
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් එක්සත් ජනපද මැතිවරණයට පෙර චීනයට එරෙහිව දඬුවම් පැමිණවීමත් සමඟ ලෝකයේ විශාලතම ආර්ථිකයන් ඇති රටවල් දෙක අතර බරපතල ගැටළුකාරී තත්වයක් ඇති කරමින් හූස්ටන්හි කොන්සල් කාර්යාලය වසා දමන ලෙස එක්සත් ජනපදය චීනයට නියෝග කළේය. බීජිං, බදාදා මෙම නියෝගය “කෝපාවිෂ්ට ක්‍රියවක්” යැයි හෙලා දුටු අතර එය ආපසු හරවා නොගතහොත් ස්ථිර ප්‍රතිචාරයක් දක්වන බව පැවසීය.
එක්සත් ජනපදයේ චීන දූත මණ්ඩල හයෙන් එකක් වන කොන්සල් කාර්යාලය වසා දැමීම, කොරෝනා වයිරස් වසංගතයෙන් පමණක් නොව වෙළඳාම, මානව හිමිකම්, හොංකොං සහ චීන ස්ථීරභාවය පිළිබඳ ආරවුල් නිසා වඩාත් විවාදාත්මක සබඳතාවල උණුසුම් පියවරක් මෙයින් සනිටුහන් කළේය.
චීන නිලධාරීන්ට, ශිෂ්‍යයින්ට සහ පර්යේෂකයන්ට එරෙහි ට්‍රම්ප් පරිපාලන ක්‍රියාමාර්ගවලට සංචාරක තහනම් කිරීම්, ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා සහ එක්සත් ජනපදයට ඇතුළු වීමි සෘමා කීරීම් සහ වෙනත් පියවර ඇතුළත් වේ. එසේම දකුණු චීන මුහුදේ ඇති සියලුම චීන සමුද්‍රීය හිමිකම් මුලුමනින්ම පාහේ ප්‍රතික්ෂේප කරන බව ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර තිබේ.
එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් චීනයට දොස් පැවරීමට උත්සාහ කරන අතර, කොරෝනා වසංගතය ඉහළ ගොස් ඇති අතර එළඹෙන මැතිවරණයෙන් නැවත තේරී පත්වීමේ ට්‍රම්ප්ගේ අපේක්ෂාවන් අණතුරට ලක්ව ඇත. ට්‍රම්ප් විසින්ම කියා සිටියේ චීනයේ හැසිරීම වෙනස් නොකරන්නේ නම් තවත් වසා දැමීම් සිදුවිය හැකි බවයි. ධවල මන්දිරයේ වාර්තාකරුවන්ට ඔහු පැවසුවේ “එය සැමවිටම කළ හැකි” බවයි.
ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් වෛද්‍ය සංකීර්ණයේ සහ හූස්ටන්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ එම්.ඩී ඇන්ඩර්සන් පිළිකා මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන වලින් දත්ත සොරකම් කිරීමට චීන නියෝජිතයින් උත්සාහ කළ බවට චෝදනා කිරීමෙන් පසු පැය 72 ක් ඇතුළත කොන්සල් කාර්යාලය වසා දැමීමට නියෝග කළ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
චීන කොන්සියුලර් කාර්ය මණ්ඩලය පිටත්ව යාමට සූදානම් වන බවට ඇඟවීම් තිබුණි: අඟහරුවාදා රාත්‍රියේ කොන්සල් කාර්යාල භූමියේ තුල ලිපිගොනු පුළුස්සා දමනු ලැබීන අයුරු ඇතුලත් වීඩියෝවක් නිකුත් විය. චීන කොන්සල් ජෙනරාල් කායි වී, හූස්ටන්හි කේටීආර්කේ-ටීවී වෙත පැවසුවේ වසා දැමීමේ නියෝගය “තරමක් වැරදියි” සහ එක්සත් ජනපද-චීන සබඳතාවලට “ඉතා හානිකර” බවයි.
