
කිළිනොච්චියේදී දෙමළ ඊලාම් කාන්තා දින උත්සවය නරඹන මෙම එල් ටී ටී සෙබළියන් 2002 ඔක්තෝබර් 10 වන දින මට මුන ගැසිණි. කරුණා අද කියන විදිහට මේ වේදිකා නිළියන්ද ? ඔවුන් එල්ලගෙන සිටින්නේ නාට්‍ය අනුරූපද? – අනුරුද්ධ ලොකුහපුආරච්චි
කරුණා අම්මාන් සහ ඔහුගේ හාම්පුතුන් වන රාජපක්ශ පවුල ප්‍රමඛ හොර නැඩය විශ්වාස කරනවා ඇත්තේ අප තව දුරටත් ජීවතුන් නැති බව විය හැක. ඒ නිසා ඔවුන්ට ඕනෑම දෙයක් කීමටත් කියන හැම දෙයක්ම හිස් මුදුනින් පිළිගන්න වහල් සමාජයක අයිතිකරුවන් මෙන් හැසිරීමටත් හැකියාව ලැබී ඇත. රාජපක්ෂ පවුල විසින් යුද්ධයේදී සමූල ඝාතකයෙක් වූ කරුණා වෙත දක්වන මේ කරුණාව යුද්ධයේදි දැක් වූ සහයට වඩා බලය ලබා ගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණ වලට සහ තමන්ට බලය ලබාගැනීම සඳහා වූ බාදක ඉවත් කිරීමට සඳහා වෙන තුටු පඬුරුය.

2004 මාර්තු මාසයේදී, කරුණා නැගෙනහිර වන්නි (උතුර) එල්ටීටීඊ අණදෙන නිලධාරීව සිටිමින් ප්රභාකරන් ගෙන් වෙන් වූ අතර එයින් පසු අප්‍රේල් 9 වන දින එවකට මා සේවය කල රොයිටර් ප්රවෘත්ති සේවය වෙනුවෙන් අප ඔහුව මඩකලපුව තොප්පිගල වනාන්තරයේ තිබූ කරුණාගේ ප්‍රධාන කඳවුර වන මීනාකම් හිදී හමුවිය. එහිදී කඳවුරේ තුවක්කු අතැතිව සිටි බොහෝ දෙනෙකු අතර වයස අවුරුදු 15-18 අතර බොහෝ දෙනෙක් සිටි අතර ඔවුන් තරමක් වික්ෂිප්තව සිටින බව අපට පහසුවෙන්ම අවබෝධ විය. ඔහු එහිදී එල් ටී ටීය තවදුරටත්දෙමළ ජනයා ගේ එකම නියෝජිතයා නොවන බව අප සමග ප්‍රකාශ කලේ මෙතැන් සිට තමාද දෙමළ ජනතාවගේ නියෝජිතයකු බව අපට හඟවමිනි. එහෙත් ඔහුගේ කඳවුරෙන් අප නික්මී දින තුනකට පසු එනම් අප්‍රේල් 12 වන සඳුදා ප්‍රභාරකරන්ගේ එල් ටී ටී හමුදාව කොක්අඩිචෝලේ කරුණාගේ දේශපාලන කාර්යාල අත්පත් කර ගන්නා අතර තොප්පිගල මීනක්කම් කඳවුරට පහර දුන්නේය. අන්දමන්ද වූ කරුණාගේ ළමා සොල්දාදුවන් සී සීකඩ පලා ගියේය. එහෙත් කරුණට පක්ෂපාත පලපුරුදු කැරළිකරුවන් ප්රභාකරන්ගේ හමුදාව සමග ගැටුනු අතර ත්‍රීකුණාමලය සහ මඩකළපුව වෙන්වන වේරුගල් ගං තීරයේදී කරන ලද දරුණු සටනකින් පසු ඔවුන් පරාජයට පත්විය. එම සටන් වලින් මිය ගිය සංඛ්‍යාව තවමත් හෙළිදරව් නොවූ අතර මගේ පුද්ගලික නිරීක්ෂණයට අනුව සටන් වලට පෙර 800-1200 අතර සංඛ්‍යාවක් කරුණාගේ භටයන් ඔහු සමග සිටින්නට ඇත. අවසානයේ කරුණාගේ හමුදාව යටතේ සිට පලා ගිය හෝ එල්ටීටීයට හමුවුන නැගෙනහිර පලාතේ කුඩා දරුවන් ඔවුන්ගේ පවුල්වල රැකවරණය සඳහා මුදා හරින ලදි.

