
ඡායාරූපකරණය යනු විස්මිත කලා ආකෘතියක් වන අතර එය සිත්ගන්නා සුලු කථා, සිදුවීම්, වික්‍රමාන්විතයන්, ජීවිත කතා, අත්දැකීම්, ඉතිහාසය නිරූපණය කරන අතර මිනිස් ජීවිත හා චිත්තවේගයන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරමින් දීර් කාලයක් තිස්සේ පැවත එයි. ඡායාරූපකරණය මොහොත කැටි කර ජීවිත කාලය පුරාම සහ ඉන් ඔබ්බට ආදරයෙන් රැකබලා ගත හැකි සැබෑ ජීවිත සිදුවීම් වාර්තා කරයි. හොඳ ඡායාරූපයක් සෑදීම සඳහා, ඡායාරූප ශිල්පියාට පරිපූර්ණ ස්ථාන, ආලෝකය, විෂයයන් සොයා බලා එයට නිර්මාණශීලීත්වයක් එක් කළ යුතුය.
තනි රූපයක් වෙනුවට, කතන්දරයක් පැවසීම, නරඹන්නා තුළ හැඟීම් ගෙන ඒම සහ කතාවේ මාවත හරහා නරඹන්නා රැගෙන යාම / මෙහෙයවීම සඳහා රූප කට්ටලයක් හෝ එකතුවක් සෑම විටම වඩා බලවත් ය. එය ස්වයං ස්ථාවර, ස්වයං පැහැදිලි කිරීමක් වන අතර වෙනත් ආකාරයක ආඛ්‍යානයකට උදව් කිරීමට වෙනත් පුද්ගලයෙකු නොකරයි. මේ හැරුණු විට, ඡායාරූප රචනා මගින් සමාජයන්හි යටපත් කර ඇති ගැටළු සහ බොහෝ විට නොසලකා හරින ලද වෙනත් ගැටළු ගෙන ඒමට ප්‍රබල ප්‍රභවයක් විය හැකිය. ඔබේ ඡායාරූප රචනා අපට එවන්න මේ විද්‍යත් ලිපිණයට annuruddha@winddirectionlanka.com
ඔබ ඡායාරූප කලාවට බැඳියාවක් ඇති අයෙක්ද ? එසේම ඔබේ ඡායාරූප වෙනුවෙන් ඔබට යමක් පවසන්නට තිබේද ? නැතිනම් ඔබ ඔබේ ඡායාරූප නිසි ඇගයීමකට ලක් නොවේයයි කුකුසක් තිබේද? එසේනම් මේ පිටුව ඔබටයි.
පහත බලන්න. මෙහි ඇත්තේ කලකට පෙර ඔබ වැනිම වූ ඉහත ගැටළුු වලට මුහුන දුන් ඡයාරූප ශිල්පියෙකුගේ ආත්ම ප්රකාශණයයි.
“අනිත්‍ය”
ඡායාරූප සහ සටහන/ අනුරුද්ධ ලොකුහපුආරච්චි
උදෑසන හිරු උදාවත් සමග ගලන ආලෝකය ගස් අතු පතරින් ඇදී ඇවිත් පත්‍ර මත පතිතව, ඒ මත වර්ණවත් සිත් ඇදගන්නා සුළු රසයක් මගේ සිතේ ඇති කරවයි. ලෝකයේ බටහිර පසට වන හිරු එළිය සැමදාමත් දීප්තිමත් නොවන මුත් අඳුරු සීතල අවධියක අවසානයේදී ගෙන එන උණසුමත් නාට්‍යමය සෙවනැලිත් මගේ සිතට අපූර්ව සිතිවිලි ගෙනෙයි. එංගලන්තයට සංක්‍රමණය වීමෙන් පසුව, අත්විඳීමට හුරු වූ මෙි පරිසරයේ ස්වාභාවික සංක්‍රාන්ති මව් බිමෙන් වෙන් වීමෙි චිත්ත පීඩාව සමහන් කිරීමට මට බෙහෙවින් ඉවහල් විය. වසර පුරා වන සෟතු වෙනස විසින් මව්බිමේ සෞන්දර්යට වෙනස් වූ සොබා සෞන්දර්යක රසය විඳින්නට පසුගිය කාලය පුරා හුරු වුනෙමි.
සරත් සෟතුව වසරේ වඩාත්ම මගෙ සිත් ඇදගන්නා කාලයයි. හිරු පිරි දිනයක ගම් බද කුඩා අඩිපාරක ගස් අතරින් ඇවිදයාම මගේ හදවත සුබවාදී හැඟීම් වලින් පිරී යන්නකි. ඔක්තෝබර් අග වන විට, ගස්වල වර්ණය වෙනස් වන්නට පටන් ගන්නේ හරියට චිත්‍ර ශිල්පියකු තැවරූ පාට පාට තීන්ත යමෙකු විසින් සොරකම් කරනවාක් මෙනි. ගස් වල කහ පාට තැඹිලි පාට වුන කොළ මද සුළගේ කැළඹෙන්නේ දැරියකගේ අකීකරු කොණඩයක් මෙනි. සුළඟට අතුවලිනි ගිලිහෙන කහ ඒ පාට පාට කොල පාරවල් පුරා සුළඟ සමග කැරකෙන්නෙ බැලේ නැටමක නාටිකාංඟනාවන් මෙනි. ඒ අතර වැටෙන මද වැස්සත් එක්ක එක් තැන් වෙන මේ කොළ දුඹුරු පැහැයට හැරෙන්නෙ අවසාන වශයෙනුත් වැටෙන හිරු එළිය තම තෙතමනේ දිළිසෙමින .
මේ සෞන්දර්යය අප හැමෝගෙම මනස සංවේදීකරවයි. නමුත් කවියෙකුට, චිත්‍ර ශිල්පියෙකුට හෝ ඡායාරූප ශිල්පියෙකුට පමණකි එය රඳවාගෙන වෙනත් පුද්ගලයෙකු වෙත ගෙන යා හැකි වන්නේ.
සරත් සෟතුව අවසානයේ ගසට ඉතිරිවන්නේ හිස් අතු ඉති පමණකි. ඒ අප කුඩා කල ඉගෙන ගත් සත්‍යයේ ස්වභාවයයි. මේ දර්ශණය විසින් මට ගෞතම බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා “දුන් සියල්ල වෙනස් වන සුළුය” යන සධාතනික සත්‍ය සිහිපත් කරනු ලැබීය. චතුරාර්ය සත්‍ය දේශණා කල බුදුන් ධම්මකනපාවතන සූත්‍රය හරහා අනිත්‍යතාවය අපට අවබෝධ කරවීමට උත්සාහ කළේය. ඒ අනුව විචල්‍යතාවය යනු ස්වභාවධර්මයේ නියාමයකි. අපත් අප අවට ලෝකයත් වෙනස් නොවන දේ නොවන අතර කිසිවක් ස්ථිතික නොවේ.
මෙහි පලවන ඡායාරූප වල නිමිත්ත මේ ඉහත සංකල්පයන් විසින් පෝෂණය කරනු ලැබූවකි. ඇසින් දුටු රූප මගේ සිතේ ඇති කල කම්පණය ඒ ආකාරයෙන්ම රූපයට නගා ඉදිරිපත් කරන්නේ සංකල්පය පොදු අනභූතියක් වීම සඳහාය. ආකෘති සහ වර්ණ පිළිබඳ මගේ ඡායාරූප ඉදිරිපත් කරනු ලබන්නේ සෞන්දර්යය මත පමණක් පිහිටා නොවන බව එවිට ඔබ වටහා ගනු ඇත.
Very happy about this.