
ඡායාරූප තාක්ෂණයේ සහ සංනිවේදණ තාක්ෂණයේ දියුණව විසින් මිලියන ගණන් ඡායාරූප අද ලෝකය පුරා සංසරණය වූවත් එයින් ඡායාරූප කීයක් අපේ මතකයේ රැඳී ඇත්ද….ඇතැම් ඡායාරූප මානව ශිෂ්ඨාචාරයේ තීරණාත්මක මං සළකුණු සටහන් කරයි. ඒවා සදාතනික වටිණාකමකින් යුත් ඡායාරූප බවට පත්වන්නේ අද ඇති තාක්ෂණය පැමිණීමට බොහෝ කලකට පෙර සිටය. ඡායාරූප සංස්කරණ තාක්ෂණයේන් දූෂිත නොවූ ප්‍රවෟත්ති ඡායාරූප කලාවක් තුල ලෝකයේ නොයෙකුත් අහුමුළුවලින් ග්‍රහණය කරගත් ඒ ඓතිහාසික අවස්ථාවන් මානව ශිෂ්ඨාචාරයේ අවසානය දක්වා මිනිසුන්ගේ මතකයට නැගේවි. එම ඡායාරූප සහ ඒවාහි ශිල්පීන් සහ පසුබිම් තොරතුරු සමග එකින් එක ඉදිරිපත් කිරීමට සුළඟේ වේගය අපේක්ෂා කරන්නේ, ශ්‍රී ලංකාව තුල යහපත් ප්‍රවෟත්ති ඡායාරූප කලාවකට පරමාදර්ශ සැපයීම සඳහාය.
“යුද්ධයේ භීෂණය” – නික් යූ


ඡායාරූපයේ ව්‍යූහමය පෙනුම තුල යුද්ධයේ අනපේක්ශිත හානි වන කඩා වැටුණු ගොඩනැගිලි, මරා දැමුන සිරුරු හෝ තුවාල කරුවන් මෙම ඡායාරූපය තුල දකින්නට නැත. එහෙත් 1973 දී මෙම සිදුවීම ඡායාරූප ගත කල නික් උට් වෙත මෙම ඡායාරූපය වෙනුවෙන් පුලියස්ටර් ත්‍යාගය ප්‍රධානය කල අතර එම වසරේදිම ඇමරිකාව වියට්නාම් යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාම නිම කලේය. ඇමරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සන් මෙම ඡායාරූපය ව්‍යාජ එකක්දැයි කල්පණා කරමින් සිටියදී පුලියස්ටර් ප්‍රධානයේදී උට් පවසා සිටියේ ” මා විසින් ඡායාරූප ගත කරන ලද වියට්නාම් යුද්ධයේ භීෂණයට ව්‍යාජකරණය කිරීම අවශ්‍ය නැත” යනුවෙනි.
1972 ජූනි 8 වන දින ඇසෝසියේටඩ් පුවත් සේවයේ සේවය කරමින් සිටි වියට්නාම් ජාතික නික් උට් වියට්නාමයේ සයිගොන් සිට සැතපුම් 25ක් වයඹදිගට වන්නට වූ ට්‍රැන්ග් බැන්ග් නගරයෙන් පිටත සිටියදී වියට්නාම් ගුවන් හමුදාව වැරදීමකින් එම ප්‍රදේශයට නාපාම් බෝම්බ හෙලීය. එහි ඡායාරූප ගනිමින් සිටි උට් කෑ ගසමින් දිව එන ළමයින් සහ සොල්දාදුවන් අතර නිරුවත් දැරියක්ද දිව එනු දැක ඇත. ඇයගේ ඇඳුම් නැත්තේ ඇයිදැයි කල්පණා කරන විට ඇය නාපාමි බොම්බ වලට හසුවී ඇති බව ඔහුට සිහිපත් විය. ඒ ගැන ඔහු සඳහන් කරන්නේ ” මම වතුර වතුර ගොඩක් ගෙන ඇගේ සිරුරට වත් කලා, ඇය කෑ ගහැව්ව ..රස්නෙයි… රස්නෙයි… කියා”. ෆෑන් කිම් ෆුක් නම් වූ එම දැරිවිව ඔහු පසුව රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී දැන ගන්නට ලැබී ඇත්තේ ඇගේ සිරුරෙන් සියයට තිහක පමණ ප්‍රමාණයක් පිළිස්සී ඇති බවත් ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බවත්ය. ඒ අනුව උට් සහ ඔහුගේ සගයන් ඇයව ඇමරිකානු රෝහලකට මාරු කලේය. එහිදී ලැබුනු ප්‍රතිකාර වලින් ඇගේ ජිවිතය බේරා ගැනීමට ඔවුනට හැකි විය.