එවකට පැවති සාම වැඩපිළිවලේ එකඟතාවන් අනූකූලව රජයේ හමුදා මෙම සටනට මැදිහත් වීමෙන් වැළකුණු අතර ඒ නිසා ප්රභාකරන්ගේ හමුදාවට රජයේ හමුදාවන්හි විරෝධයකින් තොරව රජයේ පාලන ප්‍රදේශ හරහා ප්‍රහාරයට යාමේ වරප්‍රසාදය ලැබුනි.
ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරාගත් කරුණා රහසිගතව කොළඹට පැන ආවේ ප්රභාකරන් ගැන විතරක් නොව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එවකට පැවති සාම ගිවිසුමත් කෙරෙහි උපන් කෝපයකින් බව ඔහු සැඟව සිටින විට කතා කරන්නට ලැබුනු කිහිප විටක මට අවබෝධ විය. එයට හේතුව අවශ්‍ය මොහොතේ ප්රභාකරන්ගේ හමුදාවට විරුද්ධව සටන් කරන්න රජයේ හමුදා සහය නොදීමය. මගේ අවබෝධයේ හැටියට පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පෙරලා දමා රජයේ බලය අත්පත් කරගැනීමට බලා සිටි රාජපක්ෂ පවුලත් ඇතැම් සිංහල බෞද්ධ දේශපාලන කණ්ඩායම්ද කරුණාට සමීප වූයේ ඉතා පහසුවනි. ඒ අනුව 2005 පෙබරවාරි 8 වන දින සාමගිවිසුමේ එකඟතාවයන්ට අනුව දේශපාලන කටයුතුවලට පැමිණ ආපසු යන විට එවකට නැගෙණහිර එල්ටීටී දේශපාලණ නායක කෞෂල්යන්ව වැළිකන්ද නැගෙනහිර යුධ හමුදා මූලස්ථානය අසන්නයේදී මරා දමීය. එවකට ක්‍රියාත්මක වෙමින් තිබූ සාම ගිවිසුමේ එකඟතාවයට අනුව වේලාවන් ඇතුළුව ඔහුගේ ගමන් මාර්ගත් එදා ඔහු ගමන් ගත් 57-1020 අංකය දැරූ මෙටලික් අළු පාට ටොයොට හයිඒස් ඩී එක්ස් වෑන්රථයේ තොරතුරුද නොර්වේජියානු සාම නිරීක්ෂකයන් හරහා වැළිකන්ද හමුදා මූලස්ථාණයටද දැනුමි දී තිබූ තිබුනි. ප්‍රහාරය සිදු වූ ඒ 11 පාරත් වැළිකන්ද හමුදා කඳවුරේ මායිමත් අතර ළඳු බිම් කඩක් හරහා පුහාරය වූ ස්ථානයට තිබුනේ මීටර 800 පමණ දුරක් පමණක් බව ඒ මොහොතේ එහි ගිය මට අවබෝධ විය. එය සැඟවී එල්ලකරන ලද ප්‍රහාරයක් වූ අතර ප්‍රහාරකයන් අවම වශයෙන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටින්නට ඇතැයි වාහනයට වෙඩි උණ්ඩ වැදී ඇති අකාරයෙන් නිගමණය කල හැක. එසේම ප්‍රහාරකයන්ට යුදහමුදා කඳවුරේ සොල්දදාදුවන්ට හසු නොවී පලා යාමේ හැකියාව ඉතාමත් අල්ප වූ අතර එයිනුත් හමුදා වෙඩි හවමාරුවකට මැදි නොවී පලා යාමට ඇති හැකියාවක් කිසිසේත්ම නැත. එහෙත් හමුදාවෙන් එකම වෙඩිල්ලක් තබා නොතිබූ අතර ප්‍රහාරකයන් ගැන කිසිම හෝඩුවාවක් නොවීය.
