
එළඹෙන මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 5 න් පසු රජය විසින් අණිවාර්යෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
“අපේ ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වැටුප් කීප ගුණයකින් වැඩි වුණා. හැම ක්ෂේත්රයකම දෙගුණයකින් වැටුප් වැඩි වුණා. දැන් රාජපක්ෂගේ වැඩකරන විරුවා මොකද කළේ ? මේ වැටුප් වර්ධකය 2020 ජනවාරි ඉඳන් නතර කළා. විශ්රාමිකයගේ වැටුප් වර්ධකය නතර කළා” යයි ඔහු ප්‍රකාශකරයි.
තව දුරටත් ප්‍රකාශ කරන ඔහු “තැපැල් ඡන්දෙ දෙන සියලුම ඡන්ද දායකයින්ට අපි මතක් කරන්න ඕන වැටුප් වර්ධකය නතර කරපු, අතිකාල නතර කරපු, දීමනා නතර කරපු, විශ්‍රාම වැටුපට ගහපු, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ ගිණුම්වලටත් ගහපු මේ ආණ්ඩුව, අනිවාර්යෙන්ම මේ මැතිවරණයෙන් පස්සෙ ඔබේ වැටුපටත් අත තියනවා. අද පුද්ගලික අංශයේ සියලුම සේවකයො එලියට දානවා. බාගයයි වැටුප් ගෙවන්නෙ. ඒ තත්ත්වයට රාජ්‍ය අංශයත් ගේන්න තමයි මේ උත්සහ කරන්නේ. ජයසුන්දර උන්නැහේ නිකං නෙවෙයි කීවෙ වැටුප පරිත්‍යාග කරන්න කියල. මේ රටේ වැටුප් තුනක් තියෙන එකම මිනහා පී.බී” යයි සඳහන් කලේය.
Leave a Reply