ඔත්තු බැලීම සහ දත්ත සොරකම් කිරීම පිළිබඳ චෝදනා ගැන විමසූ විට කායි පැවසුවේ, “ඔබ යම් සාක්ෂියක් දිය යුතුයි, කරුණු වලින් යමක් කියන්න. … ඇමරිකානුවන් දන්නව, ඔබට නීතියේ ආධිපත්‍යය ඇත, ඔබ වැරදිකරු බව ඔප්පු වන තුරු ඔබ වැරදිකරු නොවේ. ”
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔර්ටගස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වසා දැමීම “ඇමරිකානු බුද්ධිමය දේපල සහ ඇමරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම” බවයි.
“(චීනයේ) අසාධාරණ වෙළඳ භාවිතයන්, ඇමරිකානු රැකියා සොරකම් කිරීම සහ වෙනත් අශෝභන හැසිරීම් අප නොඉවසූ ආකාරයටම, එක්සත් ජනපදය (චීනයේ) අපගේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සහ අපේ ජනතාව බිය ගැන්වීම නොඉවසන බව ඇය පැවසුවාය.
“වාණිජ ඔත්තු බැලීම, බුද්ධිමය දේපළ සොරකම් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට, ව්‍යාපාරිකයින්ට සහ මාධ්‍යවේදීන්ට අසමාන ලෙස සැලකීම සම්බන්ධ කාරනා වලින් මෙම ආරවුලේ බර වැඩි වෙමින් පවතී” යැයි බදාදා කොන්ග්රසය හමුවේ සාක්ෂි දෙමින් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ස්ටීවන් බීගුන් පැවසීය. ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගයට එම සාධක හේතු වූ බව ඔහු සෙනෙට් විදේශ සබඳතා කමිටුවට පැවසීය.
චීනයේ ආරම්භ වූ COVID-19 වසංගතයට සම්බන්ධ එක්සත් ජනපද සමාගම්වලින් ඖෂධ රහස් සොරකම් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත චීන හැකර්වරුන් දෙදෙනෙකුට විරුද්ධව අධිචෝදනා අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලදී. අධිචෝදනාවන්ට කොන්සියුලර් කාර්යාලයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොතිබුණද, එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ චෝදනා කර ඇත්තේ චීනය අශෝභන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවයි
එක්සත් ජනපදය අඟහරුවාදා චීන තානාපති වෙත පෞද්ගලිකව දැනුම් දුන් වසා දැමීම නිවේදනය කිරීමට පෙර පවා චීනය එය තරයේ හෙළා දුටුවේය.
“කෙටි කාලයක් තුළ චීනයේ කොන්සල් ජනරාල්වරයා ඒකපාර්ශවිකව වසා දැමීම චීනයට එරෙහි මෑත කාලීන ක්‍රියාමාර්ග පෙර නොවූ විරූ ලෙස තීව්ර කිරීමකි” යැයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසීය. එක්සත් ජනපදය ආපසු හැරෙන්නේ නැත්නම් ස්ථිර ප්‍රතිප්‍රහාර ගැන ඔහු අනතුරු ඇඟවීය.
අවසරයකින් තොරව චීන රාජ්‍යතාන්ත්‍රික මලු විවෘත කිරීම, නිල භාවිතය සඳහා වන චීන භාණ්ඩ රාජසන්තක කිරීම සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට නැවතත් ජුනි මාසයේදී තහංචි පැනවූ බවට වැන්ග් එක්සත් ජනපදයට චෝදනා කළේය. චීනයේ එක්සත් ජනපද තානාපතිවරු ආක්‍රමණය කිරීමේ කටයුතුවල නිරත වන බව ද ඔහු පැවසීය.