යුද්ධයේ අවසාන ප්‍රථිපල යුද්ධයකින් අපේක්ෂිත යහපත් ප්‍රථිපල වලට වඩා හානිකර බව උට්ගේ ඡායාරූපයේ ගම්‍යවන අර්ථයයි. නිරුවත අඩංගු ඡායාරූපයක් පලකිරීම පිළිබඳ පුවත් කතෟ මණ්ඩල කාමර තුල බරපතල වාද විවාද ඇති වූ අතර නිව්යෝර්ක් ටයිම්ස් ඇතළු බොහෝ පුවත් පත් වලට තම කතෟ මණ්ඩල ප්‍රතිපත්ති මෙම ඡායාරූපය පලකිරීම සඳහා නම්‍යශීලී කිරීමට සිදුවූවේ ඡායාරූපය විසින් ගම්‍ය කරවන ප්‍රතික්ශේප කල නොහැකි වියට්නාම් යුද්ධයේ කෘෘරත්වය නිසාය.
දැරිය ෆෑන් කිම් ෆුක්
ඡායාරූපයේ සිටින වියට්නාම් දැරිය ෆෑන් කිම් ෆුක් නැතහොත් නාපාම් දැරිය ඉපදුනේ 1963 අප්‍රේල් 6වන දින දකුණු වියට්නාමයේ ට්‍රොං බං ගම්මානයේය. එදා බෝම්බ ප්‍රහාරය එල්ල වන විට නව හැවිරිදි වියේ සිටි ඇය සිටියේ සිවිල් වැසියන් සහ වියට්නාම් රජයේ සොල්දාදුවන් සමග ආරක්ෂාව සඳහා කොඩෝයි නම් පන්සලට කරා පලායමිනි. දකුණු වියට්නාම් රජයේ බෝම්බ හෙලන ගුවන් යානයේ නියමුවා ඔවුන් සතුරු ප්‍රහාරක කණ්ඩායමක් යැයි වරදවා වටහා ඔවුන් වෙත බෝම්බ හෙලා ඇත. ප්‍රහාරයෙන් ඇගේ සොහොයුරියන් දෙදෙනෙක් සහ තවත් ගම් වාසීන් මියගොස් ඇත.
එම සිදූවීමෙන් දශක ගනණකට පසු ඇය ඒ අතීතය ආවර්ජණය කරන්නේ මෙසේය. “මම දැක්ක ගුවන් යානා, ඒවා වේගවත් සහ ඝෝෂාකාරියි. මට කිසි දෙයක් තේරුනේ නැහැ. මම ඔළුව හරවල ඒ දිහා බැළුව, එතකොට මම දැක්ක ඒවායින් බෝම්බ හතරක් වැටෙනව….එතකොටම මගේ වටේ හැමදේම ගිනිගන්න පටන් ගත්ත. මට කාවවත් පෙනුනෙ නැහැ. ගිනදරට මගේ ඇඳුම් පිච්චෙන්න ගත්ත නිසා මම ඇඳුම් ගැලෙව්ව, ඒ එක්කම මගේ වම් අත පිච්චෙන්න ගත්ත….මම දකුණු අතින් වම් අත වහගන්න උත්සාහ කලා ඒකෙන් දකුණු අතත් පිච්චුනා”.

තව දුරටක් ඒ මොහොත විස්තර කල ඇය මෙසේ පැවසීය, “ඒ මොහොතේ, මම භීතියට පත්වුණා, ඔබ දන්නවා පස්සේ මම ඒ ගින්නෙන් බේරුණා. මගේ සහෝදරයන්, ඥාති සහෝදරයන් සහ සමහර සොල්දාදුවන් අප සමඟ සිටිනු මම දුටුවා. ඊටපස්සේ අපි දුවගෙන දුවගෙන ගියා. ඒ වගේම මම ගොඩක් අය දැක්කා. ඔවුන් පාරේ සිටගෙන, මම කෑගැසුවා, “මට හොඳටම රස්නෙයි…. මට හොඳටම රස්නෙයි කියල” මට මතකයි එක් සොල්දාදුවෙක්; ඔහු මට බොන්න වතුර ටිකක් දුන්නා. ඔහු මගේ සමට වතුර වත් කළා. ඒ මොහොතේ පස්සෙ. මට කිසිවක් මතක නැහැ. මට එදා සිහිය නැති වුණා.”
ප්‍රවෟත්ති ඡායාරූප ශිල්පී උට් ඇතුළු පිරිස ඇය සහ අනෙක් තුවාලකරුවන්ව සයිගොන්හි බාස්කි රෝහලටත අනතුරුව ෆින්ලන්ත රෝහලකටත් ගෙන ගොස් ඇත. මාස දහහතරක් පුරා සම බද්ධ කිරීම් ඇතුළු ශෛල්‍යකර්ම 17කට මුහුණ දීමෙන් පසුව අවසානයේ 1982 දී බටහිර ජර්මනියේ ලුඩ්විග්ෂාෆෙන් වෛද්යාගාරයේදී ප්ලාස්ටික් ශෛල්‍ය කර්මයකට මුහුණ දීමෙන් පසු ඇයට ඇවිදීමේ හැකියාව ලැබී තම රටට නැවත යාමට ලැබිනි.
වෛද්‍ය විද්‍යාව හදාරමින් ඇයව එයින් ඉවත් කරන ලද අතර වියට්නාමයේ නව කොමියුනිස්ට් රජයේ ප්රචාරක සංකේතයක් ලෙස ඇයව භාවිතා කරන ලදී. පැරණි පිළිස්සීම්වල නිරන්තර වේදනාව නිසා ඇය සියදිවි නසා ගැනීමටතීරණ කර තිබූ නමුත් 1982 දී ඇයට පුස්තකාලයකින් ලැබුනු නව ගිවිසුමක් කියවන්නට ලැබීමෙන් පසු කිතුනු ආගමට හැරුනි. ඇගේ ඇදහිල්ල නිසා වේදනාව දරාගැනීමට ඇය හුරු විය. 1986 දී කියුබාවේ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඇයට අවසර ලැබුණි. වියට්නාමයේ අගමැති ෆාම් වැන්ග් ඇගේ ආසන්නම මිතුරිය බවට පත්විය.
කියුබාවේදී ඇය තවත් වියට්නාම් ශිෂ්‍යයෙකු වූ පූක් ඇන්ඩ් ටෝන් සමග විවාහ වී මොස්කව් බලා පිටත් විය. ගමන අතර මගදී ඔවුන්ගේ ගුවන් යානය කැනඩාවේ නිව්ෆවුන්ලන්ඩ් හි ඉන්ධන පිරවීමට නැවත්වූ අතර ගුවන් යානයෙන් බැසගත් ඔවුන් කැනඩා රජයෙන් දේශපාලන රැකවරණ ඉල්ලීය. ඔවුන් දැන් කැනඩාවේ පුරවැසියන් ලෙස ටොරොන්ටෝ අසල ඔංටාරියෝහි අජැක්ස් ග්‍රාමයේ වාසය කරන දරු දෙදෙනෙක් සිටිති. ඇගේ වම් අතේ ඇති පිළිස්සුම් සළකුණු අඩු කිරීම සඳහා 2015 දීද ඇය ප්ලොරිඩාවේ මියාමිහි රෝහලකදී ලේසර් ප්‍රථිකාර වලට බඳුන් වූවාය.