මේ කුමණත්රණය සැළසුම් කල අයගේ අරමුණ ඉතා සාර්ථක වූ අතර ඒ නිසා රනිල් ගේ යූඑන්පී ආණඩුව කඩා වැටිනි. මෙි අනුව කරුණා කුමන්ත්‍රණ කරුවන්ගේ දීර්ඝ කාළීණ ආයෝජණයක් විය. රාජපක්ෂ පවුල බලය ලබා ගත් අතර මුල් අවධියේදී එල් ටී ටීයත් සමග සහජීවණයෙන් සිටීමට දැඩි උත්සාහයක යෙදුනේ බාබුගේ බෝම්බයට හසුවෙනකමි ප්‍රේමදාස ජනාධිපතිවරයා සිටියාක් මෙනි. 2005 ජනාධිපතිවරණය ආසන්නයේදි මහින්ද රාජපක්ෂ විසින් අරළිය ගහ මන්දීරයේදී එල් ටී ටීයත් සමග එකඟතාවයකට ඒමට පුළුවන් විදිහක් සූදානම් කර දෙන ලෙස ඉල්ලා සිටියද මම එය ප්‍රතික්ශේප කෙරුවෙමි. පසුව ඔහු ලංඩනයේ සිටි අයෙකු හරහා ඇති කරගත් සබඳතාවයක් හරහා ජනාධිපතිවරණයට පෙර එල්ටීටීය සමග එකඟතාවයකට පැමිණ සාම ගිවිසුම නිසා රනිල්ට වැටිය හැකිව තිබූ උතුරු නැගෙනහිර දෙමළ චන්ද අවහිර කලේය.
නැගෙනහිර මාවිල් ආරු සොරොව්ව සම්බන්ධයෙන් එල් ටීටීය එතරම් ආක්රමණකාර මුරණ්ඩ ස්ථානයක සිටියේ මහින්ද රජපක්ෂත් සමග තිබූ සබඳතාවයට සාපේක්ෂව ඔහු දැඩි මිළිටරි ක්‍රියාමාර්ගයකට නොයාවියයි එල් ටී ටීයට තිබූ විශ්වාසය නිසාය. එහෙත් මහින්ද රාජපක්ෂ හමුදාමය ක්‍රියාන්විතයක් පිළිබඳ විකල්පය තෝරා ගත්තේ ජනතා සිංහල බෞද්ධ බලවේග ප්රමුඛ සියළුම දේශපාලන බලවේග වල බලකිරීම මත ඔහුට එය මගහැරිය නොහැකි නිසාය. එය එසේ නොවීනමි කරුණා පමණක් නොව අද ප්රභාකරන්ද පොහොටිටු වෙිදිකාවෙිදී මරා දැමූ සොල්දාදුවන්ගේ ගණන් හිලව් කියනු ඇත.
කරුණා පවසන පරිදි එල්ටීටීඊ නිල ඇඳුමින් සැරසී සිටින ළමයින් පෙන්වන මාධ්‍යවල සංසරණය වන සමහර ඡායාරූප සමහර වේදිකා නාට්‍යවලින් ලබාගත් ඡායාරූප වේ. එය සත්‍යනම් විසි අට වසරක් පමණ පුරා ඇදී සම්පූර්ණ දෙමළ ඊලාම් අරගලයම එකම වේදිකා නාට්‍යයකි. 1991 දී මඩු පල්ලියේ වාර්ශික දේව මෙහෙයට ගිය මට හමුවූ මුල්ම එල්ටීටී භටයන් වයස අවුරුදු 8-15 ත් අතර වූවන්ය. 40 ක් පමණ වූ එම පිරිස සන්නධව සිටියේ සැහැල්ලු මැෂින් තුවක්කු සහ දිග මන්නා පිහිත් කීපදෙනෙකු අත ආර් පී ජී සහ ඒවායේ රොකට්ද විය.
