
බොලිවුඩ් සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් මුම්බායිහි නනාවතී රෝහලෙන් ඉරිදා සවස නිදහස් කරනු ලැබුවේ කොරෝනා සඳහා සති තුනක ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවය.
ඔහුගේ පුත් සිනමා නළු අභිෂේක් බච්චන් තවමත් කොරෝනා වෛරසය නිසා තවමත් නනාවතී සුපර් ස්පෙෂල් රෝහලේ සිටිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම පියා කොරෝනා පරීක්ෂණයෙන් රිණ ප්‍රතිපල ලබා ඇති බවත් ඔහු නිවසේ විවේක ගන්නා බවත් සඳහන් කර ඇත. දෙදෙනාම රෝහල ගත කලේ ජූලි 11 වන දිනය.
අභිෂේක් බච්චන්ගේ බිරිඳ අයිශ්වර්යා රායි බච්චන් සහ ඔවුන්ගේ 8 හැවිරිදි දියණියද වෛරසය වැළඳී ඇති අතර ඔවුන් සුවය ලැබීමෙන් පසු පසුගිය සතියේ රෝහලෙන් පිටව ගොස් ඇත. අයිශ්වර්යා රායි බච්චන් බොලිවුඩයේ ජනප්‍රිය නිළියකි.
77 හැවිරිදි වැඩිමහල් බච්චන් පසුගිය දශක පහ තුළ ඉන්දියානු චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවක රඟපා තිබේ. ඔහු හිටපු දේශපාලනඥයෙක් සහ රූපවාහිනී සත්කාරකයෙකි.
බච්චන් බොහෝ විට බොලිවුඩයේ පළමු පවුල ලෙස හැඳින්වේ. අමිතාබ් බච්චන්ගේ බිරිඳ ජයා ද නිළියක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. ඇයට කොරෝනා වයිරසයට ගොදුරු වූවේ නැත.
Leave a Reply