
ඡායාරූපකලාවට ඇති ඔහුගේ බැඳීම නිසා ඡායාරූප ශිල්පියෙකු සිය තට්ටු තුනේ නිවස කැමරා හැඩයකින් ඉදිකර අති බව ඉන්දියාවෙන් වාර්තාවේ.
මේ නිවස හිමි ඡායාරූප ශිල්පියා නිරිතදිග ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේ ශාස්ත්රි නගර් ප්රදේශයේ වෙසෙන රවී හොංගල්ය. එපමනක් නොව ඡායාරූපකරණයට ඔහුගේ දැඩි ආශාව කෙරෙහි කොතරම් ඇල්මක් ඇත්ද යත් ඔහු තම පුතුන් තිදෙනා නම් කර ඇත්තේ කැමරා වෙළඳ නාම වලින් නම් කර ඇත. ඔහුගේ වැඩිමහල් පුතා “කැනන්” ලෙසත්, ඔහුගේ මැද පුතා “නිකොන්” ලෙසත්, ඔහුගේ බාල පුතා “එප්සන්” ලෙසත් හැඳින්වේ.
සිය බිරිඳ සමඟ ඡායාරූප චිත්රාගාරයක් පවත්වාටගන යන හොන්ගල් පවසන්නේ “ඡායාරූපකරණය මගේ ආශාවයි. මම එය අවුරුදු 33 ක් තිස්සේ කරනවා.”
මෙම නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් – GBP 42,400 ක් පමණ වැය කල බව හොංගල් පවසයි.
Leave a Reply