
COVID-19 වසංගතය හේතුවෙන් මේ වසරේ ආසියානු කුසලාන තරඟාවලිය කල්තබා ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) අද නිවේදනය කලේය.
සත්කාරන රට වන පකිස්තානය විසින් ආරක්ෂක හේතුන් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟය, පසුව සත්කාරන අයිතිවාසිකම ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කරගැනීම මත ලබන සැප්තැම්බරයේදී ශීු ලංකාවේ පැවත්වීමට නියමිතව තිබුනි. කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය 2022 සංස්කරණය සඳහා සත්කාරකත්වය දරනු ඇත.
ලබන වසරේ ජුනි මාසයේදී ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සහභාගී වන විස්සයි විස්ස තරගය පැවැත්වීමට බලාපොරොත්තු වන බව ACC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ආරම්භයේ සිටම ACC ය තරඟාවලිය මුල් කාලසටහනට අනුව සංවිධානය කිරීමට උනන්දු විය. කෙසේ වෙතත්, සංචාරක සීමා කිරීම්, රට සඳහා විශේෂිත නිරෝධායන අවශ්‍යතා … ආසියා කුසලානය පැවැත්වීම සඳහා සැලකිය යුතු අභියෝගයන් එල්ල කර තිබේ.
“සියල්ලටම වඩා, සහභාගී වන ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය, වාණිජ හවුල්කරුවන්, රසිකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධ අවධානය වැදගත් යැයි සැලකේ.
Leave a Reply