

ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් ඉහළ යෑමට එරෙහිව කාන්තාවක් නිරූපණය කරන බව පෙන්වන ප්‍රකාශයක් සමඟ ඡායාරූපයක් ෆේස්බුක් සහ ට්විටර් හි විවිධ පෝස්ට් වල දස දහස් වාරයක් බෙදාගෙන තිබේ. එම පල කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර අවම එය 2015 වසරේදී ලාංකීය රංගන ශිලපිණියක වන ජනනි කුරේ විසින් ඉදිරිපත් කල රංගනයක වීඩියෝවක තිර පිටපතකි. මෙම ඡායාරූපය 2020 සැප්තැම්බර් 30 වන දින අනුගාමිකයන් 520,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින ෆේස්බුක් පිටුවක පළ කරන ලද අතර 13,000 වාරයකට වඩා බෙදාගෙන ඇත.
එම ඡායරඋපය සමග තිබූ සටහන මෙසේය, “මෙම ඡායාරූපය අගමැතිවරයා සහ භාරතීය ජනතා පක්ෂ රජය ඉදිරියේ ඇති කම්මුල් පහරක් වන අතර එය භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන්ට හැර මුළු ලෝකයේම ඇසෙනු ඇත. රට තුළ සිදුවන ස්ත්‍රී දූෂණ සිද්ධීන් හමුවේ, මෙම කාන්තාව භාරතීය ජනතා පක්ෂ රජය යටතේ කාන්තාවන්ගේ මුළු සිරුරම කටු කම්බිවලින් ආවරණය කරත් ආරක්ෂාකාරී නොවන බවට පණිවිඩයක් දීමට උත්සාහ කර තිබේ”. භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ පාලක පක්ෂය වේ.
ඡායාරූපයෙහි දැක්වෙන්නේ කාන්තාවක් කටු කම්බි සහිත ලෝහමය ඇඳුමක් ඇඳ සිටින බවයි. මෙම ඡායාරූපය සමාන ප්‍රකාශයක් සමඟ ෆේස්බුක් සහ මෙහි ට්විටර් හි බෙදාගෙන ඇත. ගූගල් හි ප්‍රතිලෝම රූප සෙවුමකින් 2015 අප්‍රියෙල් 6 වන දින වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක පළ කරන ලද එම ඡායාරූපයම හමු විය. ලිපියේ මාතෘකාව: “මැහුම් වලින් කලාව පුපුරා යාම – මාර්තු 19 සිට”.
ලිපියෙහි කොටසක් මෙසේ කියැවේ: “අපි ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල සමඟ මාධ්‍ය හමුවක කොටසක් විය. අපි මීගමුවෙහි යෞවනයන් 30 කට ආසන්න පිරිසකට පැය 3 ක වැඩමුළුවක් ඉගැන්වුවෙමු. ‘ලෝක පරිසරය / දූෂණය’ සහ ‘ජනාධිපති වෙනස් කිරීම’ වැනි හඳුනාගත් කරුණු පදනම් කරගෙන කුඩා මුල් කෘති නිර්මාණය කිරීමට මඟ පෙන්වන විවිධ නාට්‍ය අභ්‍යාස අපි ගවේෂණය කළෙමු. ”
ගූගල් හි තවත් ප්‍රතිලෝම රූප සෙවුමක දී ශ්‍රී ලංකාවේ රංගන ශිල්පිනියක වන ජනනි කුරේ ලෙස හඳුනා ගන්නා කාන්තාවක් සඳහා බ්ලොග් අඩවියේ පළ කරන ලද සමාන ඡායාරූපයක් හමු විය.
2018 නොවැම්බර් 3 වන දින ප්‍රකාශයට පත් කරන ලද ලිපියේ ඇය 2015 දී ශ්‍රී ලංකා අගනුවර කොළඹ ප්‍රදේශයේ කම්බි ඇඳුමින් සැරසී සිටි බව ලියා තිබේ.
රංගනය පිළිබඳ විස්තරයේ මෙසේ සඳහන් වේ: “ඔසාරිය ඇඳුම ශ්‍රී ලාංකික කාන්තාවකගේ වැදගත්කම පෙන්නුම් කරයි. ඔසරිය ඇඳුමින් සැරසී සිටින විට මා ඇතුළු ශ්‍රී ලාංකික කාන්තාවන් එම සීමාවන්ට ඇතුල් වනු ඇත. බලවත් කාන්තා නායිකාවන් රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලන හා සමාජීය අවස්ථාවන්හිදී ඔවුන්ගේ තත්වය හා වැදගත්කම ප්‍රචාරය කිරීම සඳහා මෙම විලාසිතාවෙන් සැරසී සිටිති. ”
කුරේ ඔසරිය ඇඳුම ඇඳ සිටින ආකාරය පිළිබඳ තවත් ඡායාරූප ඇගේ බ්ලොග් අඩවියේ පළ විය. ඇගේ රංගනය පිළිබඳ වීඩියෝවක් යූ ටියුබ් හි 2018 නොවැම්බර් 4 වන දින නාලිකාවක ද පළ කරන ලදී.
Leave a Reply