අඟහරුවාදා රාත්‍රියේ කොන්සල් කාර්යාල භූමියේ කඩදාසි පුළුස්සා දැමූ බවට පළ වූ වාර්තා වලට ගිනි නිවන භටයන් ප්‍රතිචාර දැක්වූ නමුත් ඒවාට ඇතුළුවීම තහනම් විය. බදාදා දහවල් කොන්සියුලර් කාර්ය මණ්ඩලය පිරිසිදු කිරීමේ උපකරණ සහ කඩදාසි නිෂ්පාදන ගොඩනැගිල්ලෙන් පිටත නවතා තිබූ වෑන් රථයකට පටවන අයුරු දැකගත හැකි විය. යූ-හෝල් ට්‍රක් රථයක් ද කොන්සල් කාර්යාලයෙන් පිටත නවතා තිබුණි
පළමු ප්‍රතිචාර දැක්වූවන් “කොන්සියුලර් කාර්යාලයේ සිටින පුද්ගලයින් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටින නිසා ඔවුන් කඩදාසි පුළුස්සා දමන බව පැවසුවා” යැයි හූස්ටන් නගරාධිපති සිල්වෙස්ටර් ටර්නර් පැවසීය.
විදේශීය රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර නීතියෙන් ලබා දී ඇති නීතිමය ප්‍රතිශක්තිය යටතේ වන අතර අවසරයකින් තොරව ඇතුළු නොවිය හැකිය. කෙසේ වෙතත්, එක්සත් ජනපද දූත මණ්ඩල ද ඇතුළුව කෙටි දැනුම්දීමකින් ඇණවුම් කරන ලද හෝ වෙනත් ආකාරයකින් වසා දැමීමට බල කරන ලද ස්ථානයක රහස්‍ය ලේඛන විනාශ කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. එක්සත් ජනපදයේ ඉතා මෑතකදී, සැන් ෆ්රැන්සිස්කෝ හි රුසියාවේ කොන්සල් කාර්යාලය 2017 දී වසා දැමීමට නියෝග කළ විට විශාල ප්‍රමාණයක් ලියකියවිළි පුච්චා දැමීම වාර්තා විය.
රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් හැරුණු විට, හූස්ටන් කොන්සල් කාර්යාලය වසා දැමීමෙන් චීනයට දකුණු ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන්ට සහ එහි වීසා සහ වෙනත් සේවාවන් අපේක්ෂා කරන එක්සත් ජනපද ජාතිකයින්ට ආධාර සැපයීම වඩාත් අපහසු වනු ඇත.
වොෂිංටන්හි තානාපති කාර්යාලයට සහ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරට අමතරව චීනය නිව්යෝක්, චිකාගෝ සහ ලොස් ඇන්ජලීස් හි කොන්සල් කාර්යාල ද ඇත. චීනයේ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් අන්‍යෝන්‍ය වශයෙන් වසා දැමීම වළක්වාලීමේ ප්රයත්නයක දී රාජ්‍ය දෙපාර්තමේන්තුව චීන ජාතිකයින්ට කියා සිටියේ වුහාන් හි පිහිටි සිය කොන්සල් කාර්යාලය නැවත විවෘත නොකරන බවයි.
වුහාන් වලින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ උච්චතම අවස්ථාවේ දී එහි තිබූ එක්සත් ජනපද කොන්සල් කාර්යාලය ජනවාරි අග දී වසා දමන ලද නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුව ජුනි මස මුලදී කොන්ග්‍රසයට දන්වා තිබුනේ එය නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.
වුහාන්ට අමතරව එක්සත් ජනපදයට චීනයේ තවත් කොන්සල් කාර්යාල හතරක් ඇත – ෂැංහයි, ගුවැන්ෂු, චෙංඩු සහ ෂෙන්යැන්ග් – බීජිංහි තානාපති කාර්යාලය සහ හොංකොං හි කොන්සල් ජනරාල්.
චීනයේ ආර්ථික වැදගත්කම පිළිබිඹු කරමින් හූස්ටන් ව්‍යාපාරික කණ්ඩායමක් මෙම නිවේදනය ගැන කනගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ වෙළඳ, ආයෝජන සහ සංස්කෘතික සබඳතා ගොඩනැගීමේදී කොන්සල් කාර්යාලය වැදගත් බවයි. හූස්ටන් කොන්සල් කාර්යාලය 1979 දී විවෘත කරන විට එය එක්සත් ජනපදයේ ප්‍රථම චීන කොන්සල් කාර්යාලය විය.
Leave a Reply