
අද විමර්ශණය සඳහා තොරා ගත්තේ නලින් හේමන්ත ගේ ඡායාරූපයකි

ප්‍රවෟත්ති ඡායාරූපයක් විසින් පාඨකයාගෙ මනස තුල ඇති කරනු ලබන හැඟීමට වඩා වෙනස් දෙයක් ලලිත කලා ඡායාරූපයක් විසින් නරඹන්නාගේ මනසේ ඇති කරනු ලබයි. ප්‍රවෟත්ති ඡායාරූපයකදී ඡායාරූප ශිල්පියා නිශ්චිත අදහසක් තම ඡායාරූපය තුලින් පාඨකයාට සම්ප්‍රේෂණය කරන්නට උත්සාහ කරන අතර තමාගේ මනසේ පහලවන දීර්ඝ කාළීණ හෝ ක්ෂණික සංකල්පනාවක් රූප ගතකිරීමේදී පාඨකයා එය තමාගේ ජීවන අත්දැකීම් සමග මුසුකරගත් පුථිචාරයක් ඒ වෙත දක්වයි.
සමාජ මාද්‍යජාලා ඔස්සේ එවන් ඡායාරූප වලට දක්වන “ලස්සනයි”, “සුන්දරයි”, “අම්මෝ මේකෙ ලස්සන”, “වෝව්” කෙටි ප්‍රතිචාර ඔස්සේ ගම්‍ය වන්නේ හැබෑවටම එම ඡායාරූපය අවධානය ලක් වූවාය යන්නට අමතරව මා වෙනත් ලිපියක සඳහන් කල පරිදි එය ශිල්පියාට උත්තේජනයක් ලබාදෙයි. එහෙත් ඡායාරූප විමර්ශණයට සහ විශ්ලේෂණයට ඉන් ඔබ්බට යන ලේඛණ කලාවක් නොමැති වීම ශ්‍රී ලංකාවේ ඡායාරූප කලාවේ බරපතල අඩුවක් වන අතරම ඡායාරූප කලාවේ ගුණාත්මක වර්ධනයට බාධාවකි. බොහෝ ගුරු කුල සහිත ශ්‍රී ලංකාවේ ඡායාරූප කලාව තුල නවක ඡායාරූප ශිල්පියෙකුට තමන්ගේ නිර්මාණ සඳහා තමන් අයිති ගුරු කුලයෙන් පිටත ඇගයීමක් ලබා ගැනීම දුෂ්කර ක්‍රියාවකි.
ඔහු එහි සඳහන් කර තිබුනේ දුම්රියේ යන අතර ග්‍රහණය කර ගත් බවය. එහෙත් මගේ අවධානය යොමු වන්නේ ඡායාරූපයේ ප්රකාශණය වෙතය. ඔහුගේ ඉදිරිපත් කිරීම ඡායාරූපය නරඹන අප තුල ඇති කරන හැඟීම එය ග්‍රහණය කරගත් තැනැත්තාගේ මනස ඒ මොහොතේ ක්‍රියා කල ආකාරයට වඩා වෙනස් විය හැක. පලවන බැල්ම තුල ඡායාරූපය අපේ මනස තුල චාම් සෞන්දර්යක් ජනිත කරවයි. එහෙත් ඡායාරූපය කෙරෙහි මගේ අවධානය යොමු වූ ප්‍රධාන කාරණය වන්නේ එය නොව. සම්පූර්ණ රූප රාමුවේ සංයුතිය විසින් මගේ පරිකල්පණය ඉන් එහාට ගෙනියනු ලබයි. යමෙකු තමන්ගේ නිර්මාණයක් තුලින් තව කෙනෙක්ගේ මනස චලනය කරවන්නේද එම කෘතියේ සාර්ථකත්වය ඇත්තේ එතැනය. අහස, වලාකුළු, රූපය හරහා යන බිම්තීරුව වම් පස සිට රූපයේ මැදට ඇදී එන ගස් තීරුව, දකුණු පසින් වම් දෙසට ඇදී යන සිහින් වෙරළ තීරය, ඉදිරියෙන් ඇති ගං තීරය සහ ඒ මත පරාවර්තණය වන වලාකුළු අතර ඔරු පදින්නා ස්ථාන ගතවී ඇත්තේ ඉතාමත් නිවැරිදි ලෙසය. ඒ නිසා අහසත් පොලොවත් ජලයත් අතර සහසම්බන්දය ඔරුපදින්නා විසින් සංකේතවත් කරයි. නිශ්චල ජල තීරුව විසින් ඔරු පදින්නාගේ චාම් බව ගම්‍ය කරන අතර ඔහුගේ පැවතුම තුල පරිසරයේ පැවත්මට බාදාවක් නොවන බව හැඟවේ. ඔහු පරිසරය මත පවතින අතර පරිසරය ඔහුව සුරකිනු ලබයි. වම් පස සිට රූපයේ මැදට පැතිර එන ගස් සහිත බිම් තීරුවත් දකුණු පස සිට විහිද එන වෙරළත් ඒ සුරක්ෂිත බාවය සංකේතවත් කරයි. වර්ණ විසින් ජායාරූපයේ අර්ථයට විසාල අනුබලයක් නොලැබෙන අතර. පසු සංස්කරණ කිරීමක් තුලින් රූප රාමුවේ සුළු වැරදි නිවැරිදි කර ගත හැක. ඡායාරූපයේ තීවෘතාවය තවත් වර්ධණය වූවා නම් වඩාත් සුදුසුය.
- අනුරුද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply