
ලෙටිසියාවේ කොවිඩ් 19 න් පීඩා විඳි පළමු අය අතර ඔකේනා ආදිවාසී ගෝත්‍රයේ සාමාජිකයෙක් සහ අර්ධකාලීන නළුවෙකු වූ ඇන්ටෝනියෝ බොලිවර් ද විය. ඔස්කාර් සම්මානය සඳහා නම් කරන ලද පළමු කොලොම්බියානු චිත්‍රපටය වන එම්බ්‍රේස් ඔෆ් ද සර්පන්ට් චිත්‍රපටයේ 2015 දී ඔහු රඟපෑ ඔහු දේශීය වශයෙන් ඉතා ජනප්‍රිය පුද්ගලයකු බවට පත්විය.
මරණ 40,000 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ බ්‍රසීලය ලොව තුන්වන වැඩිම COVID-19 මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති අතර දෙවනියට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී තිබේ. මෙම රෝගය බ්‍රසීලයේ දේශසීමා පුරා පැතිරෙනු ඇතැයි එහි අසල්වැසියෝ බිය වෙති. ඇත්ත වශයෙන්ම, එක් කොලොම්බියානු මායිම් නගරයක් මේ වන විටත් වෛරසය බලපා ඇත.එය නම් ලෙටිසියා නගරයයි. කොලොම්බියාවේ දකුණු කෙළවරේ පිහිටා ඇති ලෙටිසියා බ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ට මායිම්ව ඇති ඇමසන් ගංගාවෙි වරාය නගරය කි. කොලොම්බියාවේ සාමාන්‍යයෙන් සෙසු ප්‍රදේශවලට නගරය සම්බන්ධ කරන ගුවන් ගමන් කිහිපයක් මිස මාර්ග නොමැත. ලිටීසියා හි ජීවත් වන ජනගහණය 50,000 දෙනෙකු පමණ ඔවුන්ගේ ආහාර හා සැපයුම්වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ අසල්වැසි දකුණු ඇමරිකානු රටවලින් ය.
කොලොම්බියාවේ ඇමසොනාස් දෙපාර්තමේන්තුවේ හෝ ලෙටිසියා රාජ්‍ය ආණ්ඩුකාර ජෙසීස් ගල්ඩිනෝ පවසන්නේ මෙම ආර්ථික යථාර්ථය නිසා කොලොම්බියාවට බ්‍රසීලය හරහා වෛරසය පැතිරීමට පටන් ගත් විට තම දේශ සීමාව මුද්‍රා තැබීමට නොහැකි වූ බවයි.
ඊට අමතරව, බොහෝ කොලොම්බියානුවන් ජීවත් වන්නේ ලෙටිසියාවට යාබද බ්‍රසීලියානු නගරයක් වන ටබටින්ගා හි වන අතර ඔවුන් නිතරම කොලොම්බියානු පැත්තට ගොස් වැඩ කිරීමට, සාප්පු යෑමට හෝ නෑදෑයන් බැලීමට යති. සමහර අසල්වැසි ප්‍රදේශවල වීථිය දෙරට අතර බෙදීම් රේඛාව සාදයි.
“අවහිරයක් ඇති කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල වනු ඇත,” ගැල්ඩිනෝ ලිටීෂියා හි දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. “COVID 19 බ්‍රසීලය තුළ මෙතරම් විශාල බලපෑමක් ඇති කිරීමත් සමඟ මෙහි සිටින රෝගීන් සංඛ්‍යාව ද විශාල ය.”
මේ වන විට, ලිටීෂියා සහ ඒ අවට පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් COVID-19 රෝගයෙන් පෙළෙති. 70 ක් පමණ මිය ගොස් ඇත. එය මුලදී දැවැන්ත මරණ සංඛ්‍යාවක් මෙන් නොවිය හැකිය. නමුත් කොලොම්බියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව අවට ඇමසොනාස් ප්‍රාන්තයේ ජනගහනය ඉතා අඩු බැවින් මෙය කොලොම්බියාවේ ඉහළම ඒක පුද්ගල මරණ අනුපාතය වේ.
ලෙටිසියාවේ කොවිඩ් 19 න් පීඩා විඳි පළමු අය අතර ඔකේනා ආදිවාසී ගෝත්‍රයේ සාමාජිකයෙක් සහ අර්ධකාලීන නළුවෙකු වූ ඇන්ටෝනියෝ බොලිවර් ද විය. ඔස්කාර් සම්මානය සඳහා නම් කරන ලද පළමු කොලොම්බියානු චිත්‍රපටය වන එම්බ්‍රේස් ඔෆ් ද සර්පන්ට් චිත්‍රපටයේ 2015 දී ඔහු රඟපෑ ඔහු දේශීය වශයෙන් ඉතා ජනප්‍රිය පුද්ගලයකු බවට පත්විය.
එම චිත්‍රපටයට අවුරුදු තිහක කාල පරාසයක් තුල සිදුවන කතා දෙකක් කියන අතර, දෙකම ඇමසෝනියානු ෂාමන් සහ සහ ඔහුගේ ගෝත්‍රයේ අවසන් දවි ගලවා ගන්නා වන කරමාකට් ගේ චරිත නිරූපණය කරයි. ඇන්ටොනියෝ බොලිවර් එහි කරමාකට් ගේ රඟපෑ අතර ඔහු විද්‍යාඥයින් දෙදෙනෙකු සමග ලෙඩ සුව කර හැකි දුර්ලබ පූජනීය යක්රුනා ශාකය සොයා පළමුව 1909 දී ජර්මානු තියෝ වොන් මාටිස් සමගද පසුව 1940 දී ඇමරිකානුවෙකු වන රීවාන් සමගද සංචාරය කරයි.

කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස් හි 2016 පෙබරවාරි 27 වන දින සැමුවෙල් ගෝල්ඩ්වින් රඟහලේදී ඇකඩමි සම්මාන උළෙලේදී ඇන්ටෝනියෝ බොලිවර් සහ අධ්යක්ෂ සිරෝ ගුවෙරා. එම්බ්‍රේස් ඔෆ් ද සර්පන් චිත්‍රපටය හොඳම විදේශ භාෂා කාණ්ඩයට නම් කරන ලදී.
එහෙත් සිනමාවෙන් බැහැර සැබෑ ජීවිතයේ දී ලෙඩ සුව කිරීමට යක්රුනා ශාකයක් අවශ්‍ය වූයේ බොලිවර් ටය. ඔහුගේ පුත් ක්‍රිස්ටියන් බොලිවර් පවසන පරිදි අප්‍රියෙල් මාසයේදී ඔහු අධික උණ රෝගයෙන් පෙළුණු අතර හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති විය.
“අපි ඔහුට ස්වාභාවික බෙහෙත් වලින් ප්‍රතිකාර කළා,නමුත් තත්වය වඩාත් නරක අතට හැරී ඇති නිසා මම ඔහුව රෝහලට ගෙන යාමට ගිලන් රථයක් ඇමතුවෙමි.” ඔහුගේ පුත් බොලිවර් පවසයි.
ඇමසොනාස් ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ආදිවාසීන් විශේෂයෙන් COVID-19 වලට ගොදුරු වී ඇත. සමහරු ලිටීෂියා අසල වෙන්කිරීම් ස්ථනවල ජීවත් වන අතර රෝගය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අන්තර්ජාල පහසුකම් නොමැත. එපමණක්ද නොව, ඔවුන්ගේ වාර්ගික සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් මගින් බෝවන රෝග වැඩි වන බව බව ලෙටිසියා හි විශ්ව විද්‍යාල නීති මහාචාර්යවරයකු වන ජර්මන් පැලැසියෝ පවසයි.
“හැමෝම බොන්නේ එකම මූලාශ්‍රයකින් හෝ එකම වීදුරුවකින්. ඔවුන් යූකා මැද තබා සෑම කෙනෙක්ම එය බෙදා නෙ කනවා” කොවිඩ් ඔවුන්ගේ සංස්කෘති හා සමානයි. ඔවුන් අන් අය සමඟ බෙදා ගන්නව.
රෝගාතුර වන අයට ලෙටිසියා හි විකල්පක් නියමිතව තිබනි. .එනම් නගරයේ අළුතින් තැනූ රෝහලේ නේවාසික ප්‍රථිකාර. එහෙත් දූෂිත රජයේ නිලධාරීන් මුදල් සාක්කුවේ දමා ගත් අතර ඒ අනුව කිසි දිනෙක රෝහල ගොඩ නැගී නැත. මාර්තු මාසයේදී මෙම වංචාවට සම්බන්ධ හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සිරගත කරන ලදී.
“ගැටලුව වන්නේ සෑම කෙනෙකුම මහජන සෞඛ්‍ය පද්ධතිය මත යැපීමයි. නමුත් දශක තුනක දූෂණයෙන් පසු මේ වෛරසය ව්‍යසනයක්” යැයි පලසියෝ පවසයි.
අවුරුදු 60 ක් පැරණි ලිටීෂියා හි රජයේ රෝහලේ මූලික වෛද්‍ය උපකරණ නොමැති අතර කාන්දු වන වහලක් සහ කැඩුණු බේසම සහ වැසිකිළි පහසුකම් ඇත. අපේ‍්‍රල් මාසයේදී එහි වෛද්‍යවරුන් හා හෙදියන් 30 දෙනෙකු පමණ වෛද්‍ය උපකරණ නොමැතිකම සහ මාස ගණනක් පඩි ගෙවා නොතිබීම නිසා ඉල්ලා අස්විය. ෆෙඩරල් බලධාරීන් මැදිහත් වී රෝහලේ කළමනාකරණය භාර ගැනීමට එය හේතු විය. එතැන් සිට සමහර කාර්ය මණ්ඩලය ආපසු පැමිණ ඇත.
ක්‍රිස්ටියන් බොලිවර් සිය පියා වන සිනමා නළුවා රැගෙන ආ රෝහල මෙයයි. නමුත් ඔහු පවසන්නේ තම පියාගේ රුධිරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට එහි වෛද්‍යවරුන්ට උපකරණයක් නොමැති බවයි. ඉතින්, ඔහු තම පියා මිල අධික පෞද්ගලික සායනයකට ගෙන ගියේය – නමුත් එය පිරී තිබිනි.
Leave a Reply