
ශ්‍රී ලංකාවේ පලතුරු සහ එළවළු එක්සත් ජනපදයට අපනයනය කරන බව පෙන්වන පින්තූරයක් ෆේස්බුක් හි Goata’s Voice නමැති පිටුවේ පලකර එය විවිධ පෝස්ට් වල දහස් වාරයක් බෙදාහැර ඇත. ඕමානයේ අගනුවර වන මස්කට් වෙත අපනයනය කරන ලද පලතුරු හා එළවළු දැකිවෙ මෙම ඡායාරූපයෙන් හඟවන අදහස නොමග යවන සුළු බව ශ්‍රී ලංකා ගුවන් තොටුපල බලධාරීන්ගේ අදහසයි.
මෙම ඡායාරූපය 2020 අගෝස්තු 16 වන දින ෆේස්බුක් හි පළ කරන ලද අතර 3000 කට වඩා බෙදා ඇත. ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක් සහ මෑතකදී ශ්‍රී ලංකාවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා අපනයනය කරන ලද නිෂ්පාදන තොගයක ඡායාරූපයක් ය.
එහි මෙසේ සටහන් කර තිබුනි, “ ප්‍රථම දේශීය එළවළු සහ පලතුරු තොගය අද ඇමරිකාවට සාර්ථක ඇරඹුමක්! ජයවේවා!
සිංහල ශීර්ෂ පාඨයේද මෙසේ සඳහන් වේ: “සාර්ථක ආරම්භයක්! චියර්ස්! ”
අගෝස්තු 16 වන දින අපනයනය කරන මෙම භාණ්ඩ තොගය ඕමානයේ අගනුවර වන මස්කට් වෙත යවා ඇති බව මත්තල ප්‍රධාන ගුවන් තොටුපල කළමනාකරු උපාලි කලන්සූරිය සහ ගුවන් තොටුපල මෙහෙයුම් (භාණ්ඩ) සහකාර කළමනාකරු රවී ද සිල්වා ප්‍රංශ පුවත් සේවය වෙත පවසා ඇත.
“කිලෝග්‍රෑම් 3371 ක් බරැති ආහාර ද්‍රව්‍ය ඇකුලත් මෙම භාණ්ඩ තොගය 2020 අගෝස්තු 16 වන දින සලාම් එයාර්වේස් හරහා ඕමානයේ මස්කට් වෙත අපනයනය කරන ලදී” යැයි ද සිල්වා අගෝස්තු 18 දා දුරකථනයෙන් එම පුවත් සේවය වෙත පවසා ඇත.
එම ආහාර තොගය මස්කට වෙත ප්‍රවාහනය කිරීමට දින දහයකට පෙර දේශීය ඇඟලුම් තොගයක් එක්සත් ජනපදයට අපනයනය කළ බව ඔහු පැවසීය.
- ප්‍රංශ පුවත් සේවය ඇසුරෙනි.
Leave a Reply