නික් යූට්

1966 දී, ඉතා කුඩා අවධියේදී, යූට් වියට්නාමයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒපී) හා සම්බන්ධ විය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන හුයින් තන් මයි, ඒපී ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරමින් සිටියදී ඝාතනයට ලක් විය. සහෝදරයාගේ මරනයෙන් පසු ඒපී සඳහා වියට්නාම් යුද්ධයේ ඉතිරි කොටස ආවරණය කළේ යූට් විසිනි. පසුව ඔහු ටෝකියෝවේ ද සේවය කළ අතර 1977 දී ඔහු ලොස් ඇන්ජලීස් වෙත මාරු කරනු ලැබීය.

වියට්නාමයේ යුද්ධය ආවරණය කරමින් සිටියදී ඔහු බොහෝ අවස්ථාවලදී බරපතල අණතුරුදායක තත්වයන්ට මුහුණ දුන්නේය. 1970 දී ඇමරිකානුවන් සහ දකුණු වියට්නාමය කාම්බෝජය ආක්‍රමණය කළ විට තුන්වතාවක් ඔහුගේ බඩේ, වම් කකුලේ සහ පපුව තුවාල විය. 1972 ජුනි 8 වන දින ගත් ඉහත සඳහන් ඡායාරූපය වෟත්තීය ඡායාරූපය ජීවිතයේ විශිෂ්ඨතම ඡායාරූපය වුවත් ඔහුගේ ජීවිතයේ විශිෂ්ඨත්වය වනුයේ සිදුවීමෙන් අණතුරුව කැමරා පසෙක ලා දැරිය බේරා ගැනීම සඳහා ඔහු ගෙන දීර්ඝ කාළිණ අඛණ්ඩ උත්සාහයයි. දැරිය වියට්නාමයේ ප්රථාකාර ගන්නා කාල වලදි සතිපතා ඇයව බලන්න ගිය අතර ඔවුන් මුණ නොගැසුනද දසක ගණනාවක් පුරා සෑම සතියකම ඇය තවමත් ඔහුට දුරකථණ ඇමතුමක් දෙන්නීය.
මෙම රූපය 1973 දී ලෝක පුවත්පත් ඡායාරූප සම්මානය, පුලිට්සර් ත්‍යාගය, ජෝර්ජ් පොල්ක් අනුස්මරණ සම්මානය සහ විදේශීය පුවත්පත් සමාජ සම්මානය වැනි සෑම ප්‍රධාන ඡායාරූප සම්මානයක්ම දිනා ගත්තේය. 1993 දී නික් යූට හැනෝයි හි නව ඒපී කාර්යාලයක් විවෘත කරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී ඔහු සිය පැරණි සගයා වන සයිගොන් ජෝර්ජ් එස්පර් සමඟ වැඩ කළේය. යූට් දැන් එක්සත් ජනපද පුරවැසියෙකු වන අතර දැනට ලොස් ඇන්ජලීස් හි වාසය කරයි. ඔහු තවමත් ඒපී හි ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන අතර, ඔහු කැනඩාවේ වෙසෙන කිම් ෆුක් සමඟ තවමත් සම්බන්ධතා පවත්වත්වන්නේ මානව සබඳතා යනු ඡායාරූපයක් පමණක් නොවන බව ලෝකයාට පෙන්වමිනි.
අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි
Leave a Reply