2006 නොවැම්බර් 6 වන දින වාකරේ හමුදා මෙහෙයුම අතරතුර ඊට නුදුරු මාන්කර්ණි ප්‍රදේශයේදී සන්නද්ධ කරුණගේ සන්නදධ කුළී හේවායෝ ගැටුම් ප්‍රදේශයේන පලා එන ළමයින් එකතු කිරීමෙි යෙදී සිටිනු මගේ නිරීක්ශණයට හසු වූ අතර මා දුටු විට කළබල වූ ඔවුන් එක් ළමයෙකු පමණක් රැගෙන ගියේය. එම අනාථ කඳවුර රජයේ පාලනය යටතේ වූවක් වූ අතර මා සමග එවිට හමුදා ඔත්තුකරුවන් මා සිටින නිසා දැනට එතනින් ඉවත්වන ලෙස කියන අයුරු මම නිරීක්ෂණ කෙරුවෙමි. මේ පිළිබඳ මා පසුව චායාරූප සහිතව වාර්තා කල අතර එක්සත් ජාතීන්ගේ ලමා අරක්ෂණ කමිටුව රජයට මේ පිළිබඳ චෝදනා කල අතර ප්‍රතික්ෂේප කලේය.
ඒ දිනවල නැගෙනහිර පලාතේ අණ දෙන නිළධාරියාව සිටියේ පසුකලක යුධහමුදාපතිව සිටි දායාරත්නායකය වන අතර කරුණාගේ කණ්ඩාම් සමග යුධහමුදාව වෙනුවෙන් සම්බනධීකරණය පැවත්වූවෙි යුධ හමුදා විශේෂ බලකායේ අණ දෙන නිලධාරී ප්‍රසන්න සිල්වා විසිනි.
පසු ගිය දිනයක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකා රජයේ පිටුබලය ලත් පැරාමිලිටරි නායක කරුනාට ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටියේය. “ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම වගවීම අදාළ විය යුතුය” යනුවෙන් ප්‍රකාශ කළේය.
“එල්ටීටීඊයේ හිටපු අණදෙන නිලධාරි සහ රජයේ ඇමතිවරයකු වන අතීත අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බව අපි සටහන් කරමු” යනුවෙන් එම කාර්යාලය ඊයේ ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. “ළමා සොල්දාදුවන් තොග වශයෙන් බඳවා ගැනීම, ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් සම්බන්ධයෙන් ද ඔහු විමර්ශනය කළ යුතුය. වගවීම කළ යුතුය ශ්‍රී ලංකාවේ සැමට අදාළ වේ.
අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක, හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ “යුද අපරාධ සහ අනෙකුත් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කරුණාට එරෙහිව විමර්ශනය කර නිසි පරිදි නඩු පවරන ලෙසයි.” කරුණා යළිත් යුක්තියෙන් බේරෙනු ඇතැයි යන කනස්සල්ල තවමත් පවතී.
ව්‍යාජ ලියවිල්ලක ගමන් කිරීම හේතුවෙන් 2007 දී ඔහු එක්සත් රාජධානියේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබා දී ඇත්තේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාබයරාජපක්ෂ විසිනි. ඔහු දැනට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය. දැනට අගමැති වන මහින්ද රාජපක්ෂ මහතා නමුත් එවකට ජනාධිපති වූ ඇය 2009 දී කරුණා රජයේ අමාත්‍යවරයකු ලෙස පත් කලේය.
- අනුරුද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply