයුතිය ඉහත අදහස් දැක්වීම අරමුණු කර ගෙන ඇත.
“තවත් ජීවිතයක්” ඡායාරූපය නිර්මාණය කිරීමේ ක්රියාවළිය මට මහත් සතුටක් ගෙන දුන්නේය. එයට අඳුරු කාමරයේ සාම්ප්‍රදායික ඡායාරූප මුද්‍රණ ක්‍රියාවලිය ද ඇතුළත් විය. එය මගේ ඡායාරූප අත්දැකීම් වෙනත් තලයකට ගෙන ගිය අතඑ එහි ප්‍රතිපලයට තුඩු දෙන එම ක්‍රියාවලිය මනක්ල්පිත, තාක්ෂණික හා රසායනික ක්‍රියාවලියක ප්‍රතිපලයකි.
ආරම්භයේ දී, මම පූර්ව පරීක්ෂණ ඡායාරූප ගැනීමට මගේ ජංගම දුරකථනය සහ සෝනි ආර් එක්ස් 10 මාර්ක් 2 කැමරාවක් බාවිතා කලෙමි. ඒවාහි අධි තාක්ෂණ විසින් බෙල් පෙපර් වල රතු පැහැය සහ ජල ටැංකියට එකතු කරන ලද ආහාර වර්ණකයන් වඩාත් උද්ධීපණය කලේය. නමුත් අවසාන නිර්මාණය සඳහා සම්ප්‍රදායික මිමී 120 දළ සේයාපට සහ රසායනික මුද්‍රණ මාධ්‍ය තෝරා ගත්තෙමි. කළු සුදු ඡායාරූපය තෝරා ගැනීම විසින් මා බලාපොරොත්තු වූවේ සරළ වර්ණ වලට යොමු වන අවධානය ඉවත් කර ඡායරූපයේ අර්ථය හා නරඹන්නා තබා ගැනීමයි. “ලස්සනයි..ෂාහ්…මාරයි…” වැනි සරළ ප්‍රතිචාර වලින් ඔබ්බට වන රූපයේ අර්ථය පිළිබඳ වඩාත් ගැඹුරින් සිතා බැලීමට නරඔන්නා එයින් පොළඹවනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම ඡායාරූපයේ මගේ ඉලක්ක ගත නරඹන්නන් වන්නේ ලලිත කලා ඡායරූපකරණය ප්‍රිය කරණ අය වේ. කලාගාරයකදී දකින මෙම ඡායාරූපය දෙස නැවත හැරී බැලීමට ඡායාරූපය පිළිබඳ මගේ අර්ථ නිරූපණය විසින් ඔවුන්ව පොළඹවනු ඇතැයි මම විශ්වාස කරමි.
මෙම ඡායාරූපය නිර්මාණය කිරීමේදී ක්ලවුස් පිට්චර් සහ එඩ්වඩ් වෙස්ටන්ගේ ඡායාරූපවල බලපෑම මම අධ්‍යයනය කෙරුවෙමි. විශේෂයෙන්ම පිට්චර්ගේ “තුනෙන් එකක්” පින්තූර මාලාව සහ වෙස්ටන්ගේ “බෙල් පෙපර් අංක 30” ඡායාරූප පිළිබඳ සඳහන් කිරීම මගේ යුතු කමකි.
“තවත් ජීවිතයක්” නිර්මාණය කිරීම සඳහා මම නිවසේ සුදු පසුබිම සහ වීදුරු ටැංකියක් සකස් කළෙමි. එහිදී බ්ලූ ටැක් මැළියම් භාවිතා කරමින් ටැංකිය විදුරුව මැද බෙල් පෙපරය සවි කලෙමි. වීදුරු ටැංකියට යටින් එක් ආළෝක ධාරාවක් සහ මේසය දෙපස ටැංකියේ දීප්තිමත් මතුපිට සහිත කුඩ දෙකක් හරහා ආලෝකධාරා දෙකක් පතිත කෙරුවෙමි. මෙම ආලෝකකරණ පසුබිම තුළ මගේ ඉලක්කය වූයේ මට උවමනා පරිදි බෙල් පෙපරයේ හැඩ තලය ඉස්මතු කිරීමය. අනතුරුව කහ පැහැති සහ නිල් පැහැති ආහාර වර්ණකයන් වීදුරු ටැංකියේ වතුරට මුදා හැරියෙමි. එම වර්ණයන් විසින් විදුරු ටැංකිය තුල නාට්‍යයම මොහොතක් නිර්මාණය කෙරුවේය.
අවසානයේ මෙහි දැක්වෙන නිර්මාණය කිරීමට පෙර මා කළ අත් වැරදීම් කිහිපයක් සටහන් කිරීම වැදගත් වනු ඇත.
ඡායාරූප ගැනීමේදී වැරදි කැමරා තෝරා ගැනීම. (මුලදී, මම මම්මි සී 3 කැමරාව භාවිතා කළ පසුව දළ සේයාපට විකාශය කර බලන විට වීදුරු ටැංකිය හරහා කැමරාවේ ප්‍රතිබිම්භය විද්‍යාමාන විය. නැවත මමිය ආර් බී 6×7 කැමරාවක් භාවිතයෙන් ඡායාරූප ගත කළෙමි).
අඳුරු කාමරයේ දළ සේයා පට විකාශයේදී රෝලරයට ඔතන අතර මිමී 120 සෙලෝලයිඩ් පටලයේ නැවීම් සළකුණු සටහන් විය. (දෙවන වර ගත් ඡායාරූප වල දළ සේයාපටය නිවැරදිව ඔතා තැබීමට හැකි විය).
ස්ථිතික රසායනික ද්‍රව්‍යවල ජල පරිමාව වරදවා වටහා ගැනීම. (මිනිත්තු 20 ක් නැවත ස්ථිතික රසායනයේ බහා තැබීමෙන් එය නිවැරිදි විය).
ඉල්ෆඩ් මුද්‍රණ කඩදාසි වෙතින් අපේක්ෂිත තීවෘතාවය නොතිබීම. (එබැවින්, පිටපත් හයක් පමණ මුද්‍රණය කළෙමි. අවසානයේ එන්ලාජරයේ මැජෙන්ටා වර්ණ අගය 80% දක්වා වැඩි කළෙමි, එය සාර්ථක ප්‍රතිපල ගෙන දුන්නේය)
Leave a Reply