
ලිංගික අකාර්ශණය ඕනම සත්ව කොට්ඨාශයකට අයත් ජීව විද්‍යාත්මක ක්‍රියවක ප්රථිපලයකි. මානව ධර්මතා නියමයන්ට අමතරව සමාජ සංස්කෟතික නියමයන් විසින් ලිංගිකත්වයේ ක්රියාකාරිත්වයන්ට සීමා පනවනු ලැබ ඇත. ඒ සීමාවන් මිනිසා සහ සත්වයින් අතර පැහැදිලි වෙනස් කම් ඇති කලත් ලිංගික ක්‍රියාකාරකම් හැම සත්වයෙකුගේම පොදු අවශ්‍යතාවයක් බව බැහැර කල නොහැක.
පසුගිය කාලයේ ළිංගික අධ්‍යාපණය පිළිබඳ විවාදයක් ඇති වී නැතිව ගිය නමුත් ආගමික අධිපතිවාදය විසින් මෙහෙයවනු ලබන සිවිල් සමාජයක් සහ ඒ මත යැපෙන රාජ්‍ය බලයක් ඇති ලංකාව වැනි රටක ළිංගික අධ්‍යාපණය පිළිබඳ සාධනාත්මක පියවර ගැනීමට තව කාළයක් ගතවන බව නොඅනුමානයි. මේ සමාජ සංස්කෟතික වැට කඩුළු මැද වුවද 2017 දී පෝන් හබ් නම් වූ ළිංගික වෙබ් අඩවිය නිකුත් කල තාක්ෂණික වාර්ථාවක් විසින් ලාංකීය සංස්කෟතියේ ඇති ගුඨත්වයේ නිරුවත පෙන්නුම් කලේය. එහි ඡායාරූපයක් මේ සමග පලකර ඇත.

ඒ කෙසේ වෙතත් මගේ අවධානය යොමු වන්නේ දැනට ලෝකයේ සාර්ථකම රාජ්‍ය නායිකාව සිටින නවසීලන්තය විසින් කාමුක වෙබ් අඩවි වලට පිවිසෙන තම දරුවන් එයින් වැළක්වීමට ගත් ඉතා ප්‍රායෝගික උපක්‍රමයක් පිළිබඳව ජාත්‍යන්තර ජනමාධ්‍යයේ අවධානය යොමුව ඇත.“
සුදු පැහැති ලී වලින් තැනූ නිවසක ගේට්ටුව ඇතුලෙන් දොර දෙසට යන නිරුවත් යුවළකි. පරිපූර්ණ දේහයකින් යුත් පිරිමියා සහ රූමත් කාන්තාව සුප්‍රකට වැඩිහිටියන් සඳහා වන කාමුක දර්ශණ වල රඟපාන අය වේ. නෑමෙන් පසු අඳින සුදු ඇඳුමක් හැඳ වැඩිවියේ කාන්තාවක් තේ කොප්පයක් අතැතිව දොර විවෟත කරයි.( නවසීලන්ත විකට නිළියක වන ජස්ටින් ස්මිත්) . සූ සහ ඩෙරික් තමන්ව හඳුන්වාදෙන මෙම යුවල ඔවුන් පැමිණියේ ඇයගේ පුතා වෙනුවෙන් බවත් ඔහු නිතරම අන්තර් ජාලය හරහා අපව බලන බවත් ඒ සඳහා ඔහු පරිගනකය, ජංගම දුරකථණය සහ ඔහුගේ ප්ලේ ස්ටේෂන් එක පාවිච්චි කරන බවත් පුදුමයට පත්ව සිටින මවට පවසයි.
මව නිවස තුල සිටින තම පුතු මැට්’ ට කතා කරයි. යුවළ පුදුමයට පත්ව සිටින මව සැන්ඩ්‍රට සූ කියනව “අපි සාමාන්‍යයෙන් වැඩිහිටියන් වෙනුවෙන් රඟපානව, නමුත් ඔබේ පුතා ළමයෙක් පමණයි ඔහු ඇත්ත වශයෙන්ම සබඳතා ක්‍රියාත්මක වන්නේ කෙසේද නොදන්නවා විය හැකිය. අප කැමැත්ත ගැන කතා කරන්නෙවත් නැහැ එහෙම නේද? අප එක එල්ලේම ඒ වෙත යමු”” මම සැබෑ ජීවිතයේ කවදාවත් එහෙම ක්‍රියා කරන්නේ නැහැ” ඩෙරික් කියනව.නිවස තුල සිට එන මැට් ගේ එක අතක සීරියල් කෝප්පයකුත් අනිත් අතේ ලැප් ටොප් එකක්ය. දොරකොඩ සිටින අමුත්තන් යුවළ මැට් ට අත වනන අතර ඔහුගේ අතකින් සීරියල් කෝප්පය බිම වැටේ. “හරි මැට්, ඔබ අන්තර්ජාලයේ දකින දේ සහ සබෑ ජීවිතයේ සම්න්ධතා පිළිබඳව කතා කරන්නට කාලය පැමිණ තිබේ, විනිශ්චය කිරීමක් නොව.” අම්මා හිතින් තීරණය කරනව.
මෙම දැන්වීම අන්තර්ජාලයේ හිරිහැර කිරීම්, නසුදුසු දේ ප්‍රචාරය සහ ළිංගික පෙළඹවීම් වලට එරෙහි නවසීලන්ත රජයේ ප්‍රචාරණ ව්‍යාපාරය වන “Keep it Real Online” කොටසකි. දැන්වීමේ නිර්මාණකරු මෝෂන් සික්නස් නිර්මාණාත්මක නිශ්පාදන ආයතනයේ හිලරි නගන් පවසන්නේ මෙම දැන්වීම දැනටමත් ජනප්‍රිය වී ඇති බවයි.” සෑම අවස්ථාවකම, අපගේ දෙමව්පියන් ඔවුන්ගේ නරකම අන්තර්ජාල සිහිනයට ඔවුන්ගේ දොරකඩ සිට මුහුණ දී තිබෙනව. වඩා වැදගත් දේ , සාමකාමීව සන්සුන් සහගතව එයට මුහුණ දීමයි.”” සබෑ ජීවිතයේ කුසළතා විවෟත සංනිවේදන තුල හිසරදයක් වන ආකාරයට බාවිතා කිරීම ඩිජිටල් තාක්ෂණයේ ඇති ගැටළුය.”” මෙම ගැටළුව ගැන කටයුතු කරන විට දෙමාපියන්ට ආත්ම විශ්වාසයක් තිබිය යුතුය, දවස අවසානයේ ඔවුන් දරුවාගේ හොඳම ආරක්ෂකයාය.”හිලරි නගන පවසන්නේ මෙම දැන්වීම සාර්ථක වූවේ එහි ඇති හාස්‍ය ස්වරූපයත් සමග බවයි.” නවසීලන්තයන් වන අප දුෂ්කර විෂයන් පිළිබඳ කතා කිරීමේදී හාස්‍ය බාවිතා කිරීම උපකාර කර ගන්නෙමු“Keep it online real වෙබ් අඩවිය සංවේදී කරුණු පිළිබඳ තම දරුවන් සමග සාකාච්ඡාවට ප්රවිශ්ඨ වන්නේ කෙසේද යන්න වැනි නොයෙකුත් කරුණු පිළිබඳ දෙමාපියන්ට උපදෙස් සහ තොරතුරු සපයයි.
Leave a Reply