
උතුරු ලන්ඩනයේදී “මගේ බෙල්ලෙන් බහින්න” යනුවෙන් කෑගසමින් බිම වැතිර සිටි කළු ජාතිකයෙකුගේ බෙල්ල දන හිසින් හිර කරගෙන සිටි වීඩියෝ පටයක් ටුවිටර් සමාජ මාධ්‍ය ජාලව හරහා ප්‍රචාරය වීවෙන් පසු ලංඩන්හි මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් නිලධාරියෙකුගේ රාජකාරි සීමා කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා සවස 6.30 ට පමණ උතුරු ලන්ඩනයේ ඉස්ලින්ටන් පාරේ පැවති කළබලයකට පොලීසිය කැඳවනු ලැබූ බවත් ප්‍රහාරාත්මක ආයුධයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔවුන් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ස්කොට්ලන්ඩ්යාඩ් පැවසීය.
ටුවිටර් සමාජ මාධ්‍ය ජාලයේ පළ කරන ලද වීඩියෝ පටවල දැක්වෙන්නේ මාංචු දැමූ කළු ජාතිකයෙකු පදික වේදිකාවේ බිම දමාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔහුව පේමන්ට් එක මත තද කරගෙන සිටින දර්ශණයකි.
පොලිස් බලකාය පවසන්නේ. සිද්ධියේ කොටසක් පමණක් පෙන්වන වීඩියෝවක් “අවධානය යොමුවන ආකාරයට” පෙනෙන අතර එය පොලිස් හැසිරීම පිළිබඳ ස්වාධීන කාර්යාලයට (අයිඕපීසී) යොමු කර ඇති බවයි.
වීඩියෝ කොටස ආරම්භයේදී එක් නිලධාරියෙක් සැකකරු පාලනය කිරීම සඳහා ඔහුගේ හිස මත අත තබා දණහිස භාවිතා කරන බවක් පෙනෙන්නට ඇති අතර පසුව දනහිස ඉවත් කරයි. බිම වැතිර සිටින මිනිසා කෑගසමින් “මා වෙතින් ඉවත් වන්න… මගේ බෙල්ලෙන් ඉවත් වන්න, මම කිසිම වරදක් කර නැත, මගේ බෙල්ලෙන් ඉවත් වන්න” යනුවෙන් කියනු ඇසේ.
එක් පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් මෙසේ අසයි: “ඔබ හොඳින් හැසිරෙන්නේද?” පසුව ඔහු නැගී සිටීමට පෙර “පහළට” සිටින ලෙස ඔහුට පවසන අතර සිද්ධිය රූගත කරන නිරීක්ෂකයින්ගෙන් “ආපසු යන්න” කියා ඉල්ලා සිටී. තවත් ක්ලිප් එකක දැක්වෙන්නේ තවත් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන බවයි.
මෙම වීඩියෝ පටය බෙදාගත් ට්විටර් පරිශීලකයා පැවසුවේ, “ඇත්තෙන්ම පිළිකුල් සහගතයි, මේ වීඩියෝවේ සිටින මගේ සහෝදරිය මේ පොලිස් අමානුෂික ක්‍රියාවන් දුටු අතර ඔවුන් සිටියේ මේ කළු මිනිසාගේ ගෙල මත දණ ගසාගෙන ය.
සිකුරාදා නියෝජ්‍ය කොමසාරිස් ශ්‍රීමත් ස්ටීව් හවුස් මෙසේ පැවසීය. “මම අද දුටු සහ සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශන අතිශයින්ම කනස්සල්ලට කරුණකි. මෙම වීඩියෝ පටය නරඹන බොහෝ දෙනෙක් මගේ කනස්සල්ල බෙදා ගන්නා බව මම තේරුම් ගතිමි.
” භාවිතා කරන සමහර ශිල්ප ක්‍රම ගැන අවධානය යොමු කරමි, ඒවා පොලිස් පුහණුවීමේදී උගන්වනු නොලැබේ. ුඅපි නිලධාරීන්ගේ ශරීර වල සවි කර ඇති කැමරා වල දර්ශණ සහ පලය යෙදීම සාධාරණීකරණය කිරීම සඳහා වන ඔවුන්ගේ ප්‍රකාශ තක්සේරු කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙය ඉක්මනින්ම ස්වාධීන පොලිස් කොමිසම IOPC වෙත යොමු කර ඇත, මේ වන විට නිලධාරියෙකුගේ සේවය අත්හිටුවා ඇත” ෂැඩෝ ස්වදේශීය කටයුතු ලේකම් නික් තෝමස-සයිමන්ඩ්ස්ගේ ටුවිටර් පණිවිඩයක දැක්වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයාව පොලිස් ස්ථානයට ගෙනගොස් වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර ඇත.
Leave a Reply