
යූ එස් එස් රොනල්ඩ් රේගන් ගුවන් පුහාරක නැවේ එම් කේ 38 මැෂින් තුවක්කුව පිලිපීන මුහුදේ පැවති යුධ අභ්‍යාසයකදී ක්‍රියාත්මක වූ අයුරු 2018 ජූලි 11 දින. ඡායාරූපය ඇමරිකන් නාවික හමුදා ෆ්ලිකර් පිටුවේ කෙනත් ඇබට් විසිනි.
එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහක යාත්‍රා විසින් දකුණු චීන මුහුදේ දී සිකුරාදා නාවික හමුදා අභ්‍යාස පැවැත්වූ බව එක්සත් ජනපද නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යූඑස්එස් රොනල්ඩ් රේගන්ගේ ප්‍රහාරක යානා සහිත නැවේ නායකත්වයෙන් යුත් නාවුක හමුදා කණ්ඩායමක් ගුවන් මෙහෙයුම් සහ ඉහළ මට්ටමේ නාවික ස්ථායිතා මෙහෙයුම් සහිත අභ්‍යාස සිදු කළ බව එම නිවේදනයේ දැක්වේ.
“අපගේ ඒකාබද්ධ හවුල්කරුවන් සමඟ පුහුණු වීම අත්‍යවශ්‍ය වන්නේ ඒකාබද්ධ බලවේගයේ ප්‍රතිචාර දැක්වීමේ මාරාන්තික බව සහතික කිරීම සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පවත්වා ගැනීම සඳහා ය” යි එක්සත් ජනපද නාවික හමුදාපති කමාන්ඩර් ජොෂුවා ෆැගන්, යූඑස්එස් රොනාල්ඩ් රේගන් නැවේ සිටි 70 වන කාර්ය සාධක බලකායේ නිලධාරින් වෙනුවෙන් සඳහන් කලේය.

එක්සත් ජනපදය හා චීනය අතර දැඩි ආතතීන් මධ්‍යයේ මෙම පුහඅණු සරඹ පැවත් වීය. වොෂින්ටනය බීජිං හි කොටරා්නා වෛරස් ප්‍රතිචාරය විවේචනය කර ඇති අතර දකුණු චීන මුහුදේ සහ වෙනත් තැන්වල භෞමික හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා වසංගත අවස්ථා ප්‍රයෝජනයට ගන්නා බවට චෝදනා කරයි.
එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ චීනයේ පුළුල් භෞමික හිමිකම් වලට දීර්ඝ කාලයක් තිස්සේ විරුද්ධ වී ඇති අතර උපාය මාර්ගික මුහුදු මාර්ගය හරහා නිරන්තරයෙන් යුද නැව් යවා ඇත.
චීනය එවැනි අභ්‍යාසවලට විරෝධය පළ කර ඇති අතර එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ සිය අයිතිය ප්‍රතික්ෂේප කිරීම නිසා චීන ඇමරිකා ආතතිය ඉහළ නංවා ඇති අතර කලාපයේ ස්ථාවරත්වය අඩපණ කර ඇති බව පැවසීය.
චීනය සම්පත් වලින් පිරි දකුණු චීන මුහුදෙන් දහයෙන් නවයක්ම තමන්ගේ බව කියා සිටින අතර ඒ හරහා වසරකට ඩොලර් ට්‍රිලියන 3 ක වෙළඳාමක් සිදු වේ. බ්රෟනායි, මැලේසියාව, පිලිපීනය, තායිවානය සහ වියට්නාමයද දකුණු මුහුදු තීරයට තරඟකාරී ලෙස අයිතිවාසිකම් කියයි.
රොයිටර් ප්රවෘත්ති ඇසුරෙනි.
දකුණු චීන මුහුද, ඇමරිකාව, චීනය, චීන ඇමරිකා අර්බුධය, ලෝක දේශපාලනය,
ඇමරිකා, ජපන්, ඔස්ට්‍රේලියා සහ පිලිපීන යුධ නැව් ඉන්දු පැසිපික් කලාපයේ නාවික අභ්‍යාසයේ යෙදෙමින් 2020 ජූලි 21 වන දින. ඡායාරූපය – ඇමරිකන් නාවික හමුදා ෆ්ලිකර් පිටුවේ කෝඩ් එල් සෝල් විසිනි.
Leave a Reply