
බ්‍රිතාන්‍ය රජය කොවිඩ් 19 හේතුවෙන් ඇති කල නීති රෙගුලාසි තවත් ලිහිල් කිරීමට පෙර මෙම සති අන්තයේ සිට පුද්ගලයින් 30 කට වැඩි පිරිසකගේ රැස්වීම් නීති විරෝධී ලෙස නම් කර තිබේ.නව කොරෝනා වෛරස් රෙගුලාසි වලට අනුකූලව පනවන නව නීති අද ජූලි 4 වන දින සිට බලසහිත වන බව ඩවුනිං වීදිය නිවේදනය කල අතර නිවෙස් තුල හෝ එළිමහනේ වැඩි පිරිසක් එක්වීම ආරක්ෂා රහිත බව සඳහන් කරයි.
සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසි සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් සිකුරාදා උදෑසන අත්සන් කරන ලද අතර පසුව ප්‍රකාශයට පත් කරන ලදී.
එකතුවීම් සඳහා වන සීමාවන් ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය ලබා දෙනු ඇත. කෙසේ වෙතත් විශාල ගෘහස්ථ ධාරිතාවක් සහිත මත්පැන්හල් සහ අවන්හල් මෙම සමාජ රැස්වීම් පිළිබඳ නව සීමාවන්ගෙන් නිදහස් වේ.මෙම ප්රවෟත්තිය නිකුත් වන්නේ අගුලු දැමීමේ නීති ලිහිල් කිරීම යටතේ අවන්හල් සෙනසුරාදා සිට විවෟත කිරීමට සූදානම් වන විට වන අතරය, නිවැරිදිව නම් මධ්‍යම රාත්‍රියෙන් පසුවය. නමුත් පැය කිහිපයකට පසු රජය විසින් සෙනසුරාදා උදේ 6 දක්වා නැවත විවෘත කිරීම නවතා දැමීමේ නීති සංශෝධනය කරන ලදී.
බොරිස් ජොන්සන්ගේ නිල ප්‍රකාශකයා මෙසේ පැවසීය: “ඔවුන් කරන්නේ පුද්ගලික ශාලා වල සහ එළිමහන් අවකාශයන්හි රැස්වීම් සඳහා පුද්ගලයින් 30 දෙනෙකුගේ සීමාව නියම කර ඇති අතර එය COVID 19 ආරක්ෂිත පරිසරයක නොවේ.රාත්‍රී සමාජශාලා, නියපොතු සහ රූපලාවන්‍යාගාර, ගෘහස්ථ ක්‍රීඩා පිටි, ජිම්, සම්මන්ත්රණ මධ්‍යස්ථාන සහ ප්‍රදර්ශන ශාලා මේ රෙගුලාසි මත තවදුරටත් වසා තබනු ඇත.
නිවැසියන් දෛනෙකුගේ නීතිය ගෘහස්ථ හෝ එළිමහන් රැස්වීම් ක්‍රියාත්මක වන නමුත් සමූහ රැස්වීම් වැළැක්වීම සඳහා පුද්ගලයින් 30 දෙනෙකුගේ සීමාවක් නීති සම්පාදනය කරන බව ඩව්නිං වීදිය පැවසීය.”අප විසින් අංකයක් නීතියට ඇතුලත් කල යුතු නිසා 30 ඇතුලත් කල අතර එය විශාල ජන එකතුවීම් වැලක්වීමට අවශ්‍ය නීතිමය බලතල පොලීසියට ලබා දෙයි”, අගමැති වරයාගේ ප්‍රකාශකයා තවදුරටත් පවසයි.
නීති විචාරකයින් මෙම ක්‍රියාවලිය විවේචනය කරමින් පෙන්වා දෙන්නේ නීතිය ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් ඒ ගැන විවාදයට අවස්ථාවක් නැති බවයි.මානව හිමිකම් නීතිඥ ඇඩම් වැග්නර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ” මිලියන සංඛ්‍යාවක් ජනතාවට බලපාන මෙවැනි සංකීර්ණ අපරාධ නීනි රෙගුයුලෙෂන් කොරෝනා වෛරසයට අදාලව පැනවීම හාස්‍යජනක සහ වගකීම් රහිතයි.” යනුවෙනි.
ඊයේ වන විට එක්සත් රාජධානියේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව 137 කින් ඉහළ ගොස් තිබේ.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රහස්පතින්දා සවස 5 වන විට එක්සත් රාජධානියේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 44,131 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජුලි 3 වන දින පෙ.ව. පුද්ගලයන් 284,276 ක් ධනාත්මක බව පරීක්ෂා කර ඇත.ජාතික සෞඛ්‍ය සේවා දත්ත වලට අනුව එක්සත් රාජධානියේ රෝහල් මරණ සංඛ්‍යාව 43 කින් ඉහළ යාමෙන් පසුව එය සිදුවිය.එංගලන්තයේ, කොරෝනා වයිරසයට ධනාත්මක බව පරීක්ෂා කළ තවත් 38 දෙනෙකු රෝහල්වල මියගොස් ඇති අතර, රෝහල්වල වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 28,832 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Leave a Reply