
1987 දී අරන්තලාව සමූල ඝාතනයෙන් දිවි ගලවාගත් එක් හිමි නමක් වන අනදල්පත බුුද්ධසාර තෙර එම සමූල ඝාතනයට දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය නම් කරමින් විසින් මූලික අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පතක් අඟහරුවාදා (30) ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලදී.

1987 ජුනි මස 02 වන දින සිදු වූ මෙම ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්තවාදියෙකු තවමත් ජීවතුන් අතර සිටීනම් ඒ සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝගයක් ලබා දෙන ලෙස එම මූලික අයිතිවාසිකමි ඉල්ලුම් පත්‍රයෙන් ඉල්ලා සිටී.
පූජ්‍ය අන්දල්පත බුද්ධසාර තෙර එම ප්‍රහාරයේදී තමාට සිදුවූ තුවාල සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා සිටින අතර එම මූලික අයිතිවාසිකම් අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති, නීතිපති සහ රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයා නම් කරන ඇත.
දෙමළ ඊිළාම් විමුක්ති සංවිධානය විසින් එල්ලකල අරන්තලාව පුහාරයේදී 1987 ජුනි 2 වන දින තරැණ සහ ළමා භික්ෂූන් වහන්සේලා 33 ක් සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු සමූලඝාතනයට ලක් වූයේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ අම්පාරා දිස්ත්‍රික්කයේ අරන්තලාව ගම්මානය අසන්න කලෑවේදීය. එම නිසා එම ප්‍රහාරය අරන්තලා ප්‍රහාරය යනුවෙන් හැඳින්වේ.
තරුණ සහ ළමා බෞද්ධ භික්ෂූන් රැගෙන ඔවුන්ගේ උපදේශක පූජ්‍ය හේගොඩ ඉන්ද්‍රසාර තෙර ප්‍රධාන සහ සිවිල් වැසියන් කිහිප දෙනෙකු එදින උදෑසණ බස් රථයක කැළිණිය විහාරයට වන්දනාවේ යමින් සිටියදී නුවරතන්නේ ගම්මානය අසලදී එල් ටී ටී සාමාජිකයන් විසි දෙනෙකුගෙන් පමණ යුක්ත කණ්ඩායමක් විසින් නතර කරනු ලැබ ඇත. තියනු ආයුධ වලින් සහ තුවක්කු වලින් සන්නද්ධව සිටියායි කියන ඔවුන් බසයේ සිටි සියළු දෙනා සමග එය අරන්තලාව ආසන්න කැලෑවට බලෙන් ධාවනය කරවන ලදි. අනතුරුව ඔවුන් සියළු දෙනාවම වෙඩි තබා කපාකොටා දමා ඇත. එහිදී කුඩා සාමනේරවරුන් තිදෙනෙක් කැළයට දිව ගොස් දිවි බේරා ගත් අතර එයින් එක් අයෙකු වූ පැමිණිලකාර අනදල්පත බුුද්ධසාර තෙර එහි දී වූ තුවාල වලින් අබාධිත බවට පත් විය.

දැනට ජීවතුන් අතර සිටින ජේශ්ඨතම එල් ටී ටී සාමාජිකයා වන්නේ වර්තමාණ ජනාධිපති වරයාගේ සහ අගමැති වරයාගේ ප්‍රධාන ආධාර කරුවෙකු වන කරුණා අම්මාන්ය. ඔහු එල් ටී ටී සංවිධානයට බැඳුනේ ඉහත අරන්තලාව ප්‍රහාරයට වසර හතරකට පෙර එනම් 1983 දී වන අතර පසුව ඔහු ප්‍රහාරය සිදුවූ නැගෙනහිර පලාතේ එල් ටී ටී නායකයා බවට පත්විය. මේ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සිංහල බෞද්ධ ජනතාව උනන්දුවෙන් බලා සිටිනු නොඅනුමාණයි.
- – අනුරුද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply